28

70 18 10
                                    

" jk.... ඔයා නිදිය ගන්න යන්නෙ නැද්ද? අනිත් හැමෝම නිදි නෙ. "
හොබී jk ගෙන් ඇහුවේ පාන්දර 4 ට ළංවෙලත් හැමෝම නිදි වෙලාවේ jk විතරක් ඇහැරගෙන  ඉදපු නිසා.

" ඉතිං හියොනුත් නැගිටගෙන නෙ." jk හිනා වෙන ගමන් කියද්දි හොබී ඇවිත් jk ඉදපු තැනින් වාඩි වුණා.
jk ට හොදටම ඇවිදින්න පුළුවන් කම තියෙද්දීත් එයා wheelchair එකටම වෙලා ඉන්දි හොබී වාඩි වුණේ jk ට ලගින් තිබුණ කලින් දවසෙ රෑ එයාලා ගිනි මැලේ වටේ වාඩි වුණ පුංචි පුටුවක.

" මට නින්ද ගියේ නෑ. ඉතිං මන් ටිකක් ඇවිදින්න ආවම තමා ඔයාව දැක්කෙ. "

" මටත් නින්ද ගියේ නෑ hyun. "

හ්ම්.... ඒක නෙමෙයි. දැන් කවදාද ඔයා හිතන් ඉන්නෙ ඔයාට ඇවිදින්න පුළුවන් කියන එක හැමෝටම කියන්න. "

" ළඟදීම හියුන්. ඒත්.... මට ඔයාගෙන් දෙයක් අහන්න තියේ. "

" මොකක්ද? "

" මතකද ඔයා පොරොන්දු වුණා මන් ඇවිද්දොත් ඔයා මට රාමෙන්ගේ crush එක කවුද කියල කියනවා කියල. "

" ඔව් මතකය්. ඔයාට දැන්ම දැනගන්න ඕනද ඒ කවුද කියල?. " හොබී හිනා වෙවී jk ගෙ මූණ දිහා බලන ගමන් ඇහුවා.

" නෑ hyun. මට..... ඒ ඉල්ලීීම වෙනස් කරගන්න බැරිද? "

" ඒ මොකක්ද? " jk ගෙ හදිස්සි ප්‍රශ්නෙන් හොබී පුදුම වුණා.

" hyun.... සොන්යීගේ crush එක.... මන් හරි ජිමින් හරිනම්........ ඔයා....... මට ඉඩ දෙනවද....."
jk කියන්න ගිය දේ මගින් නවත්තල ලොකු හුස්මක් ගත්තා.
හොබිත් හරි අවධානේන් jk දිහා බලන් ඉදියේ එයා ඉල්ලන්න යන්නෙ මොකක්ද කියල.

" එක්කො ඕනේ නෑ හියොන්. " jk ඉක්මනට කියාල අහක බලාගත්තා.

" කියන්න කූක්. ඔයාට මොකටද ඉඩ ඕන. "

" මන් හිතන්නෙ හියොන්.... සොන්යීගේ crush එක කවුරු වුණත්..... දැන් මගේ හිතේ crush එකක් තියේ වගේ සොන්යි ගන. මන් හිතන්නෙ hyun මන් එයාට ආදරේ කරනවා. ඒත් hyun.... සොන්යීගේ crush එක මන් හරි ජිමින් හරි නෙමෙයි නම් මට කියන්න මන් සොන්යි ගැන තියන හැඟීීම් ඇත්තරගන්න try කරන්නම්. ඒත් hyun..... සොන්යීගේ හිතේ crush එකක් තියෙන්නේ මන් ගැන හරි ජිමින් ගැන හරිනම්... ඔයා මට ඉඩ දෙනවද සොන්යිට ආදරේ කරන්න. " jk වේගෙන් වේගෙන් කියාගෙන යද්දී හොබී එයා කියන්නෙ මොකක්ද කියල ගලපගන්න පුදුම කට්ටක් කෑවේ.
ඒත් අන්තිමට ඒ කිව්වේ මොකක්ද කියල තේරුම් ගත්තම hope jk දිහා බලන් ඉදියේ කටත් ඇරගෙන පුදුමෙන් ම ඇස් දෙකත් ලොකු කරගෙන.

" hyun.... hyun..... මන් දන්නෝ මේක මේ වගේ දෙයක් අහන විදිය නෙමෙයි කියල. ඒත්..... මට බයයි මන් තව කල් ගත්තොත් එයා මගෙන් ගොඩක් දුරට යයි කියල. "

" හදිස්සියේවත්...... සොන්යිගෙ crush එක ජිමින් නම්. " ටික වෙලාවක්ම කටත් ඇරන් ඉදපු විදියටම ඉදපු හොබී එක පාරටම ඇහුවා.

" ඇත්තටම එයාද hyun? "

" නෑ මන් කියන්නේ..... එයා වුණොත් ඔයා මොකක්ද කරන්නේ. "

" ඒ වුණත් මන් සොන්යිට දැනෙන්න අරිනවා මන් තමයි එයාට ගැලපෙන්නේ කියල. hyun ඔයාටම තේරෙනවා නෙ jimin ගැන crush එකක් තියන් ඉන්න එකම බොරු වැඩක් කියල. jimin ආදරේ යෝල් ට. "

" තමන් ආදරේ කරන කෙනා තමාට ආදරේ කරත් නැතත් එයාගෙ ආදරේ අයිති වෙන කෙනෙක්ට කියල දැන දැනත් ආදරේ කරන එක තමයි කූක් ඒක පාර්ශ්වික ආදරේ. ඉතිං සොන්යීගේ crush එක jimin නම් එයා ජිමින්ට හැමදාටම ආදරෙ කරයි jimin යෝල් ව marry කලත්. "
හොබීගේ ඒ වචන වලින් jk ගෙ හිතට දැනුණේ ලොකු දුකක්. එයා දෙවනි පාරටත් ආදරේ කරන්න අරන් තියෙන්නේ එයාගෙ නොවන කෙනෙක්ට කියල එයාට හිතුණා.

" හරියට නිකං..... ඔයා ආදරේ කරන්නේ රේචල් ට කියල දැන දැනත් සොන්යි ඔයාට පනටත් වඩා ආදරේ කලා වගේ. " හොබී එයා කියල ඉවර නොකරපු ටිකත් කියල දැම්මේ jk ගෙ දුකින් පිරිලා තිබුණ ඇස් දිහා බලන්.

jk ට තත්පර තුන හතරක් ගියා හොබීගේ අන්තිම වචන ටික මොලේට යන්න.

" මෝ.... මොකක්ද ඒකෙ තේරුම. " jk ඇහුවේ පුදුමෙන් ලොකු වුණ ඇස් වලින්.

" මොකේද? " හොබිත් මුකුත් කිව්වේ නෑ වගේ රඟපාන ගමන් ඇහුවා.

" hyun අන්තිමට මොකක්ද කිව්වේ? "

" ම්ම්..... jimin යෝල් ව marry කරත් සොන්යි එයාට ආදරේ කරයි කියල කිව්වේ. " හොබී ඒක කියන ගමන් එයාගෙ හිනාව හිර කරගන්න jk ගෙන් අහක බලාගත්තා.

" නෑ.... ඉීට පස්සෙ කිව්වේ මොකක්ද? "

" මන් මුකුත් කිව්වේ නෑ. "

" hyun...... කියන්නකො.... ඒ ඇත්තද? ඒ... ඒ කියන්නේ සොන්යි....... මන් රේචල් ට ආදරේ කරපු කාලෙ ඉදන්ම මට ආදරේ කළාද? කියන්නකෝ hyun..... මට ඇහුණා ඔයා එහෙම දෙයක් කිව්වා. " කලබලෙන්ම එයාගෙ wheelchair එකෙන් නැගිටපු jk හොබී ගාව බිම දනගහගෙන ඇහුවේ හොබී jk ගෙන් අහක  බලන බලන වාරයක් ගානෙ හොබිිගේ මූණ දිහා බලන ගමන්.

" කියන්නකෝ හියොන්.... අනෙ..... "

" ඔව් ඔව්... " හොබී අන්තිමට කිව්වේ එයාගෙ හිනාව හිර කරන් ඉන්න බැරිම තැන.

" මගේ..... දෙය්යනේ.... එයා..... එයා කොහොමද ඒක මට දැනෙන්නවත් දුන්නේ නැත්තෙ. "
jk එතනම බිම වාඩි වෙන ගමන් කිව්වෙ හොබී ගෙ එකම වචනයක්වත් විශ්වාස කරන්න බැරුව.

EUPHORIA  || BTS JJK || ✔️Where stories live. Discover now