Chapter 15

274 47 37
                                    

📞

" ඕයි රෑට මාලුද මස් ද ? "

" මාලු මාලු. ඊව් මස් ඇති වෙලා දැන් ම- "

බීප් බීප් බීප්

ශැලෝමයා උගේ කියවිල්ල පටන් ගන්න කලින් මන් කෝල් එක කට් කරා. නැත්තම් අද උයලා ඉවරයි.

මාලු උයලා පරිප්පු හදලා ඇඹරැල්ලායි හ්ම්ම්ම්ම් ආයේ සම්බෝල එක්ක පපඩම්. ඒ ඇති . සාමාන්‍යයෙන් රෑට ගොඩක් කන්න හොද නෑ තමා ඒත් බඩගිනි. උදේ කාපු ඩෝන්ට් එකයි ප්‍රේස්ට්‍රි එකයි ඇරෙන්න මේ වෙනකන් වෙන මොකුත්ම මන් කෑවේ නෑ . ඊටත් වඩා මට කන්න ඕනේ කමක් ආවේ නෑ . කොහොමත් උදේ කෑව එකත් ඇගට ඇල්ලුවා කියලා හිතන්න බෑනේ. ඒ නිසා රෑටම කනවා. එක දවසක් රෑට වැඩියෙන් කෑවා කියලා කලයක් තරම් බඩක් එන්නේ නෑනේ .

ෆොන් එක ෆිජ් එක උඩින් තියලා එන ගමන් ගෙනාපු හුරුල්ලෝ ටික ෆිජ් එකෙන් එලියට අරන් ඒකට වතුර දාලා කූල් එක්ක යන්න තියලා ඇඹරැල්ලා ටික හෝදන්න ගත්තේ ඉක්මනටම ඒක තැම්බෙන්න තියන්න ඕනේ නිසා.

ෆුඩ් සිටියේ තව මාලු තිබ්බා හැබැයි මන් කැමති ඒවා නෑ . ඒ ඇරත් රෑට වගේ හොද මාලු බැදලා. අනිත් අයට නම් කොහොමද දන්නේ නෑ හැබැයි මන් නම් හුරුල්ලෝ ඇරෙන්න අනිත් ඒවා බැදලා කන්න එච්චර කැමති නෑ. මාලු උනත් කන වේල අනුව වෙනස් වෙනවා. උදේට බත් වගේ තියෙද්දි නම් සැරට උකුවට මාලු හොද්දක් එක්ක සම්බෝල වගේ හ්ම්ම්ම් මරේ මරු ඉතින්. ඉදි ආප්ප වලට වගේ නම් කිරි මාලු හදලා සැර නැතුව කිරට. ඒ එක්කම සැර පරිප්පු එකයි සැර අඩු සම්බෝල අම්මෝහ්හ් ආයේ ඉතින් නෑ කෑවෑ හැකි බඩ උල් වෙන්න.

කොච්චර කොහොම උනත් අපේ තාත්තාට පිං සිද්ද වෙන්න මාසෙට සැරයක් ඇරෙන්න දැන් මට මාලු කන්න බෑ. වැව් මාලු පෙන්නම බෑ. ඈක්කා අප්පා.

එතකොට මන් ඒලෙවල් වගේ ඇති අපේ තාත්තා යාපනේ ඉදලා එද්දි මාසෙකට මාලු ගෙනවා. අන්තිමට අම්මා උදේටත් මාලු උයනවා දවල්ට බදිනවා රෑට ඩෙවල් දානවා. පස්සේ ඒ මාලු ටික ඉවර උනාම මාලු ගනන් අඩුයි කියලා සතියට කිලෝ හතර ගානේ වැව් මාලු ගෙනාවා. ඒ ඔක්කොමත් හා කියහල්ලාකෝ ඔක්කොටම හපන්නේ කුනු මාලුවාගේ මාලු ගැනිල්ල. මාලෝ මාලෝ ගාන් සතියට සැරයක් ගමට එන මාලු කාරයා දැක්කාත් මට මල. ඌ එන්නෙම අපේ ගෙදරට මාලු දීලා යන්න. ඕකේන් මේකෙන් ඔක්කොගෙන්ම අන්තිමට උනේ මට මාලු එපා වෙච්චි එක

නුවර අහස යට || BL || Complete Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ