🄲🄷🄰🄿🅃🄴🅁 01

411 37 70
                                    

රෑ අහස...
මාරම ලස්සනයි... අනේ මන්ද මන් රෑ අහසට පට්ටම ආසයි හිත පුදුම විදියට නිදහස් කරගන්න පුළුවන් තැනක්...
අදත් වෙනද වගේම ගේ ඉස්සරහ බංකුවේ ඉදන් මන් අහස දිහා බලන් ඉන්නව...
ඉබේම බර හුස්මක් පිට උනේ අද උදේම අහන්න ලැබුණු දේ ආයිම මතක් වෙලා... හ්ම්ම් ඔයා හරි ඒක ලොකු කතාවක් ... හරි ලස්සනට ගලන් ගිහිපු අපේ කතාවෙ බලාපොරොත්තු උන දවසක් ඇවිත්... සතුටු වෙන්න ද දුක් වෙන්න ද කියලා හිතා ගන්න බෑ... ඔයා හිතන්නේ මොකක් කියලා ද...

මනමාලයෙක් එනවලු...






මාව බලන්න ද...













අනේ නෑ....








මගේ ජියාව බලන්න...



දැන් අහයි කවුද ජියා කියලා...



ඒ මගේ හැමදේම...

වෙලාවකට මගෙ අම්මා
තව වෙලාවකට මගෙ අක්කා
තවත් වෙලාවකට මගෙ හොදම යාළුවා
මගෙ සෝල්මේට්
මගෙ හුරතලේ
මගෙ නපුරා
මෝඩ අලේ
මගෙ චණ්ඩියා




















ඒ වගේම මගේ ජීවිතේ...
















හි හී....

ඔව් අලේ...
ඒ මන් ආදරේ කරන කෙනා...🙊🙈

ඒත් අදින් පස්සෙ ඒක වෙනස් වෙනවා...

මගේ කියලා කියන්න අයිතියක් නැති වෙන්න ලගයි...
ඒත් ඒක කරගත්තෙත් මන් ම තමයි
ඒකට ලොකු හේතුවක් තියෙනවා...
හ්ම්ම් ඒ තමයි මගේ අම්මි  තාත්ති
ඔව් එයාල අපිට අපේ සම්බන්දෙට කැමති නෑ
කැමති නෑ... කියන්නේ මාවත් එයාලට අප්පිරියයි
ඒ තරම් අප්පිරිය හිතන්න හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ...








අපි කෙල්ලො දෙන්නෙක් හින්දා ද....



ඒත් ආදරේ කොහෙන්ද භේදයක්...
ඔව් මන් දන්නේ එහෙම...
මන් දන්න මගේ අම්මි පවා එහෙමයි...

ඒත් එයාට...
එයාගෙ දෝණිගෙ ආදරේට...

භේදයක් තියෙනො ලු...

මන් දන්නේ නෑ ඉස්සරහට මොනවා වෙයි ද කියලවත්...
ඒත් මට ආයි කිසිම කෙනෙක් ඕන නෑ...
ඕන නෑ කියන්නේ එහෙම කෙනෙක් හම්බෙන්නෙත් නෑ...
ඔව් මගේ ජියාගෙ ආදරේට සමාන කරන්න පුළුවන් කෙනෙක් කොහොමත් මේ ලෝකෙ නෑ...

𝐀𝐫𝐞 𝐖𝐞 𝐒𝐭𝐢𝐥𝐥 𝐁𝐞𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬? |𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐|Where stories live. Discover now