𝙻𝙸𝙻𝚈🌷___𝚙𝚊𝚛𝚝 4

429 64 28
                                    

මේ වෙලාවේ ජිමින් හිටියේ ක්ලබ් එකෙන් එලියට පැනගන්න බලාගෙන.ජංකුක් ඩ්‍රින්ක්ස් ගන්න ගමන් වෙනම ලෝකෙක.ඒත් ජිමින් කෙල්ලෝ ගොඩකට මැදිවෙලා එතනින් ගැලවෙන්න බැරිව ඉන්නවා.ඒත් එක්කම එතනට ආවේ රතු පාට ගව්මකින් සැරසුන ගැහැනු ලමයෙක්.යටි පතුල ලගට වෙනකම්ම දිගට තියෙන ගව්ම ඉනෙන් ටිකක් පහලට වෙනකම්ම ඕපන්.ජිමින්ටනම් ඒකේ ලස්සනක් පෙනුනේ නෑ.

එක පාරටම ඒ කෙල්ල ඇවිත් ජිමින්ගේ වම් කකුල උඩ ඉදගනිද්දී ජිමින් තඩි කෙල ගුලියක් ගිල්ලේ ජංකුක්ව මතක් කරන ගමන්.මොකද ජංකුක් හොදට එන්ජෝයි කරනවා.

"ප්..පොඩ්ඩක්..එහාට වෙලා ඉන්නකෝ...මේ මට රස්නෙයි...මං කීවේ මේ දවස් වල මාර දාඩියක්නේ දාන්නේ."

ජිමින් ශර්ට් එක ගසන ගමන් කටින් පිබින්න ගනිද්දී ලග හිටිය කෙල්ලෝ තුන් දෙනා ජිමින් ලගින් ටිකක් එහාට උනේ රවන ගමන්.ජිමිනුත් දන්නවා මේ වගේ තැන් වල ඉන්න කෙල්ලන්ගෙන් බේරෙන එක ලේසි නෑ කියලා.

"ඔ..ඔයත් මෙතනින් වාඩි වෙන්නකෝ...මගෙ කකුල් කැක්කුමයි..."

ජිමින් ගොං හිනාවක් දාලා කියද්දී ජිමින්ගේ කකුලක් උඩ වාඩි වෙලා හිටිය කෙල්ල එතනින් නැගිට්ටේ ජිමින් දිහා රවාගෙනමයි...

"මේ මිනිහටනම් සීනිද කොහෙද?."

එතනින් නැගිට්ට කෙල්ල රවාගෙනම එතනින් යන්නේ ගියේ එහෙම කියාගෙන.

"යකූ මේකී...මං වගේ පොඩි එකෙක්ගේ උකුලේ ඒ තඩිච්චී ඉදගත්තම සනීප ඇති කියලා හිතනවා ඇති.කලු ගලක් අත හැරියා වගේ කිරි වැස්සී..."

ජිමින් එයාට ගස්සන් යන කෙල්ලට බැන බැන එතනින් නැගිට්ටේ ජංකුක්ව හොයන්න.එයා දැක්කේ කැරකි කැරකි ඉන්න ජංකුක්ව.

"වරෙං යන්න.යකෝ මීට වැඩිය අපාය හොදයි."

ජිමින් ජංකුක්ව ඇදගෙන එලියට ආවේ ජංකුක් පොඩි එකා වගේ ජිමින් එක්කම එල්ලිලා එද්දී....

"උබ මෙතනටද ආවා කීවේ.උබටම ගැලපෙන තැන.එතකම් ගමේ අහිංසක මිනිස්සුන්ට පාට් දානවා."

ජිමින් වාහනේ ඩ්‍රයිව් කරගෙන ගියේ එයාට එහා පැත්තේ වාඩි වෙලා ඉන්න ජංකුක්ට බැන බැන.ඒත් ජංකුක් කරේ ඉස්සරා දත් දෙක පෙන්නලා හිනා උන එක විතරයි.

𝘓𝘐𝘓𝘠🌷(completed)Where stories live. Discover now