|15|

1.1K 270 59
                                    

තමන්ට ගොඩාක් ලන් වෙලා ටේහ්‍යොන්ග් පැද්දෙන විදියටම පැද්දෙන ජන්කුක් දිහා ටේහ්‍යොන්ග් ගොඩාක් ආදරෙන් බලන් හිටියා.. ජන්කුක්ගේ හිස් මුදුනින් එන සුවද ටේහ්‍යොන්ග් හිතේ හැටියට විදගත්තා... කලින් කොහොම උනත් දැන් නම් ජන්කුක් ටේහ්‍යොන්ගේ හිත මොන විදියෙන් හරි හොල්ලලා තිබ්බා... කොහෙ හිටියත් මොන තරම් අය මැද උනත් තමන්ගේ අවදානය යොමු වෙන, තමන්ගෙ හිත ඇදිලා යන තරම් ටේහ්‍යොන්ගේ හිත ජන්කුක් හොල්ලලා තිබ්බා...

"මට තමයි ඔක්කොම පාට්... අර මනුස්සයා ඇල්ලුවම තල්ලු කරගන්න බෑ..."

ජන්කුක්ට ඇහෙන විදියට ටේහ්‍යොන්ග් කීවම සිහියක් නෑ වගේ ටේහ්‍යොන්ග් ගාවට ලන් වෙලා හිටපු ජන්කුක් ටේහ්‍යොන්ගෙන් ඈත් වෙන්න හැදුවා...

"ශ්..ශ්.. කමක් නෑ දැන් මෙහෙම ඉන්න..."

ජන්කුක්ට එහාට යන්න නොදී අල්ලගෙන ටේහ්‍යොන්ග් මිමිනුවාම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහා ඔලුව උස්සලාවත් බලන් නැතුව හිටියා...

ජන්කුක් ඇයි මෙතන ඉන්නේ කියලා අහන්න ටේහ්‍යොන්ග්ට කොච්චර උවමනා උනත් ටේහ්‍යොන්ග් ඒක අහන්න ගියේ නැත්තේ ජන්කුක්ගේ හිත අවුල් වෙයි කියලා...

කලු පාට කෝට් එක යටින් තිබුන කලු පාට ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇරිලා ජන්කුක්ගේ කිරි සුදු පාට කොලර් බෝන්ස් කැපිලා ගොඩාක් ලස්සනට ටේහ්‍යොන්ග්ට පෙනුනා... ඊට එහායින් යන්තම් පෙනුනු ප්ලාස්ටර් කෑල්ල නම් ටේහ්‍යොන්ග් දැක්කේ නෑ... ඒත් කොහෙන් බැලුවත් ජන්කුක් කියන්නේ ගොඩාක් පර්ෆෙක්ට් කෙනෙක් විදියට ටේහ්‍යොන්ග්ට දැනුනා... නිකමටවත් තමන්ට ලන් වෙන් නැති ජන්කුක් අද මෙච්චර තමන්ට ලන් වෙලා ඉන්න එකත් ටේහ්‍යොන්ග්ට ලොකු සතුටක් උනා...

.

.

.

.

.

"ඔහොම මං දිහා බලන්න එපා..."

යුන්ගි අහක බලාගෙන මිමිනුවේ තමන්ගේ අත් අතර පැද්දෙන ජිමින්ට...කොහෙන් හරි දෙන්නට කපල් මාස්ක් දෙකම හම්බෙලා ඩාන්ස් කරන්න උනා..

"මම.. මම මොකටද තමුන් දිහා බලන්නේ..."

යුන්ගිට රවලා අහක බලාගන්න ගමන් ජිමින් ඇහුවේ යුන්ගිව අදුරගන් නැතුව... නමක් විස්තරයක් දන් නැති උනත් ටේහ්‍යොන්ග් එක්ක හැමදාම ගැලරි එකට ආපු යුන්ගිව ජිමින් හොදට දන්නවා වගේම ඒ ගැන හිතේ තියාගෙනත් හිටියා..

• 𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔... • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 |ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now