Chapter 14

1.2K 208 13
                                    

ටේහ්‍යුන් ලිලීව ගෙදර ගෙනාපු ගමන් මුලින්ම බැලුවේ ඔෆිස් එකේ cctv footage..මොකද එනින් ගමන් ලිලිගෙන් ටේහ්‍යුන් කොච්චර ඇහුවත් එයා වැටුනේ කොහොමද කියලා ලිලී කිව්වේ කකුල පැටලිලා කියලයි..ඒත් ලිලීව හොස්පිටල් අරන් යන වෙලේ රෝස්ගේ මූනේ ඇදුන ජයග්‍රාහි හිනාව ටේහ්‍යුන්ට ලිලී වැටුන විදිය ගැන සැකයක් හිතුනා..ඒ නිසයි ටේහ්‍යුන් පන්න පන්න ලිලීගෙන් එයාව රෝස් තල්ලු කරාද කියලත් ඇහුවේ..ඒ කොහොම ඇහුවත් ලිලීගේ උත්තරේ උනේ නෑ කියන එක..මොකද ලිලී දන්නවා රෝස් එයාව තල්ලු කරා කියලා කිව්වොත් එයාගේ ඩැඩා නිකන් ඉන්නේ නෑ කියලා..

ලිලීට හොදටම මතකයි ලිලීට සැර කරා කියලා හිටපු සෙකට්‍රි කෙනෙක්ට ටේහ්‍යුන් ගැහුවා..හෝසියොක් , ලිලී දෙන්නා හිටියේ නැත්තම් ඒ මනුස්සයා මැරෙනවා..එදා ඉදන් හෝසියොක් එක්ක එකතු වෙලා ඒ මිනිස්සුන්ව එලෙව්වාට ලිලී ඒ ගැන ටේහ්‍යුන්ට කියන්න යන්නේ නෑ..පුංචි උනත් ලිලීට තේරෙනවා එයාගේ ඩැඩාට කේන්ති ගියාම පාලනය කරගන්න බැහැ කියලා.. ඒ නිසායි ලිලී ටේහ්‍යුන්ට ඇත්ත නොකිව්වේ..ඒත් වාසනාවකටද අවාසනාවකටද මන්දා රෝස් ලිලීව තල්ලු කරන එක ටේහ්‍යුන් හන්ගලා තිබ්බ cctv එකක රෙකෝර්ඩ් වෙලා තියෙනකොට ටේහ්‍යුන්ගේ අත් මිටවෙලා ඇස් කේන්තියෙන් රතු උනා..ඒත් එක්කම ටේහ්‍යුන් කෝල් එකක් ගත්තේ එයාගේ ඉල්ලීගල් බිස්නස් සම්බන්ධව කටයුතු කරන විශ්වාසවන්තම කෙනාට..

🐯 කින් , රෝස්ව ප්‍රිසන් එකට අරන් එනවා !!

💥 ඒත් බොස්..

🐯 තමුසෙට මන් කරන්න කියපු එක විතරක් කරපන් මිනිහෝ..තව විනාඩි 20 ක් ඇතුලත රෝස් ඉන්න ඕන ප්‍රිසන් එකේ..නැත්තම් උබ මැරෙන්න ලෑස්ති වෙයන් !!

ටේහ්‍යුන් කෑ ගහලා ෆෝන් එක කට් කරනකොට ටේහ්‍යුන්ගේ කේන්තියේ තරම් දන්න නිසා කින් ටේහ්‍යුන් කියපු විදියට ම වැඩේ කරා..තවත් විනාඩි ගානක් යනකොට ටේහ්‍යුන් කියපු විදියටම රෝස් හිටියේ ප්‍රිසන් එකේ අත පය ගැටගහලා පුටුවක වාඩි කරලායි..

ටේහ්‍යුන් ලිලීව හෝසියොක්ට බලාගන්න කියලා කෙලින්ම ගියේ එයාලගේ ගෙදර පහල බේස්ට්මන්ට් එකේ තියෙන ප්‍රිසන් එකට..ඒකට යන්න පුලුවන් දොරවල් දෙකයි තියෙන්නේ..එකක් ගබඩා කාමරෙන් වෙනකොට අනිත් දොර තිබ්බේ ගෙදරින් එලියට වෙන්න..ලිලීට නොපෙනෙන්න හැමදෙයක්ම වෙන්න ඕන නිසා ප්‍රිසන් එකට ගේන ගොඩක් අයව ගේන්නේ එලියේ උමන් මාර්ගයක් හරහා තියෙන දොරටුවකින්..පහල වෙන කිසිම දෙයක් එලියට ඇහෙන්නේ නැති නිසාත් ගබඩා කාමරේ යතුර තියෙන්නේ ටේහ්‍යුන් ලග විතරක් නිසාත් ලිලී කවදාවත් ටේහ්‍යුන් ප්‍රිසන් එකට යනවා දැකලා නෑ..කොහොමත් ටේහ්‍යුන්ට කරදරයක් වෙන කෙනෙක්ව එවෙලෙම ඉවරයක් කරනවා මිසක් ප්‍රිසන් එකට ගේන්නේ හරිම කලාතුරකින්..ඒ ගේන කෙනත් තමන්ගේ මරනය ඉල්ලනකම් වද දෙන්න ටේහ්‍යුන් දෙපාරක් හිතන්නේ නෑ..ඒ වෙලේට ඉන්න ටේහ්‍යුන් කියන්නේ ලිලීගේ ඩැඩාවත් ජින්ගේ බෙයාර්වත් නෙමෙයි..එතන සම්පූර්ණයෙන්ම ඉන්නේ මාෆියා කින්ග් V !!

Mr.Mate || Tk || CompletedWhere stories live. Discover now