❤️‍🔥Chapter 07❤️‍🔥

716 132 78
                                    

" මම මේ ගෙදර වෙන්ඩ පුංචි බේබි.... ඇයි අවුල්ද..... එතකොට ඔය දෙන්නා අර ගෙවල් ගානේ ගිහින් බඩු විකුණන දෙන්නෙක්ද.... "

මම කට කොනින් හිනා වෙලා එහෙම කියනකොට ඒ දෙන්නා මූණට මූණ බලා ගත්තා වගේම ඊළඟට කතා කරන්න ගතතේ මිස්ටර් කොණ්ඩ කුරුල්ලාස්....

" ඒ වුණාට අපි කවදාවත් මේ ගෙදර පුංචි බේබියෙක් ඉන්නවා දැකලනන් නෑ..... කමක් නෑ.... ඔය බේබි කවුද කියලා අපි අහගන්නම් කෝ.... ඇත්තටම එක් අතකට බැලුවොත් අපි දෙන්නත් මේ ගෙදරට විකුණන්න බඩු උස්සන් එන දෙන්නෙක් වගේ තමයි..... ඌගේ ඔක්කොම පර වැඩ ටික අපි දෙන්නා ලවා කර ගන්නේ..... නැද්ද මචං.... "

" ඒක සිරා කතාව බම්..... ඒ පොඩ්ඩෝ.... මේ බෑග් දෙක මාර බරයි.... මේ ගෙදර ලොකු මැඩම්ට හරි ලොකු බේබිට හරි කතා කරනවද..... මෙහෙම බර උස්සගෙන හිටියොත් මුගෙයි මගෙයි අහවල් එකත් පහළට බහීවී.... "

පොලොස් කොට්ටෝරුව එහෙම කියද්දි හිතට පොඩි දුකක් දැනුන හින්දා මම ඔළුව වනලා ගේ පැත්තට හැරිලා ආච්චි අම්මිට කෑගහලා කතා කරා වගේම...... මම කෑගලා කියපු දේත් එක්ක කොෆි එකත් බිබී පඩිපෙළෙන් පහලට බැහැගෙන ආපු ශුඩු තාත්තිට කොෆි එකත් ඉස්මොළේ ගියා......

" ආච්චියෝ...... මෙන්න බඩුකාරයො දෙන්නෙක් ඇවිත්....... "

" කැහැක්.... කැහැක්.... "

.

.

.

.

කැහැ කැහැ හිටපු ශුඩු තාත්තිටත් හිනාවක් දාගෙනම මම කිචන් එක පැත්තකට ගියේ ආච්චි අම්මිව හොයාගෙන වුණත් මගේ කෑගැහිල්ලට පින්සිද්ද වෙන්න එයා කිචන් එකේ ඉඳන් බාගයක් දුර දැනටමත් ඇවිල්ලා හිටියා....

" මැණික ඔයාද අර හයියෙන් මොකක් හරි කියලා කෑ ගැහුවේ..... "

" හී.... හී.... ඔවුනේ අනේ.... "

" කියපු දේ නම් හරියට ඇහුනෙ නෑ..... මොකක් හරි හදිස්සියක්ද කියලා බලන්නයි මම මේ දුවගෙන ආවේ...... "

හිකිස්..... වෙලාවට ආච්චි අම්මිට මම කියපු එක ඇහිලා නෑ....

" නෑ අප්පා.... මේ කවුද දෙන්නෙක් ඇවිල්ලා..... මම මේ උයාව ඒ පිළිබඳව දැනුවත් කරන්නයි ආවේ...... "

𝗦𝗧𝗘𝗣 𝗙𝗔𝗧𝗛𝗘𝗥        ( 𝑍𝒉𝑎𝑛𝑌𝑖 𝐹𝐹 )Where stories live. Discover now