Chapter 02

1.5K 199 38
                                    


" ඉතින් "

" ඉතින් "

"අහ් ?" " පුහ්හ්හ් "

ඒ අපි දෙන්නා .. දෙන්නාම එකම කියද්දි අපි දෙන්නාටම හයියෙන් හිනා ගියා

අපි හිටියේ වැව රවුමේ දිග බංකුවක් උඩ. එයා එහා කොනේ මන් මෙහා කොනේ. මන් දන්නේ නෑ ඇයි අපි අතර ලොකු ඉඩක් තියෙන්නේ කියලා හැබැයි ඒක මට රිද්දනවා. එයා ඇවිත් මාව බදාගෙන විනාඩියකට විතර පස්සේ අයින් උනාම මට ඇත්තටම ලෝබ හිතුනා. එක මොහොතකට එයාව හැමදාම මගේ තුරුලේ හංගා ගන්න ඕනේ උනා. මට මගේ එයා ගැන ලෝබ හිතුනා. මහ ගොඩක්

අන්තිමට මන් එයාව දැක්කා. අවුරුදු 2කට පස්සේ ඇස් දෙකට දැක්කා. එයා ෆොටෝ වලට විඩියෝ කෝල් වලට වඩා ලස්සනයි . ගොඩක් ලස්සනයි ගොඩක් හුරතල් ඊටත් වඩා ගොඩක් ආදරනීයයි. ඉතින් මන් ලෝබ කරන එක වැරදිද?

 ඉතින් මන් ලෝබ කරන එක වැරදිද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හිරුශ විශ්මික වික්‍රමනායක ... මගේ එයාගේ නම.
එයාටත් අවුරුදු 25යි . අපි එකම වයසේ. මන් කුරුණෑගල වෙද්දි එයා ගාල්ලේ. මට මල්ලියෙක් ඉද්දි එයාට නන්ගියෙක් ඉන්නවා. වෙනසකට තියෙන්නේ මන් ජොබ් එකක් කරද්දි එයා කැම්පස් එකේ අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්නවා.

ඉතින් අපි ගොඩක් සමානයි. මේ අපි දෙන්නා. කාලයක් දකින්න ආස කරලා අන්තිමට අවස්ථාවක් අරන් දකින්න ඇවිත් ඒකත් අපි දෙන්නාම ආදරේ කරන නුවර අහස යට වෙද්දි එයායි මායි බංකුවක දෙපැත්තේ ඉඳගෙන වැව දිහා බලන් ඉන්නවා .. කවුද කියන්නේ අනේ ජිවිතේ සංකීර්ණයි කියලා . සරලයි බොක්ක . ඇඩෙන්න තරම් සරලයි

" ඔයාට මොකුත් කියන්න නැද්ද ? "

ඒ එයා. මගේ දිහා බලන්නේවත් නැතුව ඉස්සරහ බලන්ම එයා මගෙන් අහනවා. හ්ම්ම් උත්තර නෑ

නුවර අහස යට || BL || Complete Where stories live. Discover now