Chapter 5

660 118 134
                                    

Comment goal 100

හොස්පිට්ල් එකෙන් කෙලින්ම නිවස බලා පිටත් වුන ක්‍රිස්ටිනා නිවසට ඇතුලු වුන ගමන් ඇවිදන් ගියේ ගබඩා කාමරේට..
ජන්කුක්ගෙ වචන ඇයව ගොඩක් රිද්දුවා..කලුවරේම අත පත ගාලා වයින් බෝතලයක් අතට ගත්ත ක්‍රිස්ටිනා කෑම කාමරයෙ විතරක් ලයිට් දාලා කෑම මේසෙන් ඉදගත්තා..
වයින් වීදුරුවකට වයින් පුරවගත්ත ක්‍රිස්ටිනා එක උගුරට වයින් වීදුරුවම හිස් කලේ ඇස් වලින් පිටවෙන තරහ කදුලු වේගයෙන් අතින් පිහදාමින්..

වයින් වීදුරුවකට වයින් පුරවගත්ත ක්‍රිස්ටිනා  එක උගුරට වයින් වීදුරුවම හිස් කලේ ඇස් වලින් පිටවෙන තරහ කදුලු වේගයෙන් අතින් පිහදාමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ක්‍රිස්ටිනා නිවසින් පිටවෙන්න කලින් මේසය මත තියලා ගියපු ජන්කුක්ගෙත් රෙබේකගෙත් කුඩා කාලගෙ ඡායාරෑප ඇල්බම් එක තවමත් මේසය මත..දෙවෙනි වයින් වීදුරුව තොල ගාමින් හිටිය ක්‍රිස්ටිනාගෙ ඇස් ඒ වෙතට යොමු වෙද්දි ඇගෙ ඇස් වලින් ආයෙමත් පහලට කදුලු කඩන් වැටුනා..
පින්තූර ඇල්බමය හෙමින් දිගෑරපු ක්‍රිස්ටිනා පලවෙනිම පිටුවෙ තියන ඇගෙ කුඩා පැටවු දෙන්නගෙ පින්තූරය වෙවුලන ඇගිලි වලින් පිරිමැද්දා..

ක්‍රිස්ටිනා කොයිතරම් නපුරු ගැහැනියක් වුනත් ජන්කුක් ටත් රෙබේකටත් ඇය ගොඩක් ආදරය කලා.ජන්කුක්ගෙ අප්පා මිය ගියාට පස්සෙ ඇගෙ කියලා ඇයට ඉතුරු වුනෙ දරුවො දෙන්නා විතරයි..හිතලා හරි නොහිතලා හරි ක්‍රිස්ටිනා ඔවුන්ට බොහොම ලෝබ වුනා..ඒ ලෝබකම ටේහියුන්හ් වෙතට වෛරයක් විදියට පෙරලුනෙ ජන්කුක් වෙනුවෙන් හැමවෙලේම ඇය හොදම දේ හෙවුව නිසා..ක්‍රිස්ටිනාගෙ ඇස් වලට ටේහියුන්හ් දෙමාපියන් මරන් මේ ලෝකෙට ආව අවාසනාවන්ත අනාතයෙක් ...

ටේහියුන්ග් කුඩා කාලයෙ හැදිවැඩුන අනාත නිවාසයට අනුග්‍රහය දක්වපු පවුල් වලින් එකක් ජියොන් පවුල..ජන්කුක්ගෙ අප්පා ජිවත් වෙන කාලයෙ ඔහු කරගෙන ගියපු හැමදෙයක්ම ඔහු නැති කාලෙ වුනත් ක්‍රිස්ටිනා ඔහු වෙනුවෙන් ඉශ්ට කලා..තමන්ගෙ ආධාර යටතෙ හැදී වැඩුන අනාත නිවාසෙම කොල්ලෙක්ව ජන්කුක් විවාහ කරගන්න සූදානම් වෙද්දි ඇය එකහෙලා ඊට විරුද්ද වුනෙ මේ මේ හේතු නිසා..



You've reached the end of published parts.

⏰ Last updated: Mar 08, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

MommyWhere stories live. Discover now