ප්‍රින්ස් ලියම් නපුරු කෙනෙක් !

86 29 7
                                    

ජන්කුක් ගැස්සිලා ඇහැරුනා.හොදටම හවස් වෙලා කියලා නොකියා කියන්න වගෙ අහසත් මේතරම් වෙලා ඇදන් හිටපු නිල් පාට ඇදුම අහක් කරලා තද රතු පාට ඇදුමක් ඇදගෙන හිටියා.

ජන්කුක් ටික වෙලාවක් යනකන් ඇස් පොඩි කරා,දෙයියනේ එයා දැක්කෙ පුදුම තරම් ලස්සන හීනයක්නේ..ප්‍රින්ස් ලියම්ගෙ දරුවෝ එක්ක ජන්කුක් සෙල්ලම් කලා..ජන්කුක් පොත නතර කරනකොට ඉසබෙල් ඉපදුන ගමන්මයි,එතකොට ෆේයිත්ට අවුරුදු පහයි,ජෝ හරියටම ඉසබෙල් ගෙ වයසෙ...ඒත් ජන්කුක් අවුරුදු හතක් ඉස්සරහට වෙන දෙයක් හීනෙන් දැකලා..

ඒක හරි අමුතු ලස්සන හීනයක්..!!!!

එකපාරට නැගිටින්න හැදුවත් ජන්කුක් ට දැනුනා එයාගෙ අත උඩ බරදෙයක් තියනවා..

ජන්කුක් හැරෙද්දියි දැක්කෙ දුබුරු පාට කොන්ඩයක් තියන චූටි ගෑනු ලමයෙක් එයාගෙ පුංචි අත්වලින් ජන්කුක් ව බදාගෙන නිදාගන ඉන්න විදිහ.ඊට එහා පැත්තෙන් ෆේයිත් වගෙම ජෝත් නිදාගන හිටියා..

එතකොට ජන්කුක් තාම ඉන්නෙ හීනෙ ඇතුලෙද?

"ම්හු...

ඉසබෙල් චූටි ඈනුමක් ඇරලා ආයෙම නිදාගන්නකොට ජන්කුක් හිමින් හිමින් ඉසබෙල් ට තට්ටු කරන ගමන් හයියෙන් තමන්ගෙ අත මිරික ගත්තා..

"ආව්හ්....

"ඔයා නම් හෙනම මෝඩයි අප්පා..මං මොකට ඔයාගෙ ඔලුව ඇතුලෙ ඉපදුනාද මන්දා...

" එල්...

"මං තමයි ඔයාට මාව ඕනි වෙන්නෙ තනි හිතුනාම තමයි..

"ඔයා දන්නවද අපි මේ කොහෙද කියලා..

"මං ඔයාගෙ ඔලුවනෙ ජන්කුක්..ඉතින් ඔයා විශ්ව කෝශ ගිලලා නෑනි මට බුද්ධිමතෙක් වගෙ හැසිරෙන්න..

"මං ඔයාගෙ හැටි දැන දැන....ෆේයිත් !!!!!

ජන්කුක් තනියෙන් කියවන දිහා හුග වෙලාවක් බලන් හිටිය ෆේයිත්ව ජන්කුක් දැක්ක ගමන් කෑගැස්සුනා..

"අහ්..ඔ..ඔයා කතාකරන්න..ඒකට කම්ක් නෑ...

ෆේයිත් බෙල්ලත් කස කස කියද්දි ජන්කුක් ගෙ මූන ඇබුල් උනා..

ඒ දෙනාගෙ සද්දෙට ජෝත් ඇහැරෙද්දි වටේම ටික ටික කලුවර වෙලා තියනවා දැකලා ෆේයිත් වගේම ජෝත් කලබල උනා..

𝑳𝒐𝒔𝒕 𝒊𝒏 𝒃𝒍𝒖𝒆 𝒗𝒂𝒍𝒍𝒆𝒚 Where stories live. Discover now