14-Don't Believe The Red

44 11 97
                                    

Continuing Yechan's pov...

අර සිද්ධිය වෙලා සතියක් ගෙවුනා දැනුනෙවත් නෑ.

දැන් ඉස්සර වගේ නෙවෙයි.යොන්ජුන් හ්‍යුන්,යොන්ජු නූනා,බොම්ග්‍යු හ්‍යුන් වගේම අනික් නූනලා හ්‍යුන්ලත් ගොඩක් වෙලාවට අපේ ගෙදර එනවා.

ඇවිත් මාවත් හුරතල් කරලා එයාලා ටිකක් වෙලා ඉඳලා යන්න යනවා.

එදා සඳුදා දවසක්.

නූනා ගෙදර හිටියෙ නෑ.එයා හදිසි වැඩකට එලියට ගිහිල්ලා හිටිය නිසා මට ඉන්න වුනේ යොන්ජු නූනලා එක්ක.

මේ වෙද්දි මගේ නළලෙ තිබ්බ තුවාලෙත් හොඳ වෙලා තමයි තිබුනෙ.ඒත් ඒ කැළල තවම තියෙනවා.මගේ කොන්ඩෙන් ඒක වැහෙන නිසා අවුලක් නෑ ඉතින්.

මේ වෙලාවෙ එහෙ යුන්වු හ්‍යුනුයි දාහි නූනයි හිටියෙ නෑ.එයාලා හිටියෙ ෆිලික්ස් හ්‍යුනුයි ලින් නූනයි එක්ක වැදගත් වැඩකට හොස්පිට්ල් ගිහින්.

අනික් අයගෙන්..

කායි හ්‍යුනුයි මින්හි නූනයි හිටියෙ කැට් හවුස් එකට ගිහින්.

යුන්සො නූනයි සූබින් හ්‍යුනුයි හිටියෙ මූවි එකක් බලන්න එලියට ගිහින්.

එතකොට..

චේජින් නූනයි මින්හො හ්‍යුනුයි හිටියෙත් දෙන්නත් එක්ක ඇවිදින්න කියලා යෙලෝ බී පාක් එකට ගිහින්.

මේ වෙලාවෙ එහෙ හිටියෙ බොම්ග්‍යු හ්‍යුනුයි මින්සු නූනයි යොන්ජුන් හ්‍යුනුයි යොන්ජු නූනයි මමයි විතරයි.

හැම තට්ටුවකම වගේ ඒ වෙලාවෙ කිසිම සද්දයක් තිබුනෙත් නෑ.

එදා හොඳට ඉර පායපු ලස්සන දවසක්.

Yeonjun : ජුජූ..? කන්න මොනාහරි හදලා දෙන්න බෑද? මට දැන් යේචන්ව කන්න තරම් බඩගිනියි.කොහෙද ඉතින් මූ මගේ කෙල්ලවත් අල්ලගෙනනෙ ඔය ටික දවසට !

ඒකට කියන්නෙ පැහැදිලි ඉරිසියාව කියලා.

යොන්ජු නූනා මාත් එක්කම ඉන්න නිස යොන්ජුන් හ්‍යුන්ට ඉරිසියා හිතිලද කොහෙදෝ.

ඒ වෙලාවෙ මම හිටියෙ පහළ තට්ටුවේ සාලෙ මැද්දෙ බිම දිගා වෙලා චිත්‍රයක් අඳින ගමන්.ඉතින් යොන්ජු නූනත් ඇවිත් වාඩි වුනේ මගේ ළඟ බිමින් මිසක් යොන්ජුන් හ්‍යුන් හිටිය සෝෆා එකෙන් නෙවෙයි.

나를 지워 | Erase Me | Horror |⏳🍃 ✅Where stories live. Discover now