08.GOOD BYE

63 19 34
                                    

යීබෝ හිටියෙ දොර ගාව..එයා දොර ඇරන් ආව නිසා ඒ අඩවන් කරලා තිබ්බ දොරෙන් ලාවට එළියක් කාමරේට වැටිලා තිබ්බා..එයා හිටියෙ මට පිටුපාලා හැබැයි උඩට මුකුත් ඇදලා හිටියෙ නෑ..පහළට සුදු පාට ටවල් එකක් පටලන් හිටියා..එයාගෙ වී ශේප් ඇග මාව පිස්සෙක් කරා..අනික් දේ තමා එයා මාස්ක් එකක් නැතිව හිටියෙ.හැබැයි එයා මට පිටු පාලා ඉන්න නිසා මූණ පේන්නෑ..

ඉක්මන්ට එන්න..
මට පිටුපාලා ඉන්න ගමන්ම යිබෝ මට ඉක්මන්ට එන්න කියලා යන්න ගියා..යෝහ් මෙච්චර දෙයක් වෙලත් ෂූයා නිදි..මන් දුන්නා ඌට පයින් පාරක් ඇදෙන් බිමට වැටෙන්නම..

ම.....මා......ආහ්...ව්ව්ව්..ආව්....ආ..ව්..
ඌ මර හඩ තියන් බිම වැටුනත් හරි මන් ගස්සලා බාත් රූම් එකට ගිහින් දොර වහා ගත්තා.

කොහොමින් කොහොම හරි එයාපෝර්ට් යන වෙලාවත් ලන් වුණා..උදේ පාන්දර නිසා අපි සැන්විචස් කාලා කෝපී බිව්වා..මන් සුපුරුදු පරිදි සුදු අයියා දුන්න කිට් එකකට බැහැලා හිටියෙ..ඔව් ඇත්ත වශයෙන්ම මන් නිගමනයකට ආවා ඒ තමා මේ ඇදුමත් යීබෝ ගේ.අත් දුටුදයි ප්‍රත්‍යක්ෂයි..මේකෙන් ආවෙත් ඊයෙ රෑ ඇදන් හිටිය ඇදුමෙන් ආව සදුන් සුවදමයි..කළු පාට ලොකු ටී එකයි ට්‍රව්සර් එකයි..යසයි...ට්‍රව්සර් එක උස්ස උස්ස තමා ඉන්න වුනේ..නැත්තන් මගෙ පුක එළියෙ..යෝහ්..අද ජාත්‍යන්තර ස්ථානයකට යන්නෙ පුක පේන්න ඇදම්....ඊයේම කිව්වා නම් ඇදුම් කෑලි ටිකකුත් දාගෙන එනවා නෙ..සුදු අයියා ටත් දැන් දැන් සිහිය නෑ.බැන්දම කල්පනාවත් අඩු වෙනවද කොහෙද...

අපි හැමෝම යන්න පිටත් වුනේ ෂූයාගෙ වාහනෙ.යද්දි හැමෝම හිටියත් එද්දි දෙන්නෙක් අඩු වෙනවා නෙ..මන් මූණත් එල්ලන් වාහනෙ පිටිපස්සෙම සීට් එකේ කෙරවලේම ජනේලෙ ගාව ඉද ගත්තා.මොනා නැතත් ජනේලෙ අයින එපැයි..කිසිම කතාවක් නැතිව හිටිය අයිස් ප්‍රින්ස් වන්ග් යීබෝ මගෙ එහා පැත්තෙන් ඉද ගත්තෙ නැවතත් මගේ හෘදස්පන්ධනය පැයට කිලෝමීටර් අසූහාරදාහක වගෙ වේගෙන් ගැහෙද්දි..
අපි දෙන්නටම ඉස්සරහායින් ඩයිලනයා වාඩි වුණා..නිකන් නෙමේ මට කින්ඩි හිනාවකුත් දාන්..ඒකා කොහොමත් මාවයි යීබොවයි එකට දකිද්දි ස්වයං සංතෘප්තියක් ලැබුවා.

B O Y in the M A S K   (YIZHAN FF)Waar verhalen tot leven komen. Ontdek het nu