Chapter 03

287 53 6
                                    

මමයි ජිමිනියි කැන්ටින් එකට ගිහින් එතන හිටිය අංකල්ට කතා කලා..

තියෙන කෑම ජාති අහලා ජිමිනි

" තෝසෙ ගමු..හුග දවසකින්නෙ"

කියල ජිමිනි කිව්වා..

" හා ඒවා ගමු.."

" අංකල් අපිට තෝසෙ දෙන්න"

කියල කිව්වම අංකලා හා කියල පිගන් දෙකකට තෝසෙ හතර හතර දාලා හොදිත් දීසියටක දාලා දුන්නා..

කට්ටිය ඉදගෙන කනවා..

ඉඩත් නෑ..

" ටේ අර අතනට යමු"

ජිමින් පෙන්නුවේ කෙලවරේම තියෙන මේසයක්..

එතන පුටු පහක් හිස්

ජිමිනි මගෙ අතින් ඇදගෙන එතනට ගිහින් ඉදගත්තා.

ජිමින් මමයි තෝසෙ කකා ඉන්නකොට ඉස්සරහ තිබුන පුටුව ඇදල කව්රරහරි වාඩි වෙනවා දැක්කා මම

ඔලුව ටිකක් උස්සල බැලුවමයි දැක්කේ ඒ වෙන කව්රුත් නෙවෙයි ජන්කුක් හියුන්ල⁣ කියලා..

එයා ඒ වෙනකොට මම දිහා බලාගෙන..

ලැජ්ජ හිතුනා මට..

වෙන මුකුත් නෙමෙයි..මගෙ කටේ කෑම පිරිලා..කම්මුල් පිම්බිලා

මම ඉතින් ලාවට හිනා වෙලා ආයෙ හිමීට කන්න ගත්තා..

එ වෙනකොටත් ජන්කුක් මගෙ දිහා බලන්..

ටිකකින් එයාගෙ යාලුවො ආවා බත් පාර්සල් තුනක් උස්සගෙන..

එකක් ජන්කුක්ට දීලා අනිත් දෙක එයාල දෙන්න අරගෙන දිගඇරන් කන්න පටන් ගත්තා..

ජන්කුක් හිමිට බත් එක දිග ඇරගෙන කන්න ගත්තා..

මම එයා දිහා බලන් කන්න ගත්⁣තා..

ඒත්.

"කැහ් කැහ්..කැහ්.."

උඩ බලන් කාලා හිරත් උනා මට..

" ටේ හිර කරගත්තා නේද..ආ මේ වතුර එක බොන්න"

ජිමිනි වතුර බෝතලේ අරගෙන මට දුන්නම මම හිමිට ඒක බිව්වා..

" මොකක්ද අව්ල මල්ලි"

අර උස කෙනා..හෝසොක්..ජිමිනාගෙන් අහනවා

" නැහ් අයියේ..මෙයා කෑම හිර කරගෙන "


ජිමිනි කිව්වම එයා

" අහා පරිස්සමෙන් කාපන් බං කන එක "

හැච හැච හැච තමයි

" ඒක තමයි "

ජිමිනි කියනවා..

මම එයාල දිහා බලන් හිටියෙ තවමත් කදුලු එන ඇස් වලින්.

වතුර එක බිව්වට තවම කැස්ස එනවා..කැහැලා උගුරත් රිදෙනවා මගේ..

" උබ කොහෙද යන්නේ.."

අර සුදුමැලි පූසෙක් වගෙ අයිය ඇහුවේ කකා හිටිය එකත් තියල නැගිටලා ඇතුලට යන ජන්කුක් අයියගෙන්

එයත් මුකුත් නොකිය ඇතුලට ගිහින් ආයෙ ආවා..

"ම්ම්"

මුකුත් නොකියා ඇවිත් මගෙ ඉස්සරහින් තිබ්බෙ ස්ටෝබෙරි කිරි ⁣බෝතලයක්..

" ත්..තෑන්ස් හියුන්ග් "

කියලා ජිමිනි ඒක මූඩිය ගලවල මගෙ අතට දුන්නා..

මමත් මුකුත් නොකිය ඒක බිව්වෙ පස්සේ තෑන්ස් කරනවා කියල හිතන්..







මමත් මුකුත් නොකිය ඒක බිව්වෙ පස්සේ තෑන්ස් කරනවා කියල හිතන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🤍💞𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑳𝒐𝒗𝒆💞🤍Where stories live. Discover now