Chapter 05

272 52 4
                                    

මම ඇහැරෙනකොට 7.00 වෙලාව..
කලුවරත් වෙලා හොදටම..
ඇදෙන් බැහැලා ගිහින් මූනත් හෝදගෙන එහෙම්ම පහලට ගියා..

යනකොට අම්මා දොර ලග ඉදන් බලන් ඉන්නවා..

" අම්මා "

" අහ් තේහ්‍යුන් නැගිට්ටද"

" හී මට ගොඩක් නින්ද ගිහින් "

මම ඔලුවත් කසන ගමන් ගිහින් අම්මව බදාගෙන උරහිසෙන් ඔලුව තියාගත්තා..

"හ්ම් හ්ම්..අහ් මේසේ උඩ ඇති ඔයාගෙ කිරි එක ආ එතනම කෑම පෙට්ටියක රෝල්ස් දෙකක් ඇති එකක් අක්කට තියලා එකක් ගන්න"

" රෝල්ස් කොහෙන්ද අම්මා..අක්කා ආවේ නැද්ද.එතකොට අප්පා"

" රෝල්ස් අප්පා ගෙනාවේ..අක්ක එන්න තව රෑ වෙනවලු..අප්පා කඩේට ගියා.."


අහ් අප්පා ඇවිත්..අක්ක පරක්කු වෙනවලු..

මම

" හ්ම්"

කියාගෙන කුස්සියට ගිහින් කිරි එකත් අරගෙන රෝල්ස් එකත් අරගෙන ඇවිත් සැටියෙන් ඉදගෙන ටීවි එක දාගත්තා..

බලන්න දෙයක් තිබුනෙ නෑ..මම ඔය එක එක විකාර බලන්නැ..අනික අප්පා මට ඕවා තහනම් කරලා තියෙන්නේ..

එහෙම්ම චැනල් මාරැ කරනකොට සිංදු යන චැනල් එකක් හම්බුනා..

ඒ⁣ක තිබ්බා ඉතින්

විනාඩි දහයක් විතර යනකොට අප්පගෙ කාර් එක ගේට් ⁣එකෙන් ඇතුලට දානවා ඇහුනා..

අම්මාත් එලිය නිසා දුවලා ගියා මම අප්පගෙ කාර් එක ලගට..

" අහ් ඉලන්දාරියා..නැගිට්ටද"

අප්පා කාර් එක ඇතුලෙන් පාර්සල් තුනක් අරගෙන අම්ම අතට දෙන ගමන් මගෙ දිහා බලලා ඇහුවම මම දත් තිස් දෙකම සේල් දාලා වගෙ හිනා උනා..

අප්පා ගේ ඇතුලට ගියාම අම්මාත් ගියා..

මම මෙතන ⁣තියම නටන්නයැ

මමත් ඇතුලට දිව්වා..

" ඉතින් ඉතින් ටේ..කොහොමද වැඩ එහෙම ඉස්කෝලේ"

අප්පා සෝෆ එකෙන් ඉදගන්න ගමන් ඇහුවා..

" හොදයි අප්පා..වරදක් නෑ.."

කියල මම කිව්වෙ බිම බලන්..

අප්පා සැරයි..

ඒත් ඕනිම දෙයක් එයා එක්ක කතා කරන්න පුලුවන්..

එයාව කේන්ති ගස්සන වැඩකරන් තමයි. මම බයම..

" හරි හරි..දැන් ගිහින් කාලා ඉස්කෝලේ වැඩ එහෙම තියෙනවනම් කරන්න.."

අප්පා කිව්වම මම හා කියලා ඔලුව වනලා දුවගෙන ගියෙ කුස්සියට..

යද්දී අම්මා කෑම බෙදනවා..

" රයිස් "

මම අම්මගෙ උරහිස උඩින් එබිකම් කරනකොට අම්මා මට පිගානක් දික් කලේ

" ම්ම් මේක අප්පට දීලා එන්න "

කියලා..

මම ඒකත් අරගෙන වතුර වීදුරැවකුත් අරගෙන ඒක අප්පට දීලා ආයෙ කුස්සියට.

පාර්සල් දෙකක රයිස්..එකක පරාටා.

" අක්කා එනකොට ජුන් එක්ක කාලා එන්නම් කිව්වා..මේක ඔයා කන්න..රෑ වෙලා බඩගිනි හැදුනොත් කූඩෙ යට පරාටා ඇති අරං කන්න "

කියාගෙන එයාගෙ පිගානත් අරගෙන අම්මා සාලෙට..

මමත් වතුර වීදුරැවක් අරගෙන මගෙ පිගානත් අරං කාමරේට ගියා.

















මමත් වතුර වීදුරැවක් අරගෙන මගෙ පිගානත් අරං කාමරේට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🤍💞𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑳𝒐𝒗𝒆💞🤍Where stories live. Discover now