𝙻𝚒𝚕𝚢____𝚙𝚊𝚛𝚝 17🌷

392 64 36
                                    

"ඔම්මා...."

ලිලීට එක පාර කෑ ගැහුනේ බංකුව එක පැත්තකට පෙරලෙන්න ගිය නිසා.පොත් දෙකත් තුරුලු කරගෙන ඕන දෙයක් වෙන්න කියලා ඇස් තදින් පියාගත්තත් ලිලීට දැනුනා කවුරුහරි කෙනෙක් එයාව අල්ලගන්නවා.මුලින්ම බිම වැටිල නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ ලිලී හිමිහිට ඔලුව උස්සලා බැලුවේ කවුද එයාව වැටෙන්න නොදී අල්ලගත්තේ කියලා බලන්න.

"ප්..පුංචි..මහත්තයා..."

"මහත්තයා තමයි.කොහෙද උඩනගින්නේ.මම දැක්කේ නැත්නම් කකුලක් කඩාගන්නවා."

ජංකුක් පුංචි කේන්තියක් පෙන්නගෙන කියද්දී ලිලී ජංකුක් දිහා බලන් හිටියා.
ජංකුක්ට දැනුනා ලිලී එයාගේ ශර්ට් එක තදින් අල්ලගෙන ඉන්නවා කියලා.

"මං..මේ අර උඩ තියෙන පොත් ටික බලන්න නැග්ගේ.මම ඒ තරම් උස නැහැනේ..."

"මට කතා කලානම් මම අරගෙන දෙනවනේ..."

"මහත්තයා මොකද උනේ...ඕහ් මට සමාවෙන්න."

ජංකුක්ගේ කතාව අතරතුර පුස්තකාලේ ඉන්න වයසක පුද්ගලයා එතනට එනවත් එක්කම දැක්කේ ජංකුක් ලිලීව හරහට වඩාගෙන ඉන්නවා.එයා ආපහු හිනා වෙලා යන්න හැරෙද්දී තමයි ලිලීටයි ජංකුක්ටයි තේරුනේ.ජංකුක් හිමිහිට ලිලීව බිමින් තියලා කොලර් එකත් හදාගෙන කොන්ඩෙත් හදන ගමන් වටපිට බැලුවේ ලිලී පොත් දෙක නලලට හේත්තු කරගනිද්දී.වයසක පුද්ගලයා එයාලා ගැන වැරදියට හිතන්න ඇති කියලා ලිලීට හිතුනා.

"පොත්...තෝරගත්තද?."

ජංකුක් කතා කලේ අපහසුවෙන් වගේ.ජංකුක් අහද්දී ලිලී එයාගේ අතේ තිබුන පොත් දෙක ජංකුක් දිහාවට දික් කලේ ඔලුවත් බිමට හරවගෙන.ජංකුක් ඒ පොත් දෙක අතට අරගත්තා.

"පොත් දෙකයිනේ...ලිලීට ඕන තරම් පොත් ගන්න."

ජංකුක් කියද්දී ලිලී ජංකුක් දිහා ඇස් ලොකු කරලා බැලුවේ පුංචි මහත්තයට පිස්සුද අහන්න වගේ.එක පොතකුත් සෑහෙන්න ගනන්.කියවලා ආපහු ගෙනත් දෙන්න වගේනම් ලිලීට ඕන තරම් පොත් තෝරගන්න තිබුනා.ඒත් ජංකුක්ගේ අතින් සල්ලි දීලා ගන්න පොත් නිසා ලිලී ඒ දේට කැමති උනේ නෑ.

𝘓𝘐𝘓𝘠🌷(completed)Where stories live. Discover now