Chapter 12

327 48 46
                                    


" අම්මේ ... "

" අම්මේ .. ඔව් අම්මා තමා . උබට තාම මන් අම්මා කියලා මතකද ශැලෝම්. මොනවාද පුතේ උබ මේ කරන්නේ? පිස්සෙක් එක්ක ඉදලා උබටත් පිස්සු හැදෙයි "

" අම්මේ ... !! "

මට කේන්ති ... මන් අම්මාට කේන්තියෙන් කතා කරන්න කැමති නෑ හැබැයි අම්මාම ඒකට පාර කපනවා. අවුරුදු ගානකට කලින් ශාන් පුතේ කියපු කටින්ම කොහොමද අම්මා එයාට පිස්සෙක් කියන්නේ. ඒකත් මේ ඌ බයි උනා කියලා

" ශැලෝම් !! උබ ගෙදර එන්න ඕනේ . කොල්ලෝ එක්ක ජෝගි නටන එකෙක් එක්ක උබ ඉන්නේ නෑ . උබ දැන් බැදලා ඉන්නේ. උබට ගෑනියෙක් ඉන්නවා. ඒ දරුවා බැදපු දවසේ ඉදන් මෙහේ. හරි නම් ඔය කොල්ලා නෙමේ මේ කෙල්ලායි ඔය ගෙදර ඉන්න ඕනේ "

" ඔය කොල්ලා ? .. ඈ අම්මේ ශාන් පුතා කියපු කටින්ම කොහොමද අම්මේ ඔයා මූට ඔහොම කතා කරන්නේ? මේ මගේ යාලුවා අම්මේ. මට බෑ ඌට මාව ඕනෙම වෙලාවේ ඌව දාලා එන්න. මන් එච්චර ගුනමකු නෑ  "

" උබට ඕනේ අපිටත් අවනම්බු කරන්නද ශැලෝම් ? "

" අම්මේ අම්මේ ඔයා ලෝකේ එක්ක ඉන්න මනුස්සයෙක් නේද දෙයියනේ ? ඇයි තේරුම් නොගන්නේ බයි කියන්නේ ලෙඩක් නෙමේ දෙයියනේ "

" කොල්ලෝ කොල්ලෝ.... ඕවා ලෙඩ තමා පුතේ. ශැලෝම් උබ ගෙදර එන්න ඕනේ නැත්තම් උබටත් ඕවා බෝ වෙයි. මානසික ලෙඩ්ඩු ඉන්න ඕනේ හොස්පිටල් වල මිසක් ගෙවල් වල නෙමේ "

" ඇති ... දැන් නම් හොඳටම ඇති අම්මේ !! ආයේ වචනයක්වත් කියන්න එපා. මන් තියනවා "

බීප් බීප් බීප්

මන් ෆොන් එක කට් කරා. මාස 5කට අපේ අම්මලා වෙනස් උන විදිහ හිතාගන්න බෑ. එයාලාට ශාන් කරපු දේකුත් නෑ එකම වැරැද්ද ඌ බයි උන එක. ඇයි ඒ ? ඌ බයි උන වරදට ඌට තව මොනාද නැති වෙන්න තියෙන්නේ හහ් හහ් ... හිනා යනවා... ඌ වගේම මාත් අසරණයි .. තාමත් ගෙදර මිනිස්සු මන් බයි කියන්න දන්නේ නෑ. නොදන්න කෙල්ලෙක් මගේ වයිෆ් වෙලා. බඳින දවසේ ඇරෙන්න මන් ඒකිව දැකලාත් නෑ . බැදලා මාසෙකුත් ගිහින් නම ඇරෙන්න ඒකි ගැන මන් මොකුත් දන්නෙත් නෑ. මේ මාසෙම මන් හිටියේ ශාන් එක්ක. නෑ මේ අවුරුදු ගානම මන් ඌ එක්ක. ඌ කොහෙද මන් එතන..
















නුවර අහස යට || BL || Complete Where stories live. Discover now