Chapter 01

285 48 10
                                    

වාහනේ තිරිංග තදකරන හඩ එක්ක ගෙදර ජනේල හරහා ආපු එලිය මැකිලා යනවත් එක්කම ඔහු ගෙදර ආපු බව හායූන් දැන ගත්තා.

" දෝ මින්.. අප්පා ආවා.. ඔයාට පුලුවන් ද දොර අරින්න."
හායූන් කුස්සියේ ඉදලා කෑගහද්දී සාලේ සොෆා එකේ හිටිය දෝ මින් ඉක්මනට දොර දිහාවට දිව්වේ තේහ්‍යුන් දොරට තට්ටු කරන්න කලින් දොර අරින්නයි.

" අප්පා..."
පුංචි දෝ මින් ඔහුගේ පුංචි අත් තේහ්‍යුන් දිහාවට දික් කරන ගමන් සතුටින් කෑ ගහද්දී තේහ්‍යුන්ගේ මූනේ ඇදුනේ උනුසුම් සතුටු හිනාවක්.
" මගේ පැටියා.."
ඔහු දෝ මින්ම අත් අතරට අරගෙන ඔහුගේ කම්මුල් වලින් උනුසුම් හාදු තවරව්වා.

"අප්පට මහන්සි ද.. මම වතුර එකක් ගේන්නද.."
තේහ්‍යුන් හිනා වෙලා ඔලුව වනද්දී දෝ මින් ඔහුගේ අත් වලින් බිමට පැනලා කුස්සියට දුවගෙන ගියා.
ඔහුගේ පුංචි ශරීරය නොපෙනකන් ඉදලා තේහ්‍යුන් හොද හුස්මක් පහත හෙලලා ගේ ඇතුලට ඇවිදන් ආවා.

තමන්ගේ දරුවා දකිද්දී තිබුන මූනේ හිනාව තේහ්‍යුන්ගේන් මැකිලා ගියා. ඒ වෙනුවට ඔහුගේ මූන සීතල ඉරියව් වලින් පිරුනේ තේහ්‍යුන් ඉස්සරහට ආපූ හායුන් නිසා.

" ඔයා වොශ් එකක් දාගෙන එන්න මම.."
හායූන් කියන්න ගිය දේවත් සම්පූර්ණ වන තුරුවත් බලාගෙන හිටපු නැති තේහ්‍යුන් ඔහුගේ කාමරය දිහාවට ගියේ හායූන් බර හුස්මක් පහල දාද්දියි.
තේහ්‍යුන්ගේ ඇස් වල හායුන් ව දකිද්දී තියෙන වෛරය සහ පිළිකුල් සහගත බව හැම වෙලාවේදීම ඇයට මතක් කරලා දෙනවා ඇය තේහ්‍යුන්ට කරන වැරුද්දේ බරපතලකම සහ ඇය ඔහුට කොයි තරම් වේදනාවක් දෙනවද කියන එක. තේහ්‍යුන් එක්ක හායුන් ගෙවන හැම මොහොතකදිම ඇය ඔහුගන් ටිකෙන් ටික ඈත් වෙනවා.

" එයා ගැනද කල්පනා කරන්නේ.."
හායුන් ගේ උරහිස් වලට තේහ්‍යුන්ගේ උනුසුම් හුස්ම වදිද්දී ඇය ඔලුව හරවලා ඔහු දිහා බැලුවා. ඔහුගේ තොල් වල රැදිලා තිබ්බේ විනෝදජනක නමුත් උපහාසාත්මක හිනාවක්.හායුන් ඔහුගේ ඇස් ඇතුලට කිදාබහිමින් හෙව්වේ නැති උන ආදරේ.. ඒත් ඒක පේනමානෙකවත් තිබුනේ නෑ.

"හ්ම්ම්ම්"
ඇය ඔහු දිහා බලලා මුමුනව්වා. තේහ්‍යුන් තවමත් ඇය දිහා සීතල බැල්මකින් බලාගෙන හිටියා. ඔහුගේ අත් හායුන් ගේ ඉන දෙපැත්තෙන් තද වෙද්දී ඇගේ සිනිදු හමට දැනුනා ඔහුගේ නියපොතු හම ඇතුලට තෙරපන බව.
" චරිතයක් නැති ගෑනී.."
තේහ්‍යුන් එහෙම මුමුනව්වත් ඒක ඇයට ඇහුනා. ඔහුගේ හිත වේදනාවෙන් පිරුනේ තමන් ලග ඉද්දී ඇය වෙනත් පිරිමියෙක් ගැන හිතන බව දැනෙද්දී.

𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙮⎮ 𝙆𝙏𝙃Where stories live. Discover now