|21|

1.1K 279 73
                                    

තමන්ගේ පෝන් එකට ආපු මැසේජ් එක කියවපු ජන්කුක් යන්තම් හිනා වෙලා පෝන් එක සාක්කුවට දා ගත්ත.. මොන වැඩේ තිබ්බත් ටේහ්‍යොන්ග්ට ජන්කුක්ට කන්න කියන්න අමතක උනේ නෑ......

.

.


.


.

"මොකද තමුසේ ඇඹරෙන්නේ..."

ටේහ්‍යොන්ග් ඇහුවේ රෙස්ටොරන් එක ඇතුලට ඇවිත් ටේබල් තියන පැත්ත යනකොට අමුතු විදියට ඉන්න නුවීගෙන්..

"අ..අරයා ඇවිත්..."

"අරයා.. කවුද අරයා.. බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..."

ටේහ්‍යොන්ග් ඇහි බැමකුත් උස්සලා නුවී දිහා බලලා ඇහුවත් නුවී ඉස්සරහ බලන් ඉන්න හින්දා ටේහ්‍යොනුත් ඒ පැත්ත බැලුවා...

"ජන්කුක්... මොකද මෙතන..."

ටේහ්‍යොන්ග් තමන්ගේ පෝන් එක අරන් මැසේජ් එක සීන් කරලද කියලා බැලුවා.. මැසේජ් එක සීන් කරලා...

"ඔප්පා අදුරනවද... එදාට පස්සේ..."

නුවී ඇස් දෙකත් ලොකු කරන් ඇහුවම ටේහ්‍යොන්ග් උගුර පාදලා රවලා බැලුවා..

"ක්හ්ම්... එයා මගේ යාලුවෙක්..තමුසේ මොකද එහෙම අහන්නේ..."

"නෑ .. නෑ නිකන් ඉතින්..."

"නිකන්..නිකන්නම් කමක් නෑ...කොහෙන් හරි වාඩි වෙනවා මම ගිහින් ජන්කුක් එක්ක කතා කරලා එන්නම්..."

එහෙම කියලා ටේහ්‍යොන්ග් ජන්කුක් ගාවට ඇවිදන් ගියා... වෙනදට උඩට කරලා බදින කොන්ඩේ අද කඩලා දාලා පැත්තට දාලා හිටපු හින්දා ජන්කුක්ව ගොඩාක් කියුට් විදියට ටේහ්‍යොන්ග් දැක්කා...

"ජන්කුක්... ලන්ච් එකට ආවාද..."

ජන්කුක්ගේ උරහිසෙන් අත තියලා ටේහ්‍යොන්ග් කතා කරාම, ඈත බලන් හිටපු ජන්කුක් ගැස්සිලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා..

"ඔහ්..ඔයා..."

යන්තම් පුටුවෙන් නැගිට්ටුන ජන්කුක්ව ටේහ්‍යොන්ග් ආයෙත් ඉන්දෙව්වා..ඉන්දවලා ජන්කුක්ගේ එහා පැත්තෙන් වාඩි උන ටේහ්‍යොන්ග් ජන්කුක් කතා කරනකම් බලන් හිටියා.. අද ටේහ්‍යොන්ගේ තියන පෙනුමට ටේහ්‍යොන්ගේ මූන පුරා ඇස් යවන ගමන් ජන්කුක් ටිකක් කාර්යබහුලව හිටියා...

• 𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔... •ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now