𝙻𝚒𝚕𝚢____𝚙𝚊𝚛𝚝 54🌷

437 61 43
                                    

ජීයුගේ දෙවෙනි අවුරුද්දේ උපන්දිනයත් පහු වෙලා දැනට මාසයක් ගෙවිලා ගිහින්.ඒත් ඒ එක්කම තවත් කෙනෙක්ගේ උපන්දිනයක් ලං වෙලයි තිබුනේ.ජංකුක්ගේ උපන්දිනයට තව දවස් දෙකයි.ඒ නිසා ලිලී කලේ ජංකුක්ගේ උපන්දිනය වෙනුවෙන් ජංකුක්ට දෙන්නේ මොනවද කියලා කල්පනා කරපු එක.ජංකුක් ලොකු උනයින් පස්සේ කිසිම දවසක කේක් කපලා උපන්දිනය සමරලා තිබුනේ නෑ.ඒත් ලිලීට ඕන උනා ලස්සනට ඒ දවස සමරන්න.

"කුකීට දෙන්න කියලා දෙයක් නැහැනේ ඔන්නි.එයාට හැමදේම තියෙනවනේ.ඉතින් මං මොනාද අරගන්නේ."

"ම්ම් ඒකත් ඇත්තනේ.ඒත් ඉතින් කල්පනා කරලා බලන්නකෝ."

"හ්ම්ම්...මට හිතාගන්න බෑ."

ලිලී හිමිහිට ඔලුවත් පිරිමදින ගමන් කීවේ උදේ ඉදන්ම තිබුන ඔලුවේ කැක්කුම තවම අඩු නැති නිසා.දවස් දෙක තුනක්ම උදේට කෑම කද්දී දවල් වෙලා.ජීයු එක්ක දගලලම ලිලීට කෑම කන්නත් අමතක වෙනවා.නොකා ඉදිද්දී ඔලුවේ කැක්කුම වැඩි වෙනවා කියලා දැනුන නිසාම ලිලී අද උදෙන්ම හොදට කෑම කෑවා.ඒත් ආපහු වතාවක් රිදෙන්න ගත්ත එක ලිලීට වේදනාවක් උනා.

"ලිලී මොකද ලමයෝ උනේ."

"දවස් දෙක තුනක් ඔලුව රිදෙන්න ගත්තා.කෑවාම හරි යනවා.ඒත් ආපහු කැක්කුමයි."

ලිලී අමාරුවෙන් වගේ කියද්දී සුන්මි බය වෙලා ලිලී ලගට ඇවිත් නලලින් අත තියලා බැලුවේ ලිලීට උණක්වත් ඇවිද්ද කියලා.ඒත් මේ දවස් ටිකේ ලිලී නොකා හිටිය විදිහ සුන්මිත් දැක්කා.

"කුකීට කෝල් එකක් දෙමු.නිකම් බෙහෙත් බොන්න හොදනෙත් නැහැනේ.අපි බෙහෙත් ටිකක් අරගමු."

"අයියෝ ඒම ඕන නැහැ.මේ දවස් වල සීතල නිසා අසනීප වෙනවා වැඩීනේ.අනික කුකී බය වෙයි කෝල් කලාම.මම ආවම කියන්නම්."

𝘓𝘐𝘓𝘠🌷(completed)Where stories live. Discover now