ජන්කුක්-ශීට සීතල අල්ලලා!

121 32 10
                                    

ෆේයිත් තාත්තා ගෙ වාහනෙ සද්දෙට දොර ගාවට එද්දි ටේහියුන් අතෙ තිබ්බ කඩදාසි බෑග් එක ෆේයිත් ගෙ අතට දුන්නා..

"ජෝටත් දෙන්න...

ටේහියුන් මුමුනලා පිටි ,බිත්තර එලවලු තිබුන බෑග් එකත් අරන් මුලුතැන්ගෙට ගියා...

"තාත්තා...

ටේහියුන් හැරෙද්දි කඩදාසි බෑග් එකත් අතක ගුලි කරන් ෆේයිත් බලන් හිටියා..

"මට පුලුවන් කෑම හදන්න...

"ඇත්තටම?

"ඔව්..තාත්තා ඉසබෙල් ලගට යන්න..මං ඉක්මනට කෑම හදන්නම්....

ෆේයිත් කියද්දි ටේහියුන් මොකුත් නොකියම මුලුතැන්ගෙයින් පිට උනා..

ටේහියුන් ට කෑම හදන්න බැ..ෆේයිත් ඒක දන්නවා...අවුරුදු හතක් ඇතුලත ෆේයිත් වයසට වඩා මෝරලා හිටියා වගෙම සීයා තාත්තා ගෙ ගෙදරදි සේවකයෙක් වගෙ අත්ටම්මා ෆේයිත් ගෙන් වැඩ ගත්ත නිසා කෑම හදාගන්න ෆේයිත් ට පුලුවන් උනා...ටේහියුන් නොදැන උන්නත් ජෝ පවා ගොවිපලවල් වල බර වැඩ කරා..පුංචි ඉසබෙල් එයාටත් වඩා ලොකු බ්ලැන්කට් හෝදනවා කියලා ටේහියුන් දැනන් හිටියෙ නෑ..හැමදාම ටේහියුන් මන්දිරයට එද්දි කාමරවල නිදන් ඉන්න එයාගෙ පුංචි සුරංගනා පැටව් වින්ද දුක ඇතීනාගෙ මිනියත් එක්ක ජීවත් වෙන ටේහියුන් දැක්කෙ නෑ. .

ටේහියුන් හිමින් ඉසබෙල් ගෙ කාමරේට යද්දි ජෝ ඉසබෙල් ගෙ නලලෙ තිබුන රෙදි කඩ අයින් කරලා අලුත් රෙදි කඩක් දාන ගමන් හිටියා..ටේහියුන් එද්දිම ජෝ නැගිට්ටෙ ටේහියුන් ව මග ඇරලා යන්න උනත් ටේහියුන් තමන්ගෙ පහලොස් හැවිදිරි පිරිමි ලමයගෙ වැලමිටෙන් අල්ලලා නතර කරා..

"මං ඔයාට ජෙලි බීන්ස් ගෙනාවා...

ජෝ තමන්ගෙ තාත්තා දිහා බලන් හිටියා..

"මං අන්තිමට ජෙලි බීන්ස් කපු දවස මට මතක නෑ තාත්තා..මොකද අපි තුන්දෙනා ට බඩගින්නට බඩ පුරෝගන්න තිබ්බා මිසක් ආසා දේවල් කන්න පුලුවන් වුනෙ නෑ...

ටේහියුන් ගෙ අත ගසා දාලා ජෝ යද්දි ටේහියුන් ගෙ ඇස් වල කදුලු පිරුනා..එයාගෙ පුතා කියපු දේවල් ටේහියුන් ට නොතේරුනත් ජෝ ඒ විදියට ගියපු එක ටේහියුන් ව රිද්දුවා..ඉස්සරහ ජෝ ටේහියුන් ගෙ කකුල දිගෙ උඩට නැගලා කම්මුල හපනවා..එයාගෙ කිරිදත් වලින්..සමහරවිට ජෝ ටේහියුන් ගෙ උරහිස ලගට උස නිසා ජෝ වෙනස් වෙලාද...

𝑳𝒐𝒔𝒕 𝒊𝒏 𝒃𝒍𝒖𝒆 𝒗𝒂𝒍𝒍𝒆𝒚 Where stories live. Discover now