chapter 09

122 26 2
                                    

කොෆී ශොප් එක ඇතුලේ මේසෙකට වෙලා යාලුවෙක් එක්ක කතා කරමින් ඉන්න හායුන් දිහා තේහ්‍යුන් බලාගෙන හිටියේ ඇස්පිය නොහෙලයි. හරියට ඇස්පිල්ලම් ගැහුවොත් ඇය අතුරුදහන් වෙලා යයි වගෙයි. පැයකට ආසන්න කාලයක් තේහ්‍යුන් හායුන් තනිවෙනකන් බලාගෙන හිටියා. ඒත් තවමත් ඇය ඇගේ යාලුවා එක්ක සතුටු සාම්ච්චියේ හිටියා මිසක එතනින් පිටවෙන්න අදහසක් නැති බවකුයි පෙනුනේ.
තේහ්‍යුන් ඉවසීමෙන් ලබාගෙන හිටියත් ටිකෙන් ටික ඔහුගේ ඉවසීම නැති වීගෙන ගියා. කොෆි ශොප් එකේ කොනක මේසේ ඉදගෙන හිටපු තේහ්‍යුන් එතනින් නැගිටලා හායුන් ඉන්න දිහාවට ඇවිදගෙන ගිහින් ඇගේ මේසේ ලගින් හිටගත්තා. හායුන් වගේම ඇගේ යාලුවත් හිනාවෙන එක එකවරම නතර කරලා ඔවුන් ලගට ආපු අමුත්තා දිහා බලව්වා.

" ඔ..ඔයා.."
හායුන්ගේ මූනේ තිබ්බ හැගීම් හරි ඉක්මනට වෙනස් වෙලා කලබලකාරී බවක් ආවා.

" හායුන් මට ඔයා එක්ක කතා කරන්න ඕනි.. කරුනාකරලා මට ටික වෙලාවක් දෙන්න.."
තේහ්‍යුන් හායුන්ගේ අතින් අල්ලන්න ගියත් ඇය ඉක්මනට අත අහකට අර ගත්තා.

" මම තමුන්ට කිව්වනේ මම තමුන්ව දන් නෑ කියලා. මගේ පස්සෙන් එන්න එපා.."
හායුන් එහෙම කියන ගමන් පුටුවේ කොනක එල්ලලා තිබ්බ ඇගේ බැග් එකත් අරගෙන නැගිට්ටේ එතනින් පිටවෙන්න හිතාගෙනයි. ඒත් එක්කම තේහ්‍යුන් පස්සට උනේ ඇයට යන්න ඉඩ දෙන්න වගෙයි.

" ඔයාට අපේ දෝමින් කොච්චර ලොකු වෙලාද කියලවත් බලන්න ඕනි නැද්ද හායුන්.."
තේහ්‍යුන්ට පිටුපාලා අඩි දෙක තුනක් ඉස්සරහට ගිය හායුන් තේහ්‍යුන්ගේ ඒ වචනත් එක්ක එක තැන නතර උනා. ඇය ලගට දුවගෙන ආපු ඇගේ යාලුවා හායුන්ගේයි තේහ්‍යුන්ගේයි මූනවල් දිහා මාරුවෙන් මාරුවට බැලුවේ කිසිවක් හිතා ගන්න බැරුවයි.

"එයාට එයාගේ ඔම්මව ගොඩක් මතක් වෙනවා... එයාට එයාගේ ඔම්මගේ උනුසුම ගොඩක් ඕනි..."
තේහ්‍යුන් එහෙම කියමින් හායුන් ලගට එන්න ගත්තා. හායුන්ගේ ඉස්සරහට ආපූ තේහ්‍යුන් ඇගේ මූන දිහා බැලුවා. ඇගේ ඇස් වල කදුලු පිරිලා නලියමින් තිබුනා. ඇය ඇස් උස්සලා තේහ්‍යුන් දිහා බලද්දී තෙරපමින් තිබ්බ කදුලු බිංදු ඇගේ කම්මුල දිගේ ගලාගෙන ගියා.

🎉 You've finished reading 𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙮⎮ 𝙆𝙏𝙃 🎉
𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙮⎮ 𝙆𝙏𝙃Where stories live. Discover now