EP03

142 41 7
                                    

Next Day!!

"මට බැනලා නෙමෙයී ගහලත් නෙමෙයී කකුලක් කැඩුවත් මන් අයින් වෙන්නෑ, නෑමයී!! මේන් දිව්රුවා!! ඔයා පුලුවන් දෙයක් කරන්නකෝ බොස්!"

යීබෝ ROVER company එක ඉස්සරහා හිටගෙන
ඒකේ නම දිහා බලාගෙන එයාටම කිව්වේ company එක ඇතුල්ට යන්න කලින්.

"අනේ දෙයියනේ!! මේක මගේ ආසම company එකක්!! ඒ නිසා මට හොදවෙන්න, ප්ලිස්ස්ස්!! බොස් කාරයා ඉන්නේ නම් මට කොයිවෙලේ හරි පස්සට පයින් එකක් ගහලා එලියට ඇදලා දාන්න!! ඒත් එහෙම වෙන්න දෙන්න එපා!! මේ ආපූ චාන්ස් එක කොහොමවත්ම නැති කරගන්න මන් කැමතී නැතෝ‍!! අනේ ඩෙයියෝ මේන් වැන්දා!!"

යීබෝ අත් දෙකත් එකතූ කරගෙන අහස දිහා බලාගෙන දෙයියොන්ගෙන් ඉල්ල ඉල්ල ඉද්දී එකපාරටම එයාගේ පිටිපස්සෙන් ඇහුනේ හෝන් සද්දයක්!!

PEEEEEEEEEEEEEEEEEEEP!!!

එකපාරටම ඇහුන හෝන් සද්දෙන් යීබෝ කන්ෆියුස් උන්ගා බුන්ගා උනේ ගැස්සිලා පැත්තකට ව්සික් වෙන ගමන්ම.

යීබෝ ඉක්මනටම හැරිලා බැලුවේ මොකදා මේ හෝන් ගැහුවේ කියලා.

කවුද යකූ අපේ බොස්ගේ කම්පැනිය ඉස්සරහා සද්දේ දාන්න එන එකා!!

ඒ හෝන් ගැහුවේ වෙන කවුරුත් නෙමෙයී හැබැයී යීබෝගේ බොස්කාරයා තමයී!!

"මොන මගුලක්ද පාරේ මැද හිටගෙන කරන්නේ??"

Xiao zhan කෑගැහුවේ කාර් එක නවත්තලා එකෙන් ඔලුව එලියට දාගෙනම.

"මොකුත් නෑ බොස්!! ගුඩ් මෝනිම්!!"

යීබෝ බොරු හිනාවකින් xiao zhanට හිනා උනේ ඔලුව නමලා ආචාර කරන ගමන්ම.

Xiao zhan එයාගේ කාර් එක company එක ඉස්සරහා නවත්තලා කාර් එකෙන් බහින ගමන් අතේ තිබ්බ යතුර යීබෝ දිහාට විසික් කරේ ඒක අල්ලගන්න කියලා.

යීබෝ ඒක අල්ලගත්තේ 99.9999999% න් බිමට වැටෙන්න නොදී.

ඒත් ඒ දිහා බලන්නැතුව xiao zhan ගියේ කම්පැනිඑකේ ඇතුල්ට.

"හෝව්!! හෝව්!! ඇයි මට key එක දුන්නේ?"

යීබෝ ඇහුවත් ඒ වෙනකොටත් xiao zhan එතනින් වාශ්ප වෙලා ගිහින් ඉවරයී.

EROTIC-SECRETARY : The One Who Is My Hidden DesirerOnde histórias criam vida. Descubra agora