🄲🄷🄰🄿🅃🄴🅁 10

64 21 28
                                    

මොකක්ද කිව්වේ.. කාත් එක්කද ගියා කියලා කිව්වේ... යකෝ මූට ලැජ්ජාවක් කියලා එකක් නෑ නේ... වෙච්ච දේවල් එක්ක ඌ එක්ක බොන්න තියා ලගින්වත් ආශ්‍රය කරන්නවත් හොඳ එකෙක් ද ඌ...















"ආශි... තොට මෝල් අමාරුවද ඌ එක්ක ගියේ.. ආහ්... තොට මන් කී දවසක් කිව්වද... කතා කරපන්.. ආහ්... කියපන්.. කියපන් මන් උබට කොච්චර නම් කියලා ඇත්ද උගෙන්  පරිස්සම් වෙන්න කියලා..."

මන් ගිනි පිටවෙන කේන්තියෙන් ආශිගෙ බෙල්ලෙන්ම අල්ලන් එහෙම ඇහුවෙ දේශාන් කියන්නේ හොඳ එකෙක් නෙවෙයි නිසා... ඇරත් ඌ.. ඌ ආශිට කෙල හලනවා.. ඒ ආදරේට නෙවෙයි.. ඒක.. ඒක මන් නෙවෙයි අපේ සෙට් එක අතරත් ප්‍රසිද්ධ රහසක්... ඒක දැනගෙනත් ඌ එක්ක බොන්න යන්න මූට මොන අමාරුවක් හැදිල ද... ඌට කියලා මොනවා හරි කරගන්න ඕන නැත්තං එහෙම යන්නේ නෑ නේ...





ඒක මතක් වෙද්දි මගේ අත් උගේ බෙල්ලෙ තවත් හිර උනා....














"අනේ... තීනු මාව අතාරින්නකෝ...   ම..ට...
හු.. ස්.. ස්.ම  ගන්..න අමා..රුයි.. නේ...🥺"

"තෝ.. තෝ... තෝව මන් මරනවා දැනගනින්..."

"තී...නු.....🥺"

"තොට කොච්චර කිව්වත් වැඩක් නෑ බන්... ඕන එකෙක් එක්ක ගිහින් ඕන මගුලක් කර ගනින් තෝ...."

"....."

"ආයිශ්..."

"....."

"උබව මෙච්චර පරිස්සම් කරන්නෙ හේතුවක් ඇතුව කියලා උබට තේරෙන්නේ නැද්ද බන්..."

"අනේ.. යන්න එපා තීනු... මට බයයි නේ...."












ඌ කොච්චර කෑගහල ඇඬුවත් මන් ඒවා මට ඇහෙන්නේ නෑ වගේ කාමරෙන් එලියට ආවෙ ඔලුව පුපුරන්න වගේ රිදෙන නිසා... ඌට වඩා මන් බය උනා.. ඒක ඌට තේරෙන්නේ නෑ... දෙයියනේ අවුරුදු ගානක් පස්සෙන් ඉදන් මූව අපි, යාළුවො, මුගේ අම්මි තාත්ති වගේම මගේ අම්මි තාත්ති මූව ඇස් දෙක වගේ පරිස්සම් කරගන්නෙ ලොකු හේතුවක් ඇතිව ලු.. ඒක මාත් හරියට දන්නේ නෑ... ඒත් අක්කි කියන්නේ හරි වෙලාවට මන් ඒක දැනගනී කියලා... මූ දන්නෙත් නෑ ලු.. ඒත්.. ඒත් මේකා දැනගන්න ඕන එයාට කරදරයක් කරන කෙනෙක් ආශ්‍රය නොකර ඉන්න... මූ කොල්ලෙක්.. කොල්ලෙක් උනාම එහෙම පරිස්සම් කරන්න ඕන නෑ තමයි.. ඒත් අද කාලෙ එවුන්ට කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා අදාල නෑ.. අනික මේකා තාම අතදරුවෙක් වගේ ජීවත් වෙන්නේ.. තමන්ගේ දෙයක්වත් තනියම කරගන්න බෑ... එහෙම එකේ පොඩි හරි ඉඩක් ඇති නේ කාගෙන් හරි මේකට කරදරයක් වෙන්න..











































𝐀𝐫𝐞 𝐖𝐞 𝐒𝐭𝐢𝐥𝐥 𝐁𝐞𝐬𝐭 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬? |𝚘𝚗𝚐𝚘𝚒𝚗𝚐|Место, где живут истории. Откройте их для себя