#4-Don't Trust Them

64 15 165
                                    

Continuing Yechan's pov...

දාහි නූනා ඒ කීවෙ අර එදා ගහගන්න ආව කොල්ලො ටික ගැන.අර කීවත් වගේම එයාලා යුන්වු හ්‍යුන්ලගෙ කම්පැනි එකට ඇටැක් එකෙන් ඉන්න තවත් කම්පැනි එකක කට්ටියක්.

ඒ මදිවට එයාලා දාහි නූනලගෙ යුනිවර්සිටි එකේ අය නිසා දාහි නූනටත් එයාලගෙන් බේරීමක් තිබුනෙ නෑ.

මේ වෙද්දි එදා අර තරු බල බල හිටිය ඩබල නම් හිටියෙ හොඳට නිදාගෙන.මොකද කීවොත් ඔය දෙන්නම ගොඩක් කම්මැලි ඩබලක්.දෙන්නම ඇහැරෙන්නෙ දවල් දොළහත් ළං වුනාම තමයි.

Eunwoo : තෝ මට ඇ‍ඳුම් මාරු කරගන්න දීලා මෙතනින් යනවද නැද්ද ‍!?

Felix : ඇයි යකූ මම පිට එකෙක්ද? උඹට ගෙදරදි පුලාම්නම් මං ඉද්දි ඕක කරගන්න... ඇයි මෙහෙදි වෙනමද?

Eunwoo : ෆිලික්ස් ! වදයක් නොවී පලයන්කො මල්ලි..!!

Felix : ඒක නෙවේ හ්‍යුනෝ..! උඹ ඇයි අරුන් එක්ක වලියට ගියේ? අන්න අප්පා උඹ එනකන් බලන් ඉන්නෙ පාවඩ එලලා පිළිගන්න.

Eunwoo : උඹට ඒ ටිකට ඒකත් ආරංචි වුනාද? ඔව් ඉතින් හැමතැනම අප්පගෙ ගෝලයොනෙ?

Felix : උඹ ඉතින් කියන එකක් අහන්නෑනෙ !? උඹෙ නහර වැඩීනෙ කොහොමත්? උඹත් අර බොම්ග්‍යුවගෙ හ්‍යුන් වගේ තමා ! කොයි වෙලේ බලපන් කොල්ලා කොල්ලගෙ වැඩ.අනික් එවුන් කියන ඒවගෙන් වැඩක්ම නෑ !

ඒ වෙලාවෙ ඒ ඩබල හිටියෙ යුන්වු හ්‍යුන්ගෙ කාමරේට වෙලා ඊයෙ දවස ගැන කතා වෙවී.

ෆිලික්ස් හ්‍යුන් යුන්වු හ්‍යුන්ගෙ ඇඳ උඩට නැගලා කොට්ටෙ බදන් නිදාගත්තම යුන්වු හ්‍යුන් හිටියෙ උදේම නාලා ඇඳුම් මාරු කරන ගමන්.

Eunwoo : උඹ පැහෙන්නැතුව හිටහන්කො ‍! මම ඒක අප්පා එක්ක බලාගන්නම්.උඹ දැන් මොකටද මෙහෙ ආවෙ? මම උඹට එන්න කීවෙ නෑනෙ?

Felix : කව්ද තෝව බලන්න ආවෙ? මං ආවෙ ජීයුන්ව බලලා යන්න.

Eunwoo : අනේ පල පල ! මාව තම්බන්න බෑ තොට.

Felix : ක් හැ ! ක් හැ !! හ්ක්..

කියවන්න ගියාම බ්‍රේක් නැති නිසා ඒ වෙලාවෙ ෆිලික්ස් හ්‍යුන්ට ලොකු කැස්සකුත් ආවා.

나를 지워 | Erase Me | Horror |⏳🍃 ✅Where stories live. Discover now