Chapter 02

140 39 3
                                    

උණුසුම් කෝපි කෝප්පයට පිඹිමින්, හායූන් කෝපි උගුරක් බිව්වා, ඇගේ ඇස් ඒ අතරේ මේසේ පුරා එහෙ මෙහෙ දිව්වේ හරිම කලබලෙන් වගේ.
" ඔයා මේක කොච්චර කාලයක් කරගෙන යන්නද හදන්නේ හායූන්."
හායූන් ගේ හොදම මිතුරුය ලීස් එහෙම ඇහුවේ ඇගේ ඉස්සරහා මැලවුන මූනෙන් ඉන්න හායුන් දිහා බලාගෙනයි. හායූන් තමන්ගේ ලෙඩේ ගැන කියලා තිබුනේ ලීස් ට විතරයි.

" මම මැරෙනකන්ම.. නැත්නම් ඊටත් පස්සේ.. එයා හිතන්නේ මම වෙන මිනිහෙක් එක්ක ඉන්නවා කියලා.. එයා එහෙම හිතන එකෙන් එයාට හොදක් වෙයි."
හායූන් තවත් කෝපි උගුරක් බිව්වා.

" ඔයා එයාට ඔයාව සැක කරන්න හේතු හදලා දෙනවා."
ලීස් තරහින් නලල රැලිකර ගත්තා. ඇය හායූන්ගේ ජිවිතේ මෙහෙම විනාශ වෙලා යනවට කොහෙත්ම කැමති උනේ නෑ.

" මම යන්න ගියාම එයා සතුටින් ඉදී.. මට ඕනි එයා දිගටම මට වෛර කරන්නයි."
වේදනාවේ කඳුළු බිංදු හායූන්ගේ කම්මුල් දිගේ ගලද්දී ඇය මද හිනාවක් පෑවා.

"ඔයාට නම් පිස්සුද මන්දා! ඔයා කොහොමද හරියට කියන්නේ ඔයා මැරෙයි කියලා."
ලිස් , හායුන්ගේ උරහිස මත අත තියාගෙනයි හිටියේ. ඇයට දැනුනා හායුන් හිනා වෙන බව. හායුන්ට නම් මේක විහිලුවක් වගෙයි දැනුනේ

" මේක මගේ ඇග ලීස්.. මට දැනෙනවා මම ටිකෙන් ටික මැරෙන්න ලං වෙනව කියලා."

" ඔයා .. ඔයා කොහොමද ඔච්චර ලේසියෙන් ඔය දේවල් කියන්නේ හායූන්..තේහ්‍යුන් පැත්තකට කරන්න..එතකොට දෝ මින් එයාට මොකද වෙන්නේ.."
ලීස් ගේ ඇස් වල පිරිලා තිබ්බ කදුලු කම්මුල දිගේ කඩා වැටෙන්න ගත්තා.

හායුන් නිහඩවම කෝපි කෝප්පය දිහා බැලුවා.
" තේහ්‍යුන් එයාට අලුත් ඔම්මා කෙනෙක් ගෙනත් දෙයි."
හායූන් ගේ කඩහඩේ තිබ්බෙම වේදනාව.

" හායූන්..."
ලීස්ට තවත් හායූන් මේ විදිහට වේදනා විදිමවා බලන් ඉන්න බැරි උනා. ඇය හායුන්ගේ උරහිර වටේ අත් යවමින් ඇගේ උරහිසට ඔලුව තියා ගන්න ගමන් බදාගෙන අඩන්න පටන් ගත්තා.

" ඔයා මහා ආත්මාර්තකාමී හායුන්.. ඔයා අපි ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ."
ලීස් කදුලු අතරින්ම කිව්වා.
හායූන් තමන්ගේ උරහිස් වටා එතිලා තියෙන ලීස් ගේ අතක් අල්ල ගන්න ගමන් හොද හුස්මක් පිටකරා.

𝘽𝙚𝙝𝙞𝙣𝙙 𝙏𝙝𝙚 𝙈𝙖𝙨𝙠⎮𝙎𝙝𝙤𝙧𝙩 𝙨𝙩𝙤𝙧𝙮⎮ 𝙆𝙏𝙃Where stories live. Discover now