"ඔයාට හොඳටම ශුවර්ද ජාන් මේ තීරණේ ගැන...මට ප්‍රශ්නයක් නෑ ජාන්...මට මේ දරුවා හදන් තනියෙන් ජිවත්වුනැකි...ඔයා දන්නවා මන් ශක්තිමත් කෙනෙක් කියල..ඔයා විශ්වාසද මේක ගැන...."
හොංකොන් වල එයාපෝට් එකෙන් එලියට ඇවිත් ටැක්සියක් එනකම් පාර අයිනෙ බෑග් ටිකත් එල්ලන් හිටපු මගෙන් ඇහුවේ ආරි...."ඔව්...සීයට සීයක්...උඹ ඉඳපන්කෝ..."
එහෙම කියපු මන් ඒත් එක්කම පාරේ ගියපු ටැක්සියක් නවත්තගන ලගේජ් ටික පිටිපස්සට දාලා ආරිටත් නගින්න කියන ගමන් නැග්ගේ හිතේ දහසක් ප්‍රශ්න වලින් ඔලුව විකාර වෙද්දි...
.
.
.
.
"හෙලෝ යීබෝ.....ම්ම් ඕ..දැන් හොටෙල් එකට ආවේ....ආහ් හරි....නෑ නෑ අමාරුවක් නෑ....ඔව් වදේ බීවා...තමුසේ මගේ මිනිහා වගේනෙ ඕයි....එව් එව් තමා....නෑ ආරි එහා රූම් එකේ....හරි හලෝ පරිස්සම් වෙන්නම්.......ම්ම්හ්.....ඒක නෙවෙයි යීබෝ ඇයි මන් ගැන මෙච්චර හොයන්නෙකවදාවත් නැතුව ම්ම්...."
දවල් එකට විතර හොටෙල් එකකට ආපු අපි රූම් දෙකක් බුක් කරගත්තා වගේම මහන්සි අරින්න කියලා රූම් එකට ඇවිත් දොරවත් වහගන්න හම්බුනෙ නෑ යීබෝ කෝල් ගත්තා....කෝල් එක ගත්ත වෙලාවෙ ඉඳන් පරිස්සමෙන් ගියාද....ඇඟට අමාරුද...බෙහෙත් බීවද...කෑවද බඩගිනිද...අනේ මන්දා අහපු නැති ප්‍රශ්නයක් නෑ...ඒත් එක්කම මගෙ හිතට නැගුනු ප්‍රශ්නයක් නිසා මන් අහපු දේත් එක්ක එහා පසින් ගොලු වෙද්දි මන් හුස්මක් පිට කරලා එයාට නොපෙනුනත් මවාගත්ත හිනාවකින් කතා කලා...
"විහිලුවක් ඕයි....යාලුවෝ.වුනාම.එහෙමනේ නේ...මේ ඒක නෙවේ යීබෝ..ඔයාට තෑන්ක්ස් ආ මගෙ පේෂන්ට්ලා ටිකත් භාරගත්තාට...මේ වෙලාවේ මට ඒක ලොකු උදව්වක්.."
YOU ARE READING
Hidden Love ღ
Fanfictionමේ ලෝකෙ ලස්සනම ආදර කතා තියෙන්නෙ... ඒකපාර්ශවීක ආදර කතා වලට ❤️