❤️‍🔥Chapter 09❤️‍🔥

636 94 53
                                    

හොඳ හුස්මක් පිට කරලා පුරුෂ ශක්තිය අරගෙන මම ඒක කියන්න ගත්තා.....

" චා... චාලී.... චාලී.... ඔයා ඉන්නවද.... "

මම කොහොමහරි ගොත ගහ ගහ හයියෙන් එහෙම කිව්වා.... ඒත් වටපිටාවේ කිසිම සද්දයක් නෑ.... මුළු කාමරයම නිහඬයි.... ඒසී එකේ සද්දේ විතරයි මුලු කාමරය පුරාම පැතිරෙන්නේ..... අපේ සෙට් එකේ අනිත් ටික මුලු කාමරය පුරාම ඇස් ඇරන් යන්නේ චාලිව හොයන්න වගේ..... ඒත් කිසි සද්දයක් නෑ.... පෑනක් තිබ්බ විදිහටම තියෙනවා.... ඒ කියන්නේ හොල්මනක් නෑ කියලනේ...

" මේ කාමරේ ඇති චාලියෙක් නෑ හලෝ.... "

" එහෙම කියන්න එපා ඩොබි හොල්මන හිටියේ පල්ලෙහා තට්ටුවේ නම් එද්දී ටිකක් වෙලා යනවනේ.... ආපහු අහපන්කෝ... "

" මට නම් බයයි යකූ.... "

" චාලී.... චාලී.... ඔයා ඉන්නවද..... "

මම ආයෙත් ඇහුවත් කිසි ප්‍රතිචාරයක් නෑ....

" දැක්කනේ බං හොල්මන් කියලා දෙයක්...... "

.

.

.

ටකස්.........

.

.

.

මම කිසි ප්‍රතිචාරක් නැති නිසා හොල්මන් නෑ කියන්න ගියා විතරයි.... දොර ළඟින් ආපු සද්දයක් නිසා අපි හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු වුණා..... ඒ වගේම ඒත් එක්කම කරන්ට් ගිහින් මුළු කාමරේම කලුවර වුණේ අපි තවත් බය කරලා....

" කරන්ට් ගියා හුප්තෝ.... "

" අඩෝ.... දො..... දොරේ අඟුල කැරකැවෙනවා බං.... "

" මට පේන්නේ පහල හිටපු හොල්මන දොරත් ඇරගෙනම එනෝ වගේ ඕයී.... "

" හුත්#% කියවන්නෙපා මේ බය වෙලා ඉන්න වෙලාවේ... "

" මම දොර ලොක් කරානේ බං හොල්... හොල්මනට ලොක් කරපු දොරවල් අරං ඉන්න පුලුවන්ද.... "

බය වැඩිකමට බ්‍රයිටා මාව බදා ගත්තා වගේම මමත් ඌව බදාගත්තා.... මට බයයි..... මගේ පපුවත් හයියෙන් ගැහෙනවා... බය වැඩි කමට චූත් බරයි.... මාමීයෝ.....

ඒ අස්සේ ලිනයි ශුවයි ෂෝන්ගේ ඇගේ එල්ලීලා.... කට්ට කරුවලේ අපි ටික බයේ ගැහි ගැහි හිටියා වගේම ගෙව්නේ තත්පරයයි... එක පාරටම කාමරේ දොර ඇරුණා වගේම කලුවරේ කාමරේට ආපු හෙවණැල්ල ටික ටික අපි කිට්ටුවට ආවේ අපි සෙට් එක යටිගිරියෙන් කෑ ගහද්දී....

𝗦𝗧𝗘𝗣 𝗙𝗔𝗧𝗛𝗘𝗥        ( 𝑍𝒉𝑎𝑛𝑌𝑖 𝐹𝐹 )Where stories live. Discover now