Chapter 04

268 57 8
                                    

ඉන්ටවල් ඉවරවෙලා මමයි ජිමිනයි වොශ්රෑම් එක පැත්තෙ ගියෙ ජිමිනට මූන ටිකක් හෝදගන්න ඕන කිව්ව නිසා..

මම වොශ්රෑම් එකටත් ගිහින් මූනත් හොදගෙන පන්තියට ගියෙ දැන් තියෙන්නෙ ඉතිහාසය පීලියඩ් එක නිසා.. අද ඩබල් පීලියඩ්..එපා වෙනවා







1.30ට ඉස්කෝලෙ ඇරිලා ⁣ගාථා කියලා පෝලිමේ එලිටය ආවා..

ආහ් අමතක උනා..ජින් සර් ඇවිත් ජන්කුක් හියු⁣න්ගෙ පන්තියෙ අයට කිව්වා හෙට එහා පන්තිය හදාගන්න කියලා..

මමයි ජිමිනි ගේට් එක ලගට ආවම තමයි. දැක්කෙ ජිමිනිගෙ හියුන් බෝගම් හියුන් ගේට් එක ලග ඉන්නවා..

එයා ඇවිත් තියෙන්නෙ බයික් එකේ..

ඒ කිව්වේ එයාට තියෙන්නෙ ස්කූටි එකක්..

ජිමිනි ම⁣ටත් කියලා අතවනන් හියුන් ගාවට දුවලා ගියා..

"හ්ම්"

හුස්මක් අරගෙන ගල්ගෙඩි පටවල වගෙ තියෙන බෑග් එකත් උස්සගෙන හිමින් හිමින් ඉස්සරහට ඇවිදගෙන ආවා..

" එහ් එනවා යන්න "

පිටිපස්සෙන් කව්රැහරි කතා කරනවා ඇහුන නිසා මම හැරිලා බැලුවා..

" හියුන් "

ඒ ජන්කුක් හියුන්

" එනවා යන්න ගෙදරින් දාගෙන යන්නම්"

මම එයා දිහා ටිකක් වෙලා බලන් ඉදලා ආයෙ ඉස්සරහට ඇවිදගෙන ගියා..

එයා පස්සෙන් එනවා බයික් එක ස්ලෝ කරගෙන..










මම දැන් ඉන්නෙ ගේ ගාව..

ජන්කුක් හියුන් බයික් එකේ ගේ ගාවටම ආවා..

මම දන්නැ එයා මොන හේතුවකට මගෙ පස්සෙන් ගේ ගාවට ආවද කියන්න මම දන්නැ..

මම ගේ ඇතුලට ගියාට පස්සෙයි එයා හැරිලා යන්න ගියේ..

" ඕ ටේ ආවද අම්මගෙ පන"

අම්මා කුස්සියෙ ඉදන් ඇවිත් මගෙ බෑග් එක ගන්න ගමන් මගෙ කොන්ඩේ ඇවිස්සුවා..

" 😊 අම්මා බඩගිනි "

මම හිනාවෙලා කිව්වම අම්ම කුස්සියට ගියා..

මම කාමරේට ගිහින් ඇදුම් ⁣ගලවලා හෝදන්න දාලා ටවල් එකත් අරන් බාත්රෑම් එකට ගියෙ නාන්න..

නාලා ඇදුමකුත් දාගෙන පහලට ආවේ බත් කනින..

" අද කොහොමද "

අම්මා අහනවා.

" වරදක් නෑ අම්මා අද හොදයි"

කියලා කිව්වා මම

අම්මා බත් එක බෙදලා ගියෙ

" රෙදි වේලෙන්න දැම්මා අරගෙන එන්නම් "

කියලා..

මම බත් එක කන්න ගත්තා..

හාල්මැස්සො හොදි හදලා පපඩම් බැදලා සොසේජස් කරල් දෙකකුත් තියෙනවා..

විනාඩි පහ⁣ලවෙන් බත් එක කාලා අතත් හෝදගෙන ආයෙ කාමරේට ගියා..

ආහ් මගෙ පව්ල ගැන කියන්න බැරි උනා..

මගෙ පව්ලේ ඉන්නෙ හතරදෙනයි.

අම්මා අප්පා මම අක්කා..

අම්මගෙ නම කිම් යූරි

අප්පා කිම් දෝහ්‍යුන්..

අක්කා කිම් ටේෂි

අප්පා ඩොක්ටර් කෙනෙක්..

ඒ වගේම අම්මත් ඩොක්ටර් කෙනෙක්..

අක්කා කම්පැනි එකක ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරනවා..

මම තවම ඉගෙනගන්නවා..

අපේ අක්කට බෝයිෆෙන් කෙනෙක් ඉන්නවා..

නම නම්ජුන්..

එයා මාරම හොදයි..

එයා තමයි අක්කා වැඩ කරන කම්පැනි එකේ බොස්..

දෙන්නා සෙට් එතනින්ම තමයි.

ඔච්චර තමයි. විස්තර

මම ⁣කාමරේට ගිහින් පෝන් එක චාජ් වෙන්න ගහලා ටිකක් නිදාගන්න ඇදට පැන්නා...






ඔයාලා කතාව කියවනවනේ..ආදරෙයි ගොඩාක්💚
බායි

ආදරෙයි ගොඩාක්💚බායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🤍💞𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑳𝒐𝒗𝒆💞🤍Where stories live. Discover now