❤️‍🔥Chapter 06❤️‍🔥

784 134 89
                                    

" හැම ප්‍රශ්නයක්ම ඔහොම කෑගහලා... විසඳගන්න බෑ බං..... කොල්ලට ටික කාලයක් දීපන්.... "

දැන් ආපු අයියා මටත් ඇහැක් ගහලා එහෙම කියනකොට මින්සු අයියා බර හුස්මක් හෙලනවා මට ඇහුනා.. යෝ.... මොන වලත්තයෙක් ද.... මට ඇස් ගහන්න... තනියෙන් අහුවුනොත් ඔය ඇහැ උගුල්ලනවා..... කොහොමත් මේ මනුස්සයාට තියෙන්නේ මින්සු අයියට වඩා බෑඩ් බෝයි ලුක් එකක්...

" උඹ හරි මචං.... මට සමාවෙන්න රෝස මල.... මට හරියට කේන්ති යනවා.... පාලනය කරගන්න ටිකක් අමාරුයි.... දැන් මේ හැමදේම ඉවරයි.... යමු මං ඔයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම්.... කෝ... අපේ මල්ලි.... "

" අනේ... තෑන්ක්ස්... අයියේ... අපේ ගෙදරින් එනවා කිවුවා... ශුවා දැන් ඒවි... අයියා ශුවා එක්ක යන්න... මං ගෙදරින් එනකන් ඉන්නම්.... "

" ආහ්.... මූ තාම ගෙදර ගිහින් නැද්ද... මම කියන්නද බෙන් උඔ අපේ මල්ලිව ෆොටෝස් වලින් දැකල තියෙනවානේ.... මල්ලි මෙතෙන්ට ආවම උඹ මල්ලිත් එක්ක ටැක්සි එකකින් අපේ ගෙදරට යන්න... මම මගේ රෝස මලව ගෙදරට ඩ්‍රොප් කරලා එන්නම්.... අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවනේ.... "

අයියා එහෙම කියන ගමන් මගේ අතිනුත් ඇදගෙන බිම තිබ්බ චොක්ලට් බාස්කට් එකක් ඇහිඳගෙන කාර් එක පැත්තට යන්න හදනකොට මම උත්සාහ කළේ මගේ අත ඒ අතින් ගලවගන්න.... ඒ අතින් මගේ අත ගලවගන්න හදද්දිම අපිට එහා පැත්තෙන් මගේ නම කවුරුහරි කියනවා ඇහුණා වගේම මම ඉක්මනට ඒ පැත්ත හැරුණා.

හිටපු කෙනා වගේම ඒ කෙනාගේ මූණ හැටි දැක්ක පාර මට නම් ඔළුවට අකුණක් ගැහුවා වගේ වුණා......

" යීබෝ..... "

.

.

.

මගේ නම කියලා කෑගහලා තිබ්බේ වෙන කවුරුත් නෙමෙයි..... ඇමරිකන් අඩු දිග රට හාවා...... කෙටියෙන්ම කිව්වොත් මගේ ශුඩු තාත්තියා.....

ඇත්තටම මේ මනුස්සයා මෙහෙ මොකද කරන්නේ....  වැරදිලාවත් මාව ගන්න ඇවිත් ද....... something..... something.....

" ගල් ගිලලා වගේ ඉන්නේ.... ඇවිත් වාහනේට නඟිනවා..... "

ඉස්සරහ නතර කළ තිබ්බ වාහනය ළඟට වෙලා ඉන්න ශුඩු තාත්ති දිහා කන්න වගේ බලන් හිටපු මම හරි සිහියට ආවේ එයාගේ කටහඬින්...... මගේ දිහා රවාගෙන වගේ බලන් ඉඳලා ශුඩු තාත්ති ඩ්‍රයිවින් සීට් එකට නඟිද්දී තමයී මට තේරුනේ තාම මගේ අත මින්සු අයියා අල්ලාගෙන ඉන්නවා කියලා.....

𝗦𝗧𝗘𝗣 𝗙𝗔𝗧𝗛𝗘𝗥        ( 𝑍𝒉𝑎𝑛𝑌𝑖 𝐹𝐹 )Where stories live. Discover now