#1-Getting Closer

341 28 377
                                    

Continuing Someone's pov...

පොඩි කතාවක් කියන්න කියලා තමයි මම මේ ලෑස්ති වුනේ.වැඩේ කියන්නෙ ඒක කියන්න වුනත් මට සාධාරණ බයක් තියෙනවා මේ ගැන.

ඔයාලා විශ්වාස කරනවද හොල්මන් කියලා දෙයක් ගැන?

මම නම් ඒ ගැන කතා කරන්නත් කැමති නෑ.මොකද කීවොත් මම ඒ දේ හොඳටම විඳපු කෙනෙක්.

මම ජීවත් වුනේ මගේ නූනයි නම්දොංසෙංනුයි එක්ක අපේ ගෙදර.අපේ ගෙදරට එහා පැත්තෙ තට්ටු පහක විතර ලොකු ගෙදරක් තිබුණා.

එහෙ කවදාවත්ම එකදිගට එකම කට්ටියක් ජීවත් වෙනවා නම් මම දැකලා නෑ.මොකද කීවොත් එහෙ පදිංචියට එන අය උපරිම එහෙ ජීවත් වෙන්නෙ දවස් පහක් නැත්තම් හතක් විතරයි.

එදා ඉරිදා දවසක්.

එදා උදේම මම හිටියෙ මගේ නම්දොංසෙං එක්ක මිදුලට වෙලා බැඩ්මින්ටන් ප්ලේ කර කර.ඒත් ඒ වෙලාවෙ මම සෙල්ලම පැත්තක දාලා ගේට් එක පැත්තට දිව්වෙ ඒ වෙලාවෙ එහා ගෙදරට ලොකු ලොකු වාහන දෙක තුනක්ම ඇවිත් නතර කරපු නිසා.

එතන හිටිය එක හ්‍යුන් කෙනෙක් මාව දැකලා අපේ ගේට් එක ළඟට ඇවිත් මට කතා කළාම තමයි තේරුනේ එයාලා අනික් අයට වඩා ටිකක් වෙනස් කියලා.

?? : අන්න්‍යොංහසේයෝ.. මම යොන්ජුන්.. මට කියන්න පුළුවන් ද මේ එඩ්‍රස් එක තියෙන ගෙදර මේකද කියලා?

ඒ හ්‍යුන් හරියට සෙලිබ්‍රිටි කෙනෙක් වගේ පට්ටම හැන්ඩ්සම්.ඒ වෙලාවෙ එයා හිටියෙත් ඒ වගේම ලස්සන ඇඳුමක් ඇඳන්.අනික එයා බකට් කැප් එක්කුත් දාගෙන කලු පාට මාස්ක් එක්කුත් දාන් හිටිය නිසා මට එයා ගැන සැක හිතුනා ඒ සෙලිබ්‍රිටි කෙනෙක්මද කියලත්.

එයාගෙ නම නම් යොන්ජුන්.

මං හිතන්නේ...

එයා ඒ වෙලාවෙ හිතන් ඉන්න ඇත්තෙ එයාලා නවතින්න ආව ගෙදර අපේ ගෙදර කියලා.ඒකනෙ එයා මගෙන් ඒ වගේ දෙයක් ඇහුවෙ ඒ වෙලාවෙ.

?? : ම්..? මං හිතන්නෙ ඔයාට වැරදිලා හ්‍යුන්.මේක අපේ ගෙදරනෙ? අපි මේක විකුනලා නෑ.ඔයා එහා ගෙදරට වෙන්න ඇති එන්න ඇත්තෙ.

මං එහෙම කීවෙ එයා මට ෆෝන් එකේ තිබිලා පෙන්නපු එඩ්‍රස් එක අපේ ගෙදර එඩ්‍රස් එක නිසා.

나를 지워 | Erase Me | Horror |⏳🍃 ✅Where stories live. Discover now