𝙻𝚒𝚕𝚢____𝚙𝚊𝚛𝚝 19🌷

378 59 33
                                    

ලිලී හිටියේ වැව ලග වාඩි වෙලා දෙන්නෙක් එනකම් මග බලාගෙන.ඒ වෙන කවුරුත් නෙවෙයි බංගලාවේ පුංචි මහත්තයයි එයාගේ යාලුවා මින්ජිනුයි එනකම්.නාට්‍ය සංදර්ශනය බලන්න ගෙවල් වලින් අවසර ලැබුන නිසා එයාලට ඒ ගමන යන්න අවස්තාවක් ලැබුනා.

"කෝ ඔයාගේ පුංචි නැති පුංචි මහත්තයා."

"මින්ජින්...මහත්තයා ඉන්න වෙලාවක කීවනම් මාව තමා ඕවටත් අහු වෙන්නේ.අනික ඇයි පුංචි නැති පුංචි මහත්තයා කීවේ."

වැව ලගට ආව මින්ජින් ලිලී ලගින් වාඩි ඇවිත් වාඩි වෙලා ලිලී එක්ක කතාවක් දාන්න ලෑස්ති උනේ ජංකුක් තවම නැති නිසා.

"පුංචි මහත්තයා පුංචි මහත්තය කීවට පොර හෙන සයිස්නේ.ඉබි මස් කාලද මන්දා."

මින්ජින් කියද්දී ලිලී හිනා වෙන්නේ ගත්තා.ඒ කතාව ඇත්‍ත.මින්ජිනුත් එක්ක බැලුවොත් ජංකුක් යෝදයෙක් වගේ.මින්ජින් කෙට්ටු උස කෙනෙක් උනාට ජංකුක්ට තිබුනේ හොදින් වැඩුණු පලල් උරහිස් වගේම ගානට හැදුණු ශරීරයක්.

"පුංචි මහත්තයා හෙන සීන් එකේනේ ඉන්නේ."

"අහ්..."

"ලිලී කියන නිසා එන්නම්..යැයි යැයි..."

මින්ජින් කටත් හද හද කියන විදිහට ලිලීට හිනා ගියා.ඕනම කෙනෙක්ට ජංකුක්ගේ පෙනුමින්ම කියන්න පුලුවන් ආඩම්බරකාර චරිතයක් කියලා.මින්ජින්ටනම් ජංකුක් දැක්ක පලවෙනි දවසෙම තේරුනා.

"අන්න එනවා."

මින්ජින් කියද්දී ලිලී හැරිලා බැලුවා.කලු කලිසමට කලු ලොකු හූඩි එකක් ඇදලා හිටිය ජංකුක් වෙනදට වඩා ගොඩක් වෙනස්.ගමේ තැනකට යන නිසා ජංකුක් ආවේ සරල විදිහට.ඒ වගේම ඒ ඇදුම ගොඩක් පහසුයි.

වැව ලග වාඩි වෙලා ඉන්න ලිලී මින්ජින් දැක්ක ජංකුක් බැලුවේ ඒ දෙන්නා කතා වෙලා ඇදුම් ඇදලද කියලා.මොකද ලිලී හිටියේ තද නිල් පාට ගවුමක් ඇදගෙන වගේම මින්ජින් හිටියේ ඒ පාටම ටී ශර්ට් එකක් ඇදගෙන.

"ම්ම් එහෙනම් අපි යමු."

මින්ජින් නැගිටලා කීවේ ලිලීටත් නැගිටින්න අත දෙන ගමන්.ලිලීත් මින්ජින්ගේ අතින් අල්ලා නැගිට්ටේ ජංකුක් හූඩියේ සාක්කු දෙකට අත් දෙක දාගෙන ඒ දෙන්නා දිහා බලන් ඉද්දී.

𝘓𝘐𝘓𝘠🌷(completed)Where stories live. Discover now