|31|

1.1K 253 86
                                    

"කොහෙද මේ මගේ බේබි බෝයි පැනලා දුවන්නේ..."

පපුවේ දඩස් ගාලා වැදුන ජන්කුක්ව අත් දෙකෙන්ම තදින් අල්ලගන්න ගමන් ජියෝන් ජන්කුක්ගේ මූනට එබුනාම ජන්කුක් තමන්ගේ කකුල උස්සලා ජියෝන්ගේ දණිස්සට ගැහුවේ ජියෝන් එක පාරට බිමට නැමෙනකොට...ජියෝන්ගේ අත් ලිහිල් වෙනකොට ජියෝන්ව තල්ලු කරපු ජන්කුක් එතන කොරිඩෝ එකෙන් එලියට ඇරුන දීප්තිමත් එලිය තියන තවත් කොරිඩෝ එක්කට ආවා..

"අන්න අරූව අල්ලගනිල්ලා..."

ජියෝන් තමන්ගේ දණහිස අල්ලන් බිම ඉදන් කෑ ගහලා කියනකොටත් දෙන්නෙක් ජන්කුක්ගේ පස්සෙන් දුවන් ගිහින් ඉවරයි..

ජන්කුක් මේ කොහෙද කියලාවත් හරියට දැනන් හිටපු නැති හින්දා ජන්කුක් කොරිඩෝ එක දිගේම දුවන් ගියත් ජන්කුක්ට හම්බුනේ බිත්තියක් විතරයි, බිත්තිය ඉස්සරහා නතර වෙලා හැරිලා බලපු ජන්කුක් දැක්කේ තමන් ගාවට දුවන් එන මිනිස්සු දෙන්නව... ජන්කුක් ආයෙත් දුවලා යන්න හැදුවත් මිනිස්සු දෙන්නගේ දැඩි ග්‍රහණයත් එක්ක ජන්කුක් ආයෙත් හිර උනා...

"එහෙම ලේසියෙන් යන්න දෙන්න තරම් මන් මෝඩයි කියලා හිතුවද උබ ආහ්..."

දොරෙන් එලියට ඇවිත් කොර ගහ ගහ ජන්කුක් ගාවට ඇවිදගෙන එන ගමන් කට කොනින් හිනා වෙලා ජියෝන් කීවාම ජන්කුක් කේන්තියෙන් ජියෝන් දිහා බලන් හිටියා...

"අරන් පලයන් උඩ කාමරේට, මන් එනකන් අත් දෙක බැදලා තියනවා..."

ජන්කුක්ගේ කනට එකක් ගහලා ජියෝන් මිනිස්සු දෙන්නට කීවම එහා පැත්තේ තිබ්බ දොරෙන් එලිවේටර් එකට ජන්කුක්ව උස්සලා දාගෙන ජන්කුක්ව උඩට අරන් ගියා...

ටික්කින් ජන්කුක් හිටියේ සුඛෝපබෝගී කියන්න පුලුවන් රෙස්ට් රූම් එක්ක සෝෆා එකේ අත් දෙක බැදලා දාලා... ජන්කුක් උඩට කරල තිබ්බ තමන්ගේ අත් දෙක ඇදලා ගලවගන්න උපරිම උත්සහයක් ගත්තත් සෝෆා එක උඩින් තිබුනු මේසේ කකුලකට ජන්කුක්ගේ අත් දෙක ගැට ගහලා තිබුනු හින්දා බැරි උනා... ජන්කුක් එහෙමම සෝෆා එකට ඔලුව තියාගත්තේ ආයෙත් පාරක් තමන් අසාර්තක උන එකට දැනුනු තරහත් එක්කමයි...

• 𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔... • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now