Chapter 07

124 31 3
                                    

තේහ්‍යුන් පොරොන්දු උන විදිහටම වැඩ ඇරිලා කලින් ගෙදර ආවා සූසාන්වයි දෝමින්වයි එලියට එක්කරගෙන යන්න. තේහ්‍යුන් ඒ දෙන්නව පාර්ක් එකට එක්කරගෙන ගියා. දෝමින් සෙල්ලම් කරලා ඉවර වෙනකන් සූසානුයි තේහ්‍යුන් දෙන්නා බෙන්ච් එකකට වෙලා වාඩි වෙලා හිටියා.

" සූසාන් මට ඔයාට කියන්න දෙයක් තියෙනවා."
තේහ්‍යුන් දෙන්නා අතර තිබ්බ නිහඩබව බිදින ගමන් කතා කරා.
සූසාන් ඔහු දිහා බැලුවේ කුතුහලේන්.

"මොකක් ගැනද.."

" මම තීරනය කරා ගන්නම් වලට යන්න.."

" ගන්නම්..? එතකොට ඔයාගේ ජොබ් එක."

" මම එහෙ බ්‍රාන්ච් එකේ වැඩට යනවා.. මට තවත් මෙහෙ ඉන්න ඕනි නෑ සූසාන් අපි දැන් ඉන්න ගෙදර විකුණනලා එහෙන් අලුත් ගෙයක් අරගමු. මට මෙහෙ තියන මතක හැමදේම අමතක කරන්නයි ඕනි.."

"තේහ්‍යුන්..."
තේහ්‍යුන් බිදිච්ච කටහඩින් කතා කරද්දී සූසාන් ඔහුගේ අතින් තද කරලා අල්ල ගත්තා.

" මම ඔයාට වැරැද්දක් කරනවා සූසාන්. ඔයා හැමදේම කැපකරලා ජොබ් එකෙනුත් අයින් වෙලා මගේ ලගට වෙලා ඉන්නවා ඒත් මම තාම හායුන්ගේ මතක ඇතුලේ හිරවෙලා. මට ඕනි මේ හැමදේම අමතක කරලා ඔයා එක්ක අලුතින්ම පටන් ගන්න.."
තේහ්‍යුන් ඇගේ ඇස් දිහා බලාගෙන කියද්දී සූසාන්ගේ ඇස් සතුටින් දිලිසුනා. සූසාන් තේහ්‍යුන්ගේන් මේ දේ අහගන්න ගොඩක් කල් බලාගෙන හිටියා.

" ඔය ඇත්තටම තේහ්‍යුන්.. ඔයා මාත් එක්ක ඇලුත් ජිවිතයක් පටන් ගන්නවද.."
සූසාන් තේහ්‍යුන්ගේ කම්මුල සිනිදුවට පිරිම්දින ගමන් අහද්දී තේහ්‍යුන් හිනාවෙලා ඔලුව වැනුවා.

" Thank you taehyung.. I love you." .
සූසාන් තේහ්‍යුන් අත වටේ ඇගේ අත පටලවන ගමන් ඔහුගේ උරහිස උඩින් ඔලුව තියාගත්තා. සූසාන් හැමදාම තේහ්‍යුන්ට ආදරෙයි කිව්වත් ඔහු හැමදාමත් නිහඩවයි හිටියේ. සූසාන් හිතුවා කවදා හරි ඔහු ඇයටත් ආදරෙයි කියයි කියලා..

මාස දෙකකට පසු,

තේහ්‍යුන් ගෙදර විකුණනලා දෝමින්වයි සූසාන් එක්කයි ගන්නම් වලට ඇවිත් දැන් මාසයක් වෙනවා. ඔහු ගන්නම් වලින් ලස්සන ගෙදරක් මිලට ගත්තා. ඒ වගේම ඔහු හිතාමතාම එයාගේ චර්‍යාවන් වෙනස් කර ගත්තා. තේහ්‍යුන් වෙනදට වඩා සූසාන් ගැන වගේම දෝ මින් ගැනත් හොයලා බැලුවා. නිතරම ඒ දෙන්නා එක්ක එලියට ගියා. එයලා වෙනුවෙන් කාලේ වැයකරා. මේ වෙනසට සූසාන් ගොඩක් සතුටු උනා. ඇයට දැනුනේ ඇගේ ජිවිතේ ආයෙත් අලුත් වෙනවා වගෙයි.

𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙮⎮ 𝙆𝙏𝙃Where stories live. Discover now