Chapter 08

1K 192 12
                                    

💥 JK බොස් ඇල්ෆාව අල්ලගත්තා !!

Prison එක ඇතුලේ සිගරට් එකක් උරන ගමන් හිටපු JK ලගට එයාගේ ගාර්ඩ් එකේ කෙනෙක් ඇවිල්ලා කිව්වාම JK ඒ තියුණු ඇස්වලින්ම ඒ ගාර්ඩ් දිහා බැලුවා..අල්ලගත්ත කෙනාගේ නම කිව්වාම JKගේ කලු බෝල ඇස් කේන්තියෙන් නිල්පාට වෙනවා ගාර්ඩ් දැක්කාත් ඒ දේවල් එයාලට මේ වෙනකොට සාමාන්‍ය දේවල් වෙලායි තිබ්බේ..

🐰 අරන් එනවා !!

ලග තිබ්බ සිගරට් එක විසික් කරලා පුටුවෙන් වාඩි වෙන ගමන් JK කියනකොට ඒ ගාර්ඩ් ඉක්මනට එතනින් ගියේ JK එහෙමත් නැත්තම් ජන්ග්කුක් කොහොමත් එකම දේ දෙපාරක් කියන්නේ නැති නිසායි.

🐰 ඔහ් බලන්නකෝ කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා ??

ජන්ග්කුක් ඩ්‍රැමටිකලි විදියට කියාගෙන ඉස්සරහට යනකොට අත පය බැදලා මූන රෙද්දකින් වහලා හිටපු ඇල්ෆාට නම් අවුරුදු ගානකට කලින් ඇහුන ඒ කටහඩ නම් අදුරගන්න බැරි උනා..

🔴 තමුන් කවුද ??

ඇල්ෆා දම්වැල් වලින් ලිහාගන්න ට්‍රයි කරන ගමන් ඇහුවාත් රිදීයෙන් හදලා තිබ්බ දම්වැල් වලින් බේරෙන එක ලේසි උනේ නෑ..වෘකයන්ට රිදී විස වෙනකොට ඒවාගෙන් ගැලවෙන්න දගලන එකම තව තවත් තමන්ව තුවාල කරගන්න වැඩක්ම උනා..

🐰 ඔයාට මාව අදුරගන්න බැරිද ඇල්ෆා ??

ජන්ග්කුක් ඇල්ෆාගේ ඔලුව වහලා තියෙන රෙදි කෑල්ල ගලවන්න ට්‍රයි කරන ගමන් ඇහුවත් ජන්ග්කුක් දිහා බලන් හිටපු ඇල්ෆාට ජන්ග්කුකව අදුරගන්න බැරි උනා..එහෙම වෙන්න ඕන..අවුරුදු 8කට කලින් හිටපු ජන්ග්කුක් නෙමෙයි දැන් ඉන්නේ..අවුරුදු 8කට කලින් තිබ්බ ඒ බෝල ඇස් දැන් දිලිසුනත් දිලිසෙන්නේ එයාගේ යූන් ලග විතරයි..පුංචි කැලළක්වත් නොතිබ්බ ඇග පුරාම දැන් ටැටූ පිරිලා..ඇස් බෝල වැහෙන්න තිබ්බ කොන්ඩේ පිටිපස්සට කරලා බූලක් දාලා තියෙනකොට ඒ ඇස්වල වෛර කේන්තිය විතරක්ම තියෙනකොට ඇල්ෆාට ජන්ග්කුකව අදුරගන්න බැරි උනා..

🔴 ත..තමුන් කවුද ??

ඇල්ෆා ජන්ග්කුක් දිහා බලන් අහනකොට ජන්ග්කුක් හිනා උනා..ඒක යූන් ලගවත් ගෙදර අය ලගවත් පෙන්නනවා වගේ හිනාවක් නෙමෙයි..ඒක හරිම භායානකයි..ඒක ඇල්ෆා කෙනෙක් උනත් බය වෙන ජාතියේ හිනාවක්...ඒ හිනාව එක්කම ජන්ග්කුක්ගේ ඇස් නිල් පාට වෙනකොට ඇල්ෆා කට කොනේ හිනාවක් දැම්මා..

Mr.Mate || Tk || CompletedWhere stories live. Discover now