𝙻𝚒𝚕𝚢____𝚙𝚊𝚛𝚝 26🌷

348 63 19
                                    

හරියටම යූහි බංගලාවෙන් යන්න ගිහින් දැනට දවස් තුනක්.ඒ වගේම ලිලී බංගලාවට මල් අරගෙන එන එකත් නැවතිල දවස් තුනක්.මේ දවස් තුනම ජංකුක් ලිලී එනකම් බලන් හිටියත් ජංකුක් දන්නවා ලිලී මල් අරගෙන බංගලාවට ආය එන්නේ නෑ කියලා.

යූහිගේ ප්‍රශ්නේ වගේම ලිලී ආපහු බංගලාවට ආව නැති එක ගැන ජංකුක් දවස පුරා කල්පනා කරා ඇර වෙන කිසිම දෙයක් කරේ නෑ.ජංකුක්ගේ හිත නිදහස් කරගන්න මේ වෙලාවේ කවුරුම හරි කෙනෙක් ලග ඉන්න ඕනේ උනත් ජංකුක් ලග කවුරුවත් හිටියේ නෑ.

ඒත් අවසානේ ජංකුක් තීරනේ කලේ ජිමින්ට කතා කරන්න.සතියකට දෙතුන් වතාවක් ජිමින් එක්ක ජංකුක් කතා කලත් මේ වෙනකම් ජංකුක් ජිමින්ට කිසිදෙයක් කියලා තිබුනේ නෑ.ඒත් යූහි බංගලාවට ඇවිදින් ගියා කියන එක විතරක් ජංකුක් ජිමින්ට කියලා තිබුනා.

වෙලාව හරියටම පාන්දර එකයි.ජංකුක් හිටියේ බැල්කනියේ අත් වැටට හේත්තු වෙලා සිගරට් එකක් දල්වගෙන.විඩෙන් විඩ සිගරට් එකේ අලු කඩලා දාන ගමන් උගුර පාදපු ජංකුක් සාක්කුවේ තිබුනෙ phone එක අතට අරගත්තා.

📲"මොකද යකෝ මේ පාන්දර කෝල් ගන්නේ.නිදාගනිම්කෝ වද නොදී."

එහා පැත්තෙන් ඇහුණු කට හඩත් එක්ක හිනා වුනු ජංකුක් සිගරට් එක කට ලගට අරගෙන දුම ඉහලට ඇද්දේ phone එක කනේ තියාගෙනමයි.

📲"කෝල් එකක් අරගෙන කටවහගෙන ඉන්නේ මොකද යකෝ.උඹත් එක්ක ලව් කරන්න වෙලාවක් නෑ මට."

📱"ජිමිනා...උඹ නිදිද?."

📲"පාන්දර 1ට 2 ට ඇහැරලා ඉන්න උඹ හිතුවද මට පිස්සු කියලා."

📱"ම්ම් ඇත්තනේ...උඹ මේ පැත්තේ එවෙන්නැද්ද?."

📲"ඇයි...උඹ මගෙන් දවස් දෙකකට කලිනුත් ඕක ඇහුවා.ඒ නිසා හෙට නිවාඩුවක් අරගත්තා ඔය පැත්තේ එන්න."

📱"ම්ම්...හරි හරි."

📲"හරි කියන්නේ නිදාගනිම් මේ පාන්දර මිනිස්සුන්ට වද නොදී.මම උදේ එන්නම්."

ජිමින් ජංකුක්ට කෑ ගැහුවේ නිදිමතේ.මොන මනුස්සයෙක් උනත් පාන්දර කෝල් කරලා වද දෙන්නේ නැහැනේ.ඒත් ජිමින්ට කෝල් ගන්න ජංකුක්ට වෙලාවක් කියලා නෑ.ජිමින් කෝල් එක කට් කරනවත් එක්කම හිනා වුන ජංකුක් phone එක සාක්කුවට දාගෙන අතේ තිබුන සිගරට් එක බිමට දාලා පෑගුවා.

𝘓𝘐𝘓𝘠🌷(completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ