Chapter 3

637 137 172
                                    

Comment goal 100

සුදු අලෝකය...

ටේහියුන්ග් දැනගෙන හිටියෙ නැහැ ඔහු වටා පෙනෙන සුදු අලෝකය පිරුනු කාමරයට ඔහු කොයිවෙලේද ආවෙ කියලා..
මොහොතකට කලින් වතුර යට හුස්ම හිරවෙමින් හිටිය ටේහියුන්ග් ගෙවුන ඊලග මොහොතේ සුදු පැහැති ආලෝකය පිරුනු කාමරයක් තුල බිම වැතිරිලා හිටියා...


චකිතය....බිය....පුදුමය...පිරුනු ටේහියුන්ග් ගෙ ඇස් කාමරය පුරාම ඒ අතට මේ අතට ගමන් කලත් ඔහු මේ ඉන්නෙ කොහෙද කියලා අදුනගන්න දැනීමක් ටේහියුන්ග් ලග තිබුනෙ නැහැ..

කිහිපවතාවක්ම දෙපා වලට වාරු ගනිමින් නැගිටගන්න උත්සහ කලත් ඒ හැමවතාවකම ටේහියුන්ග් ට දැනුනෙ හිස් බවක්..
ඒක අමුතු හැගීමක්..හරියට ටේහියුන්ග් ගෙ ශරීරය ඔහු ලග නැහැ වගේ...




ඒත් ඇසි පිය ගහලා ගතවෙන ඊලග තත්පරයෙ ටේහියුන්ග් හිටියෙ සුදු පාට කාමරයෙ කෙලවරක් සොයමින් දුවමින්..
ඒක සිද්ද වෙන්නෙ කොහොමද කියලා ටේහියුන්ග්ට නොතේරුනත් ඔහුගෙ මනස බයෙන් පිරිලා ගිහින් තිබුනත් ටේහියුන්ග් ඉබේටම වේගයෙන් ඈතට දුවනවා..

මේ සිද්ද වෙන හැමදෙයක්ම ටේහියුන්ග් වටා සිද්ද වුනත් ඔහු මේ දැන් මේ වෙලාවෙ ඒ දේවල් කලත් ටේහියුන්ග් ට හිතුනෙ  ඔහු කොහේ හෝ ඉදන් මේ දිහා බලන් ඉන්නවා වගේ හැගීමක්.. හරියට ඔහු මේ දේවල් කරන්නෙ නැහැ ඔහු මේ දිහා බලන් ඉන්නවා කියලා නමුත් ටේහියුන්ග් ඔහු දිහා බලද්දි ඔහු ඒ දේ කරනවා..ඔහු තවමත් දුවනවා...

දුවමින් ඉන්න ටේහියුන්ග්ට මොහොතකින් දැනෙන්නෙ අමුත්තක්...එය තෙතමනයක්....

කලවා වලින් පහලට දෙපා දිගේ ගලන් යන දියරයක තෙතමනයක්...


ටේහියුන්ගෙ දෙපා වල වේගය ටිකෙන් ටික අඩු වෙද්දි. මොහොතකට කලින් දුවමින් හිටිය ටේහියුන්ග් දැන් ඉන්නෙ කාමරය තුල බිම ගුලි වෙලා..ඒක වුනේ කොහොමද කියන්නත් ටේහියුන්ග් ට දැනීමක් තිබුනෙ නැහැ..ඇසි පිය ගහන ගහන සැරේට ටේහියුන්ග්ටත් හිතාගන්න බැරි විදියකට ඔහු ඉන්න ඉරියවු වෙනස් වෙනවා...

ටේහියුන්ග්වත් දැනගෙන හිටියෙ නැහැ..ඔහු කොයිමොහොතෙ බිමට වැටුනද..මේ ඉරියවුවෙන් පොලවට ගුලි වුනාද කියලා.

MommyWhere stories live. Discover now