🄲🄷🄰🄿🅃🄴🅁 29

46 14 28
                                    

මට මේ දැනෙන දේ.. මට මේ හිතෙන දේ පිලිගන්න හරි අමාරුයි.. ඒක පිලිගත්තත් මේක හරි යයිද.. ඒ මොනා උනත් එදා ඉදන් මන් ආශිත් එක්ක කලින්ටත් වඩා සමීප උනා කියලා මට දැනුණා..

කොහොමින් කොහොම හරි හැමදේම හරි ඉක්මනට උනා.. අපේ ෆුට්බෝල් ටීම් එක මැච් එක දින්නා.. අපි ෆයිනල් තේරුනා.. ඒකත් නාලන්දෙ එක්ක ෆයිනල් මැච් එක.. මේකෙන් නම් සකන්ඩ් ප්ලේස් ආවත් කමක් නෑ ෆයිනල් තේරිච්ච එකම ලොකු දෙයක්.. කොහොම හරි අපේ කලර්ස් පෙන්නන්න කියලා තමයි අපේ කෝච් නම් අපිට කිව්වේ.. බලමුකෝ තව මාසයක්ම ඒකට තියෙනවා නේ..
ඔක්කොමත් හරි අපේ ඉස්කෝලෙ කොන්සට් එක මේ සතියෙ සිකුරාදා තියෙනවා... ඒකට මේ ප්‍රැක්ටිස් වෙන ගමන්.. ආශිට ඕනලු මාත් එක්ක සිංදුවක් කියන්න.. මූ බෑන්ඩ් එකෙත් ලීඩර්.. වෙලාවක් ඇත්තෙත් නෑ මූට..  ඒත් මාත් එක්ක සිංදුවක් කියන්නම ඕන කියන්නේ.. මේ ටිකේම මාත් එක්ක වලි ඕකට.. පව් නේ පොඩි එකාගෙ ආසාව නේ කියලා මාත් ඔන්න ඔහේ අද හා කියන්න ඕන.. මාත් ආසයි ඉතින් මූත් එක්ක එක ස්ටේජ් එකේ හැමෝටම පේන්න අපේම කියලා සිංදුවක් කියන්න.. කොහෙද මේකට හෙන හදිස්සිය නේ.. තාම මන් ඒ සිංදුව ලියන ගමන් ඉන්නෙ.. 😉

"තීනූ..."

"ම්ම්ම්..."

"මේ..."

"ම්ම්ම්..."

"ජෙසිකාගෙත් ඩාන්ස් එකක් තියෙනෝ ලු නේ..."

"ම්ම්ම්..."

"ඔයාටත් අඬගැහුව ලු නේ..."

"ම්ම්ම්..."

"ඔයා ඒකට යනෝ ද.."

"ම්ම්ම්..."

"එතකොට දැන් අපි දෙන්නා සිංදුවක් කියන්නේ නැද්ද..."

"ම්ම්ම්..."

"අනේ ඕයි..."

"ම්ම්ම්..."

"මං මේ කියන එක අහන් ද ඉන්නෙ ඔය.."

"ම්ම්ම්..."


චටාස්..

"ආව්.. ##තෝ.."

"මොන ලෝකෙද ඉන්නෙ මිනිහො..."

"පොඩි වැඩක් කර කර ඉදියෙ.. කියන්න ඉතින්..."

𝐀𝐫𝐞 𝐖𝐞 𝐒𝐭𝐢𝐥𝐥 𝐁𝐞𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬? |𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐|Where stories live. Discover now