26

73 18 22
                                    

"මගේ ජීවිතයට යළිත් උදා වූ හිරු එළිය
ඔබයි මගේ ළමා සිහින වල දෙවන පැමිණීම
මෙම හැඟීම කුමක්දැයි මම නොදනිමි
මේකත් තවත් එක හීනයක් ද? "

( neoneun nae salm-e dasi tteun haesbich
eolin sijeol nae kkumdeul-ui jaelim
moleugess-eo, i gamjeong-i mwonji
hogsi yeogido kkumsog-in geonji )

jk සිංදුවකුත් මුමුණන ගමන් හිටියෙ ලොකු වැඩක.
එයා එයාගෙ ඇදලා ඉවර නැති චිත්‍රයක් අදින ගමන් ඉදියේ.

" කුකි.... ආ... මේක ගන්න. " hot chocolate එකක් jk ගෙ ඉස්සරහින් මේසේ උඩින් තියන ගමන් සොන්යි කිව්වේ එයා ගාවින් වාඩි වෙන ගමන්.

" මොකක්ද අදින්නේ? "

" මොකක් වගේද පේන්නෙ? "

" ම්ම්.... අනෙ මන්දා.... වදුරෙක්....? "
සොන්යි හිනාව හිර කරන් ඇහුවේ රූපේ මොකක්ද කියල අදුණගන්න බෑ වගේ රඟපාන ගමන්.

" නෑ වැදිරියක්.... " සොංයිගෙ ඔලුවට රිදෙන නොරිදෙන ගාණට ටොක්කක් අනින ගමන් jk කිව්වා.

" ඇත්තටම කවුද...? "

" ඇත්තටම වැදිරියක්. මන් පුංචි කාලෙ මගේ පස්සේ නැට්ට වගේ එල්ලී එල්ලී හැම තැනම ආවා එයා. "

" ඇත්තට... "

" හ්ම්ම්.. " jk කිව්වේ එයාගෙ chocolate එක තොල ගාණ ගමන්.

" ඇය් අනෙ ඒ වැදිරි පුංචි කාලෙ පිංතූරයක් ඇන්දේ. ලොකු කාලෙ එකක් අදින්න නේ තිබ්බෙ. "

" මන් ඒ වැදිරි එක්ක දැන් තරහයි. මන් කැමැති තාම පොඩි කාලෙ ඉදපු වැදිරිට. "

" ඇය් ද දන් නෑ නේ ඒ? "

" එයා දැන් මගෙන් ගොඩක් දේවල් හංගනවනෙ. "

" ඕහ්.... එහෙමද... පවු අනෙ ඔයා. "

" ම්ම්ම්.... ඒක තමයි. "

සොන්යි හිනා වෙන ගමන් කම්මුල් දෙකට අත්දෙක තියාගෙන වැලමිට මේසේ උඩින් තියන විදියට ඉදගෙන බලන් ඉදියේ jk එයාගෙ චිත්‍රෙ අදින දිහා.

" ඒ රාමේන්... "

" හ්ම්ම්...? "

" ඇය් අනෙ ඔයා මගෙන් හංගන් ඉන්නෙ ඔයාගෙ crush එක කවුද කියල. "

" එහෙම කවුරුවත් නෑ අනෙ... ඇත්තමයි. "

" බොරු කියන්න එපා. hyung ල දෙන්නම දන්නව ඔයාගෙ crush එක කවුද කියල. "

EUPHORIA  || BTS JJK || ✔️Where stories live. Discover now