09.LOVE

97 21 71
                                    

සත්තයි මන් බය වුණා.ඇයි අනේ එක පාරටම හොදට හිටිය මනුස්සයා පපුවත් අල්ලන් බිමට පත බෑවුනාම..මන් එයාගෙ මූණ දිහා බලන් එයාගෙ මූණට පාත් වුණා..

බෝ..බෝ.......මො...ක..

මට වචන සම්පූර්ණ කරන්න වුනෙ නෑ එයා මාව ඇදලා ගත්ත පාරට මන් ගිහින් නැවතුනෙ ඒ පපුව උඩ..

කදුලින්ම ගී ගැයූ සමන...ල් යාලුවේ අසන්...සිත් යා..ය මත අපේ මල් යාය යලි පිපේ..!! ....මගේ හිත ඇතුලේ තනිකරම සමන් එදිරිමුනිගේ මෙගා නාට්‍යක් වගේ කීරී ගැහිලා ගියා වගේම එයත් එක්ක අත් අල්ලන් මල් වත්තක් වටේ යනවා මැවිලා පෙනුනා..

මාස්ක් එක පිටින්ම මගේ කම්මුලකට පුංචි හාදුවක් දුන්න එයා එයාගේ ඇගිලි තුඩු වලින් මට නොරිදෙන්න සියුම් මල් පෙත්තක් පිරිමදිනවා හා සමානව මගෙ එක කම්මුලක් පිරිමැද්දා..

ඒ ඇස් වලින් මන් දැක්කෙ දීප්තියක්.එයා හිනා වෙනවද කියලවත් මට හරියට තේරුනේ නෑ..ඒත් මේ ටික දවසට මන් තේරුම් ගත්ත දෙයක් තමයි එයා හැගීම් පිටතට පෙන්නන්නෙ හරිම අඩුවෙන් වගේම එයාගෙ හිනාව බොහොම ගණන් එකක් වුනා..දැන් හිතන්න එපා මන් එයාගෙ හිනාව දැක්කා කියලා..නෑ..මන් දැක්කෙ මාස්ක් එක යටින් පිම්බෙන්න එයාගෙ කම්මුල් විතරයි..මන් අනුමාන කරනවා ඒ එයා හිනා වෙද්දි කියලා..

බනී......

එයා මගෙ ඇස් දිහාම බලාගෙන මට කතා කරා..බනී කියන එක එයාම මට දාපු නමක් වෙද්දි එයා ඒක කියද්දි මන් ආස වුනා..

ම්ම්ම්..

මන් ආදරෙයි..

එයා මට ආදරෙයි කිව්වා..ඔව් ඒක හරි ඉතින්.සුදු අයියා වගේම එයත් මට ආදරේ ඇති...කියලා මගෙ උඩු හිත කිව්වත්...

බනී..ඒ ආදරේ ඔයාගෙ සුදු අයියා වගේ නෙමෙයි.සහෝදරයෙක් යාලුවෙක් වගේ නෙමෙයි මැණික..මන් ඔයාට ආදරෙයි මට ඔයා එක්ක ජිවිත කාලෙම එකට ඉන්න ඕන වගේම මට ඔයාට ගගා කෙනෙක් යාලුවෙක් වගේම පපා කෙනෙක් වෙන්න පුලුවන් වගේම මගෙ මැණිකව මට පරිස්සමෙන් බලා ගන්න ඕන මට ඕන ඔයාව මගෙම කර ගන්න...

එයා මට ආදරෙයි කිව්වා..හැබැයි ඒ අනෙක් අය වගෙ නෙමෙ කියලත් කිව්වා..මන් හිතුවත් එයා මට ආදරෙයි කිව්වෙ සුදු අයියා වගෙ මට සහෝදරයෙක් විදියට කියලා මගෙ හිත පිලිගත්තෙම ඒ ආදරේ එහෙම නෙමෙයි කියලා.මොකද සුදු අයියා ගාව ඉද්දි දැනෙන හැගීමට වඩා සිය දහස් ගුණයක් වෙනස් හැගීමක් මට යීබෝ එක්ක ඉද්දි දැනෙන්නෙ.සුදු අයියාව පොඩි කාලෙ ඉදන් දැනන් උන්නා වුනාට මට මේ ලගදි මුණ ගැහුන අයිස් ප්‍රින්ස්ව ගොඩක් කල් ඉදන් දන්නවා වගෙ දැනුනා.ඒ වගේම එයා ගාව ඉද්දි මගෙ හදවත විතරක් නෙමේ මුලු ඇගම පිස්සු නැටුවා..එයා මගෙ දිහා බලන් ඉද්දී ඒ ඇස් වල තිබ්බ ආදරය මන් දැක්කා..මාව පරිස්සම් කරන්න මගෙ හිත නොරිදන්න එයා කරපු පුංචි පුංචි දේවල් වලින් මට එයාගෙ ආදරේ තවත් දැනුනා..මන් එයා ගාව ඉන්න ආසයි..ඇත්ත..මට විදගන්න නොලැබුන පපාගෙ ආදරේ එයාගෙන් මට දැනුනා.ඒ මොනවා නැතත් දැකපු මුල්ම දවසෙ මගෙ හිත හොල්ලන්න පුලුවන් වුන එකම කෙනා එයා වෙද්දි හේතුවක් තිබ්බත් හේතුවක් නැතත් මාත් එයාට ආදරෙයි.එයා මගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනේ නෑ..ඔයා මට ආදරෙයි ද ඇහුවෙ නෑ..ඒත් මන් මගෙ හිතෙ තියන හැගීම එයාට කියන්නම ඕන

B O Y in the M A S K   (YIZHAN FF)On viuen les histories. Descobreix ara