ඔහු ඇතීනා නැතුව පාලුවෙන්!

100 31 12
                                    

"ඉසබෙල් මං හොදින්....

ජන්කුක් හිමින් ඉසබෙල් ගෙ ඔලුව අතගාද්දි ඉසබෙල් තව ටිකක් ජන්කුක් ව පොඩි කරා..ටේහියුන් අඩි හප්පලා ඇතුලට ගියත් හරි ජෝ ෆේයිත් තාමත් හිටපු තැන් වලට වෙලා ගල් ගිලලා ජන්කුක් දිහා බලද්දි ඉසබෙල් විතරක් ජන්කුක් ට තුරුල් වෙලා අඩන ගමන් හිටියා...

"තාත්තා වෙනුවෙන් මට සමාවෙන්න ජන්කුක් -ශී...

ජන්කුක් එයා ලගට එන ෆේයිත්ට හිනාවක් පාකරත් ජන්කුක් ගෙ හිනාව නැතිවෙලා ගියේ ආයෙම එලියට දිග පතරොම් තුවක්කුවකුත් අරන් එන ටේහියුන් ව දැකලා..

"තාත්තා...

ජෝ කෑගහගෙන පනින්න හැදුවත් ටේහියුන් ගෙ ඇස් වලින් ජො දිහා එකපාරක් බැලුවයිත් හරි ජෝ පස්සට උනා...

"මගෙ දරුවගෙන් ඈත් වෙලා මෙතනින් පලයන්....

ටේහියුන් ජන්කුක් පැත්තට තුවක්කුව දික් කරද්දි ජන්කුක් ඉසබෙල් ව හයියෙන් බදාගත්තේ ඉසබෙල් තවත් බය වෙන නිසා..

"කිව්වදේ අහලා පලයන්.....ඉසබෙල් එනවා මං ලගට....

ටේහියුන් ආයෙම කෑගහද්දි ජන්කුක් ට දැනුනා ඉසබෙල් එයාගෙ ඇදුම තදින් බදාගන්නවා...

"කරුනාකරලා...ප්‍රින්ස් ලියම්....ඔයා දරුවව බයකරනවා...

"උබ කටවහගනින්....ෆේයිත් නංගිව ගනින්....උබ මෙතනින් පලයන්....

ටේහියුන් පිස්සෙක් වගේ කෑගහද්දි ජන්කුක් හිටියෙ කේන්තියෙන් ....

මොකද ඉසබෙල් හොදටම බයවෙලා..ෆේයිත් අඩනවා..ජෝ කේන්තියෙන් රතුවෙලා...තාත්තා කෙනෙක් ට තියෙන්න ඕනි ප්‍රතිරූපෙ ප්‍රින්ස් ලියම් නැති කරගෙන තියන විදිහ ජන්කුක් කලකිරීමෙන් බලන් හිටියා.

"බෙලා...මං යන්නම්...යන්න අක්කා ලගට..

ජන්කුක් ඉසබෙල් ව එයාගෙ ඇගෙන් ඈත් කරද්දි ඉසබෙල් ජන්කුක් ගෙ ඇගිල්ලක් අල්ලගෙන ඉදලා එකපාරක් ටේහියුන් දිහා බලලා ෆේයිත් ව බදාගත්තා ...ජන්කුක් ජො දිහාත් ෆෙයිත් දිහත් එකපාරක් බලලා විලෝ ගස් වලින් අදුරුවෙලා තියන රොස්වෙල් මන්දිරෙ ප්‍රධාන පාරට හැරුනා..

𝑳𝒐𝒔𝒕 𝒊𝒏 𝒃𝒍𝒖𝒆 𝒗𝒂𝒍𝒍𝒆𝒚 Where stories live. Discover now