|14|

1.1K 257 22
                                    

"ආයිශ්.. මේ මනුස්සයා කොහේ ගිහින්ද..."

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ගෙදර ඉස්සරහ දැන් තුන් වෙනි පාරටත් හෝන් කරත් ගෙදර කවුරුත් ඉන්න බවක් පෙනුන් නැති හින්දා බැහැලා ගේට්ටුවට ගැහුවා... ඉස්සරහ පොඩි ගේට් එක නිකන්ම ඇරුන හින්දා ඇතුලට ගියත් ජන්කුක්ගේ බයික් එක බාගෙට ඇරුන ගරාජ් දොරෙන් පේන්න තිබ්බ හින්දා ටේහ්‍යොන්ග් ගිහින් ගෙදර දොරට ගැහුවා...

ගෙදර දොර ලොක් කරලා තිබ්බ හින්දා ජන්කුක් ගෙදර නෑ කියලා තේරුන ටේහ්‍යොන්ග් ආයෙත් ගේට් එක වහන්ම ඇවිත් වාහනේට නැග්ගේ ජන්කුක්ගේ නම්බර් එක ඉල්ලගත්තේ නැති එකට හිතින් බනින ගමන්... ජන්කුක්ව හොයාගන්නේ කොහෙන්ද කියලා අදහසක් තිබ්බේ නැති හින්දා එහෙමම වාහනේ ඩ්‍රයිව් කරන් ක්ලබ් එකට ආවේ නිකන්මයි... තාම ගෙදරටවත් නොගිහින් හිටපු හින්ද ටේහ්‍යොන්ග්ට වෙහෙස බවක් දැනුනත් සෝෆා එකෙන් වාඩි වෙලා ඇල්කොහොල් ග්ලාස් එකක් තොලගාන්න ගත්තේ මොකක්දෝ නොතේරෙන ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන....

"ඔහ්..ජිමින්...."

බාර් එක ගාව හිටගෙන ඇතුලේ හිටපු බාර් ටෙන්ඩර් එක්ක කතා කර කර හිටපු ජිමින් ගාවට ටේහ්‍යොන්ග් වැනි වැනී වගේ ඇවිදගෙන ගිහින් ජිමින්ගේ උරහිසෙන් අත තිබ්බම ජිමින් ගැස්සිලා පිටිපස්ස හැරුනා...

"ටේහ්‍යොන්ග්.. මොකද මේ..."

කවුන්ටර් එකට අත තියලා කෙලින් ඉන්න උත්සහ කරන ටේහ්‍යොන්ග් දිහා බලන් ජිමින් ඇහුවේ හවස් වරුවේ ටේහ්‍යොන්ග්ව දැක්කම පුදුම වෙමින්...

"සර්... මෙන්න කෑම... තාම ඩිනර් ටයිම් නැති හින්දා මෙච්චරයි..."

ජිමින් ගාවට දුවගෙන ඇවිත් ප්ලාස්ටික් බෑග් එකක් ජිමින්ගේ අතට දීලා අචාර කරන ගමන් සේවකයෙක් කීවම ජිමින් ඒ ටික අතට ගත්තා...

"ජ..ජන්කුක් කොහෙද... මන් එයාගෙ ගෙදරත් ගියා..."

ටේහ්‍යොන්ග් ඇහුවම ජිමින් කෑම එක දිහත් බලලා ටේහ්‍යොන්ග් දිහා බැලුවේ ඇස් හීනි කරලා...

"ඔයා මොකටද ජන්කුක්ව හොයන්නේ...?"

"ඇයි මම ජන්කුක්ව හොයන්න ඕනෙ නැත්තේ....?"

• 𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔... • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now