"මං මේපල් සිරප් වලට කැමති නැහැ ඉසබෙල්..ඔයා ඒක කන්න...
ෆේයිත් මේපල් සිරප් අන්තිම ටිකත් සූරලා ඉසබෙල්ගේ පාන් එකට වක් කරලා ඉසබෙල් කනකන් බලාගෙන හිටියා.කලින් ජෝ කෑම කාලා ගිය නිසාත් එයාලගෙ තාත්තා ගෙ කැම එක කන්තෝරු කාමරෙන් ගිහින් තියපු නිසත් කෑම මේසෙ හිටියෙ එයයි එයාගෙ චූටි නංගි ඉසබෙලුත් විතරයි .
"එතකොට ඔයා පාන් කන්නෙ නිකන්ද ෆේයිත්...?
ඉසබෙල් එයාගෙ පාන් එකෙ තියන සිරප් ටික දිහා බලල කෝපි එක බොන ෆේයිත් දිහා බැලුවා.
"කර උන පාන් ඇත්තටම කෝපි එක්කයි සීනි එක්කයි කන එක ඇත්තටම හොදයි ඉසබෙල්..ඔයා ඕක ඉක්මනට කන්නකෝ..
"ම්ම්..වෙලාවට අපි නිවාඩු කාලෙ මෙහෙට ආවේ...නැත්තම් උදේම නැගිටලා ඉස්කෝලේ දුවන්න වෙනවා..
"අලුත් ඉස්කෝලේ කොහොම වෙයිද දන්නෑ.
"හොද යාලුවෝ හම්බුනොත් හොදයි..කලිම් ඉස්කෝලේ වගෙ නරක ලමයි නම් ඕනිම නෑ...
"මං හිතන්නෙ ඒ තරම් නරක ලමයි නැතිවෙයි ඉසබෙල්..මං අහල තියෙයි ගම් වල ලමයි අහිංසකයි කියලා නගරෙ ලමයින්ට වඩා..
"අපි අදවත් ඇවිදින්න යමුද ෆේයිත්...අපි මෙහෙ ඇවිල්ලා ත් දැන් දවස් තුනක්නේ..අපි ජෝටත් කියලා ඇවිදින්න යමුද...
"තාත්තගෙන් අහන්න ඕනිනේ මුලින්ම ඉසබෙල් ,
"එයාට අමතක යි එයාට ලමයි ඉන්නවා කියලා ...
ෆේයිත් දැක්කා එයාගෙ චූටි නංගිගෙ ඇස් වල කදුලු පිරෙනවා.
"එහෙම කියන්න එපා ඉසබෙල්...තාත්තා අපිට ගොඩක් ආදරෙයි නේ...අපි තාත්තට නොකියා ඇවිදින්න යමු,ගිහින් හවස් වෙන්න කලින් එමු..එතකොට එයා දැනගන්නෙ නෑනි...ජෝටත් කියමු
ඉසබෙල් හිමින් ඔලුව වැනුවට පස්සෙ ෆේයිත් හිනාවෙලා කෑම මේසෙ අස් කරා..ෆේයිත් ට වයස අවුරුදු දොලහක් උනත් එයා හරියටම ගෙදර අම්මා වගෙ එයාගෙ නංගිවයි අයියවයි ගොඩක් වෙලාවට එයාගෙ තාත්තවයිත් බලාගත්තා.
අවුරුදු හතක් වයස ඉසබෙල් ඉපදෙද්දිම එයාලගෙ අම්මා එයාලව දාලා ගියා වගේම එයාලගෙ තාත්තා ත් හුගක් වෙනස් උනා,ෆේයිත් කොයිම වෙලාවකවත් එයාල තනියම ජීවත් වෙන එක ගැන දුක් උනෙ නෑ..