අඩ හද අයිති ටේහියුන් ගෙ හදවතට

94 24 7
                                    

"ඔයා දිගටම ඔය මඩ ගොඩේ මඩ කනයෙක් වගෙ දගලන්න හිතන් ඉන්නවනම් මතක තියාගන්න මිස් ඉසබෙල් මං ඔයාව මේ රෑම සීතල වතුර වලින් නාවනවා..!!!!!!!

ජන්කුක් කුස්සියෙ එලියෙ පුංචි දියසීරාව ලග ඉන්න මනුස්ස මඩකනය ට කෑගැහුවෙ බැරිමතැන...ඇත්තටම ඒ මනුස්ස මඩක්නයා දැන් හරියට පරන වෙච්ච චොකලට් සිරප් වැක්කෙරෙන පුඩිමක් වගේ..

"එයා අද ඔතනින් එන්නෑ එයා ට ඇතිවෙනකන් ජන්කුක් ශී..

ෆේයිත් හිටියෙ බිත්තර ටික බීට් කරන ගමන්,එයාලා දෙන්නා අද රෑ කෑමට විශේශ බිත්තර ඔම්ලට් එකක් හදන ගමන් හිටියේ...මින්චි කොල ටිකක් කඩන් එන්න යවපු කෙනා මඩකනයෙක් වෙන්න පටන් අරන්...

"ඔයා මේක මික්ස් කරන්න ෆේ...මං ගිහින් අර මඩ කනයව උස්සන් එන්නම්...

ජන්කුක් අත්දෙක හෝදගෙන එලියට බැස්සේ ඉසබෙල් ව අල්ලගන්න..එතකොට එයා දැක්කා ඕක් ගහ උඩට වෙලා පොතක් කියනවන ජෝව,ජෝ ජන්කුක් ව දැකලා අතවනද්දි ජන්කුකුත් ආපස්සට අතවැනුවා...

"ජන්කුක් ශී....මෙන්න තෑග්ගක්...

ජන්කුක් දැක්කෙ නෑ මඩ නාපු ඉසබෙල් එයාගෙ ලගට එනකන්ම...අන්තිමට ඉසබෙල් ගෙ අතින් ජන්කුක් ගෙ මුලු ඇගෙම මඩ වලින් නෑවෙද්දි ජන්කුක් ට හිනාවෙන ගමන් ඉසබෙල් වේගෙන් දුවගෙන ගියා...

"ආහ්....බෙලා ඔයා නම් හොදටම නරක් වෙලා...

ජන්කුක් බබාලා එක්ක හිටියට කොහෙත්ම එයා බබාලා බලාගන්න ගැලපෙන කෙනෙක් නෙමෙයි..නැත්තම් එයා බෙලා දගල දගල හිටපු මඩ ගොඩෙන් මඩ අහුරු දෙකක් අතට අරන් බෙලා පස්සෙන් දුවන්නෙ නෑනේ.

එදා සිද්ධියෙන් පස්සේ ටේහියුන් ජන්කුක් ට ගෙදර ඉන්න ඉඩදුන්නා.ටේහියුන් කොයිම වෙලාවකවත් එයාලා ට ලං උනේ නැ..හැබැයි ජන්කුක් දැක්කා හැමතිස්සෙම වගෙ ටේහියුන් ගෙ ඇස් එයාගෙ දරුවො තුන්දෙනා ලග රදිලා තියනවා..වෙනදා වගේම ටේහියුන් කන්තෝරු කාමරෙ අස්සට වෙලා හිටියා.සමහරවෙලාවට එයාට ඇහෙනවා මිනීමරනවා කියලා ඉසබෙලා හරි ෆේයිත් හරි කෑගහනවා..ඒත් ටේහියුන් ට බයවෙන්නවත් වෙලාවක් ඉතුරු නොවීම එයාලා ආයෙම සද්දෙන් හිනාවෙනවා..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 01 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑳𝒐𝒔𝒕 𝒊𝒏 𝒃𝒍𝒖𝒆 𝒗𝒂𝒍𝒍𝒆𝒚 Where stories live. Discover now