Chapter 22

1.4K 205 31
                                    

ටේකුක් දෙන්නාගේ හදිසි තීරණ නිසා ජියෝන් පවුලයි කිම් පවුලයි සතියෙන් වෙඩින්ග් ප්ලෑන් කරන්න ලොකු වෙහෙසක් දැරුවා..ජන්ග්කුක්ගේ පලවෙනි වෙඩින්ග් එක වගේම ටේහ්‍යුන් ආසාවෙන් සතුටින් කරන පලවෙනි වෙඩින්ග් එක මේක වෙනකොට පවුල් දෙකටම වෙඩින්ග් එක උපරිම ලස්සනට ලොකුවට කරන්න ඕන උනා..ඇරත් ටේහ්‍යුන් වගේම ජන්ග්කුක් කියන්නේ ප්‍රභල බිස්නස්මන්ලා දෙන්නෙක් නිසා වෙඩින්ග් එක ගැන ආරංචිය ආපු ගමන් මීඩියා එක පවා ඇවිස්සිලා තිබ්බේ..ටේහ්‍යුන්ගේ කඩවසම් රූපේ හැමෝම දැකලා තිබ්බාත් JJK OWNER JEON JUNGKOOK ව කවුරුත්ම දැකලා තිබ්බේ නෑ..ඉතින් KIM TAEHYUNG 'S BRIGHT JEON JUNGKOOK තමයි මේ වෙනකොට කොරියාවේ ප්‍රධාන මාතෘකාව වෙලා තිබ්බේ..ඒත් තාමත් ජන්ග්කුක් මිනිස්සු ඉස්සරහට යන්න කැමැත්තක් දැක්වුවේ නෑ වගේම ටේහ්‍යුන්ටත් ඕන උනේ නෑ එයාගේ ලස්සන බ්‍රයිඩ්ව දැම්ම හැමෝටම පෙන්නලා ඇස්වහ වද්දගන්න..

කොහොම හරි මේ හදිසි වෙඩින්ග් එකේ වැඩවලට පවුලේ හැමෝම බිසි වෙලා හිටියේ..මිස්ටර් ඇන්ඩ් මිසිස් කිම් හොටෙල් එක බලන්න ගියාම මිස්ටර් ඇන්ඩ් මිසිස් ජියෝන් හනිමූන් එකට තැනක් බලන්න ගියා..එතකොට වෙඩින්ග් එකේ ඩ්‍රෙස් තෝරන වැඩේ කරේ ජිමින්, ගුකි දෙන්නා..ගෙදරටම ඇවිල්ලා ටේකුක් දෙන්නාගේ මෙශමන්ට් ගත්තාට පස්සේ ඉතුරු හරිය භාරව තිබ්බේ පුංචි පාර්ක් පවුලට..හොටෙල් එකේ කෑම සම්බන්ධයෙන් ජින් බලාගන්නකොට ටේකුක් දෙන්නාගෙ ආරක්ෂාව ගැන නම්ජුන් බලාගත්තා..කොරියාවේ ඉන්න හොදම බිස්නස්මන්ලා දෙන්නාගේ වෙඩින්ග් එක නිසා ආරක්ෂාව ගොඩක් වැදගත් කියන එක ජින් නම්ජුන්ගේ ඔලුවට හැමවෙලේම දානවා..ඇත්තටම ජින්ට ඕන නෑ වෙඩින්ග් එකේ පොඩි ප්‍රශ්නයක්වත් වෙනවා බලන්න..

පොඩ්ඩො දෙන්නාත් ජිමින් එක්කම ඩ්‍රෙස් කෝර්ඩ් එකේ වැඩට ගිහින් හිටිය නිසාත් සෝප් ඩබල මේ දවස්වල ඔෆිස් දෙකම බලාගන්න නිසාත් ටේකුක් දෙන්නා විතරයි ගෙදර හිටියේ..ටේහ්‍යුන් හිටියේ ජනෙල් ගැට්ට උඩ වාඩි වෙලා සිගරට් එකක් තොල් අතර තියන් ජනේලෙන් පේන ඈත අහස දිහා බලාගෙන..අදට ජන්ග්කුක්ගේ බුසාන්වල ගෙදරට ඇවිල්ලා දවස් පහක් විතර වෙනකොට අනිද්දාට ටේකුක් දෙන්නාගේ වෙඩින්ග් එක තියන්න ලෑස්ති කරලායි තිබ්බේ..ටේහ්‍යුන්ට කරන්න වැඩකුත් තිබ්බේ නැති එකේ එයා කරේ ජනේලේ ලග ඉදන් අහස බලන් අනාගතේ ගැන හිතපු එක විතරයි..අතීතේ ගැන හිතලා හිත රිද්දගන්නේ නෑ කියලා ජන්ග්කුක්ට පොරොන්දු උන නිසා අනාගතේ ගැන හිතන්න ටේහ්‍යුන් තීරණය කරලායි තිබ්බේ..

Mr.Mate || Tk || CompletedWhere stories live. Discover now