39

58 16 8
                                    

" ඇස් දෙක බැදලා තියෙන්නම ඕනද? "

" ඔව්.... චුට්ටකට විතරයි... පොඩ්ඩක් ඉවසන් ඉන්නකො. " tae කිව්වේ සොන්යීගේ ඇස් දෙක රෙදි පටියකින් ගැටගහන ගමන්.
ඒ දෙන්නා ඒ වෙලාවේ ඉදියේ කාර් එකේ.
සොන්යි ව එක්කගෙන යන්නෙ ගෙදර කියන එක එයාට දැනගන්න තියන්න බැරි නිසා තමයි tae සොන්යිගේ ඇස් බැන්දේ.

එයාලා සොන්යිලයි ගෙදර ඉස්සරහ කාර් එක නවත්තනකල් ම සොන්යි සද්ධ නොකර ඉදියා.

" හරි.... තැනට ආවා. "
tae සොන්යිට ඉස්සර කරලා කාර් එකෙන් බැහැලා සොන්යිගේ අතිනුත් අල්ලගෙන එයාව කාර් එකෙන් බැස්සුවේ සොන්යිගේ ඔලුව ගැනත් පරිස්සම් වෙන ගමන්.

" දැන් වත් ඇස් දෙක ලිහනවද? "

" නෑ... තා චුට්ටක් ඉන්න. පරිස්සමට කකුල පටලගන්නෙ නැතුව එන්න. "

ගෙදර lights ඔක්කොම off කරලා දාලා තිබුණ නිසා tae ටත් සිද්ධ වුණේ phone එකේ flash light එක ගහගෙන පාර බලාගන්න.

එයා සොන්යිව pool side එකටම යනකල් පරිස්සමට එක්කගෙන ගිහිං එක තැනක නවත්තලා එයාගෙ ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.

" just 10 secs.... ඔහොම්ම ඉන්න. "

තවත් තත්පර ගාණක් බලන් ඉදපු tae සොන්යිගේ ඇස් බැදලා තිබ්බ පටියේ ගැටේ ලෙහලා දාලා අත් දෙකෙන්ම අල්ලන් ඉදිය පටිය ඇස් ඉස්සරහින් අයින් කරන්න කලින්,
" happy birthday sonyi. " කියල සොන්යිගේ කන ළඟටම ලං වෙලා මිමිනුවේ හරියටම රෑ දොළහ ලබාපු ගමන්.

tae කොහොම හරි ඉතිං එයා බලාපොරොත්තු වුණ විදියටම අනිත් හැමෝටම කලින් සොන්යි ට wish කලා.
සොන්යිගේ ඇස් ඉස්සරහා තිබුණ රෙදි පටිය අයින් වෙනවත් එක්කම සොන්යිට පෙන්න ගත්තෙ ඕෆ් කරලා තිබුණ හැම ලයිට් එකක් ම on වෙනවා.
එතකොටම වගේ jk ජිමින් ඩබලගේ කේක් එක තියල තිබ්බ මේසේ වටේ ඉදන් අනිත් අයත් මහ හයියෙන් සොන්යිට wish කරන්න පටන්ගත්තා.
සොන්යි tae ගෙ suprise එකක් බලාපොරොත්තුවෙන් ඉදියත් එයා එක විනාඩියකටවත් හිතුවෙ නෑ ඒක මෙච්චර ලොකු suprise එකක් වෙයි කියල.
පුදුමෙන් ම දිලිසෙන ඇස් වලින් හිනා වෙන ගමන් එයා බලන් ඉදියේ එයාගෙ පවුල දිහා.
මිීට කලිනුත් එයාගෙ birth day වලට එයාව පවුලේ අය එක එක විදියට suprise කලත් මේක ඒ හැම එකකටම වඩා එයාට විශේෂ වුණා.

tae සොන්යිගේ අතිනුත් ඇදගෙන එක්කගෙන ගියේ අනිත් අය ඉදපු තැනට.

හැම තැනම ගොඩක් ලස්සනට සරසලා තිබුණා. කේක් එකේ අයිසින් එක ටිකක් විතර අවුල් වුණත් ඒක උඩ තිබුණ ඉටිපන්දම් නිසා ඒ අවුල වැඩිය කැපිලා පෙනුණේ නෑ.jk රෑ නිදි මරාගෙන කරාපු සොන්යිගේ painting  එකකුත් ඒ හරියෙම තිබුණා.

සොන්යි ඒ ලස්සනට වශී වෙලා ඉදිද්දී එයා මේ ලෝකෙ සිහියට ආවෙ ජිමින් tae දෙන්නගෙ පාර්ටි බෝම්බ් දෙකේ සද්දෙට.

................................

" මන්... හිතුවෙ නෑ ඔයාලා මන් වෙනුවෙන් මෙච්චර දෙයක් කරයි කියලා. " sonyi ගොඩාක් ලොකු සතුටකින් හිනා වෙන ගමන් කියුවා.

" ඔයා වෙනුවෙන් නැතුව අපි වෙන කවුරු වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්නද? " ඒ නම්ජුන්.

" අනික සොන්යි.... ඔයා වෙනුවෙන්ම jk jimin දෙන්න ඒයාලගෙ අතින්මයි මේ කේක් එක හැදුවේ. " යෝල් හිනා වෙවී කියද්දි සොන්යි jk jimin දෙන්න දිහා බැලුවේ දිලිසෙන ඇස් වලින්.

" අපී... plan කරපු තරම් හොදට නම් මේක හැදුනේ නෑ. ඒත්.... මන් හිතන්නෙ ඕක කන්න පුළුවන්. "

" එහෙම නෑ අනෙ.... ඒක හරිම ලස්සනයි. "

" හරි... දැන් ඉතිං තා පරක්කු නොවී wish එකක් කරලා මේක නිවලා දාන්න.

ටික වෙලාවක් ඇස් දෙක වහගෙන wish එකක් කරපු sonyi ඉටිපන්දම් නිවලා කපාපු කේක් කෑල්ල එයා මුලින්ම කවන්න හැදුවේ එයාගෙ ඔප්පට.

" නෑ sonyi.... ඔයා මට කලින්  අර දෙන්නට කවලා ඉදියනම් හරි " හොබී කිව්වේ සොන්යිගෙ පිටිපස්සට ඇඟිල්ල දික් කරන ගමන්.

හැමෝම එතන එයාගෙ ඉස්සරහ ඉන්දීත් හොබී කියන්නේ කා ගැනද කියල නොතේරුණ සොන්යි හිමින් සැරේ එයාගෙ පිටිපස්සට හැරිලා බැලුවා.

" ඔම්මා.... ? ඔයාලා.... ඔයාලා කෝයි වෙලේද ආවෙ? මට.... කිව්වේවත් නෑ නේ. "

හොබී ගෙන් sonyi ට ලබුණු birth day gift එක තමයි එයාගෙ දෙමව්පියෝ. ගොඩ කාලෙකට පස්සෙයි සොන්යි ට එයාගෙ දෙමව්පියෝ හම්බ වුණේ. ඉතිං එයා ඉදියේ ලොකු සතුටකින්.

" මට ඔයාලව ගොඩක් මතක් වුණා ඔම්මා. "

" අපිටත් පැටියෝ. " සොන්යිගේ ඔම්මා සොන්යිව බදාගන්න ගමන් කිව්වා.

.....................................................

EUPHORIA  || BTS JJK || ✔️Where stories live. Discover now