Chapter 06

154 33 2
                                    

සූසාන් , හායූන්ව බලන්න ඇවිත් දින කිහිපයක්ම ගත වෙලා ගියා. තේහ්‍යුන් ඒ ගැන සතුටු උනේ දෙන්නම දෙන්නගේ වැරදි වැටහිම් නැති කර ගත්තු නිසයි.
වෙනදා වගේම තේහ්‍යුන් වැඩ ඉවර වෙලා ගෙදරට ආවා. ඒත් ගේ ඇතුලේ වෙනදා වගේ කිසිම එලියක් තිබුනේ නෑ. ඔහුට ඒ ගැන පොඩි කුතුහලයක් ආවා. ඔහු දන්නවා අනිවාර්යයෙන්ම හායුන් වගේම දෝ මින් ගේ ඇතුලේ ඉන්න බව.

තේහ්‍යුන් කාර් එක පාක් කරලා ගෙදර දොර ලගට ඇවිත් දොරේ බෙල් එක ගැහුවත් ටික වෙලාවක් යනකන් කිසිම කෙනෙක් ආවේ නෑ. ඒ නිසා තේහ්‍යුන් දොරේ අගුල අරින්න හදනකොට ඒක නිකන්ම ඇරුනා. වෙනදා හායුන් අනිවාර්යයෙන්ම තේහ්‍යුන් එනකන් ගෙදර දොරේ අගුල දාලයි තියන්නේ. ඒත් අද එහෙම නැති නිසා තේහ්‍යුන්ගේ හිත එක පාරම කලබල උනා.

විසිත්ත කාමරේවත් කුස්සියේවත් කිසිම ලයිට් එකක් දාලා තිබ්බේ නෑ. මුලු ගෙදරම අදුරෙයි තිබ්බේ.
" හායුන්.. දෝ මින්..."
තේහ්‍යුන් කෑ ගැහුවා.. ඒත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. තේහ්‍යුන් ඔහුගේ බෑග් එක පැත්තකට විසිකරලා දාලා උඩ තට්ටුවට දිව්වා. ඔහු එයාගෙ කාමරේ වගේම දෝ මින්ගේ කාමරෙත් බැලුවා ඒත් කිසිම කෙනෙක් හිටියේ නෑ.

තේහ්‍යුන් ආයෙම එයාගේ කාමරේට ඇවිත් වට පිට බලද්දී එයා දැක්කා මේසේ උඩ තියෙන කොලයක්. ඒකේ තිබ්බේ හායුන්ගෙන් පනිවිඩයක්.

" සතුටින් ඉන්න තේහ්‍යුන්. මගේ දෝ මින්ව හොදින් බලාගන්න. මට සමාවෙන්න මෙහෙම කරනවට. ඒත් මම කැමති නෑ ඔයායි දෝ මිනුයි මම නිසා දුක්විදිනවට. මාව හොයන්න එපා..දෝමින්ට කියන්න එයාගේ ඔම්මා එයාට ගොඩක් ආදරෙයි කියලා.. ඒ වගේම මම ඔයාට හැමදාම ආදරෙයි.. "

ඒක කියෙව්වයි පස්සේ තේහ්‍යුන් අත් දෙක වෙව්ලන්න ගත්තා. ඒ කොලේට යටින් තවත් කොලයක් තිබුනා. ඒක දකිද්දී තේහ්‍යුන්ගේ කකුල් පන නැති වෙලා ගියා.

" ඩි..ඩිවෝස් පේපර්...?"

තේහ්‍යුන් වෙලා තියෙන දේ හිතා ගන්න බැරි උනා. හායුන් ඩිවෝස් පේපර් එක සයින් කරලා තිබුනා. මේක තේහ්‍යුන්ට ලොකු කම්පනයක් උනා. ඔහු කීයටවත් මේ වගේ දෙයක් බලාපොරොත්තු උනේ නෑ. තේහ්‍යුන් ඉක්මනට එයාගේ අල්මාරි ලගට ගිහින් ඒක ඇරලා බලද්දී ඒකේ තිබ්බේ ඔහුගේ ඇදුම් විතරයි. හායුන්ගේ එකම් ඇදුමක්වත් ඒකේ තිබුනෙ නෑ.

𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙮⎮ 𝙆𝙏𝙃Where stories live. Discover now