චෙක්පොයින් එකෙන් සිලි බෑග් අයින් කරලා ස්නැක් පැකට් ටික බ්‍රවුන් පේපර් බෑග් වලට දාලා දුන්නාට පස්සේ අපි ඇතුලට ගියා. චෙක්පොයින්ට් එක එක්කම තියෙන්නේ පොඩි කෞතුකාගාර කොටසක්. ඕකේ කුකුළු බිත්තරේ ඉදලා තියෙනවා. ඒකෙන් එලියට ආවාම පොඩි අඩි පාරක්. පොඩි කියන්න බෑ. හැබැයි වටේම් තණකොළ නිසා ඒක පේන්නේ පොඩියට. ඊට පස්සේ පොඩි පාලම් කෑල්ලක්. පස්සේ පල්ලෙහාට පල්ලෙහාට පඩි ගොඩක්. ඕක බහිනවා වගේ නෙමේ ගිහින් ඇවිත් නගිද්දි තමා තරු පේන්නේ.
අන්තිමට කන්ද නැගලා පාර බෙදෙන තැනට එද්දි හොද පන ගිහින්. දැන් කියන්න එපා කොල්ලෙක් නෙමේ ඇගේ ෆිට්නස් නැද්ද ගගා. කොල්ලෙක් තමා හැබැයි එහෙමයි කියලා මන් ජිම් එකේ ඉන්න එකෙක් නෙමේ. යන්නේ එන්නේ කාර් එකේ, ආසාවට කියලා බර වැඩ කරන්නේ නෑ, මහ ලොකුවට ඇවිදිල්ලක් නෑ. එක්කෝ ගෙදර නැත්තම් ඔෆිස් එකේ ඇරෙන්න වෙන මහන්සි වෙන්න කියලා දේවල් මොකුත් නොකරන මට කොල්ලෙක් උනත් මේ වගේ දේවල් වලදි මහන්සි දැනෙනවා. ඒක සාමාන්‍යයි. ගැනියෙක්ගේ වේවා පිරිමියෙක්ගේ වේවා ඔය කොයි ඇග උඩ නැටුවාත් ඇදේ ඉදන් කරලාත් අන්තිමට මහන්සි දැනෙනවා නම් මේවාගේ දේවල් වලදි විතරයි ඇයි අමුතු ෆිට්නස් එකක් බලන්නේ. කොල්ලෙක් විනාඩි 10ක් 15ක් දුවලා මහන්සි කියලා කීවොත් මිනිස්සු බලන්නේ ඌ පිරිමියෙක් නෙමේ වගේ ඇහැකින්. එහෙම එකක් නෑ පිරිමි කියන්නේ පිරිමිම තමා. මහන්සි දැනෙන එක කාටත් පොඩි දෙයක් වෙද්දි ඇයි පිරිමින්ට විතරක් වෙනසක්.
වමටයි දකුනටයි පාර බෙදිලා තියෙද්දි මන් ශැලෝම්ගේ උරහිසටත් තට්ටුවක් දාන් දකුණු පැත්තෙන් යන් කියලා ඔලුවෙන් පෙන්නලා ඇවිදන් ඉස්සරහට ගියා. අනිත් පැත්තෙන් ගියොත් ගත්ත ගමන්ම ගල් වලින් පහලට බහින්න වෙන්නේ එතකොට ඇගට අමාරුයි. ඒ නැතත් එහෙන් ගියොත් මැදක් වෙනකන් ලස්සනක් බලන්න බෑ මහන්සි නිසා. එතකොට අන්තිම වෙද්දි දකුණු පැත්තෙන් එලියට එද්දි මේ පැත්තේ ලස්සන ඔක්කොම මිස් වෙනවා. මන් නම් කාටත් රෙකමන්ඩ් කරන්නේ දකුණු පැත්තෙන් පටන් ගන්න කියලා. මුල ඉදන්ම ලස්සනයි..අන්තිම වෙද්දි බලන්න දේවල් අඩු නිසා මහන්සි දැනෙද්දි ප්‍රශ්නයක් නෑ
![](https://img.wattpad.com/cover/343273185-288-k962723.jpg)
YOU ARE READING
නුවර අහස යට || BL || Complete
Non-Fictionනුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති...