Chapter 06

265 56 9
                                    

පහුවදා උදේ අම්මා ඇවිත් ඇහැරැවේ ඉස්කෝලේ යන්න..

අද පරක්කු වෙලා..

අම්මට ඇහැරිලා නෑ..මොකද අද අප්පට ඩියුටි තියෙන්නෙ 2න් පස්සේ..

අද ඇහැරෙනකොට 6 යි..

ඉක්මනින් ඉක්මනින් ලැහැස්ති වෙලා බෑග් එකත් හදාගෙන පහලට දිව්වා මම..

" අම්මා මම යනවා..අප්පා බායි"

කියාගෙන ගෙදරින් එලියට අඩිය තියන්න හැදුවා විතරයි අප්පා ඇවිත් බෑග් එකෙන් අල්ලගත්තා..

" ආ මෙන්න..උදේට කෑවේ නෑනේ.කැන්ටිමෙන් මොනාහරි අරගෙන කන්න"

කියලා රැ.200ක් අතට දුන්නා..

මම

" හා අප්පා තැන්ක්‍යු"

කියලා දුවගෙන ආවා පාරට..

ගෙදරින් එනකොට 6.30යි..

ඉස්කෝලේට යනකොට 7.15වත් වෙයි..

මොනා කරන්නද

ගල්ගෙඩි පටවලාවගේ තියෙන බෑග් එකත් උස්සගෙන පුලුවන් තරම් හයියෙන් ඇවිද්දා..






කොහොමින් කෝමහරි 7.10 වෙනකෙටෙ මම ගේට් එක ගාව..

බෑග් එකත් පෙන්නලා හිමිට පන්තියට ගෑටුවා මම

පන්තියට ගියාම තමයි. දැකිකෙ අද ජිමිනා නෑ කියලා..

එන්නෑ කියලවත් කිව්වේ නෑ මූ

එතකොටයි මතක් උනේ උදේ පෝන් එක බැලුවේ නෑ නේද කියලා🥲

බෑග් එකත් තියලා මම ආවේ කැන්ටිමට

උදේ තේ එක බිව්වෙත් නෑනේ මම

තේ එකක් අරගෙන රෝල්ස් එකකුත් අරගත්තා..

අරගෙන ඒකත් කාලා තේ එකත් බීලා පන්තියට යනකොට පිට්ටනියෙ ලමයි සේරම පෝලිම් හැදෙනවා..

අද රැස්වීම නෙවෙයිනේ..

ඔහේ ඉතින් මමත් වැනි වැනි ගිහින් පෝලිමේ පලවෙනියටම හිටගත්තා..

හිකිස්...

අද ජීමින් නෑනේ..

නැත්නම් ඕක තමයි. පෝලිමේ පලවෙනියට ඉන්නෙ..

මමත් කොටයි කියන්නේ ජිමිනි තරම් තමයි. මමත් උස..

පන්තියේ පන්ති නායක උනාට කොටයි🤧

ලමයි ගාථා කියලා පාසල් ගීතෙත් කියල ඉවර උනාම අපේ පින්සිපල් සර් ආවා..

මහත තඩි බඩ ගොඩක් තියෙන කොට සර්..

අපි කියන්නෙ බඩතඩියා කියලා😅

එයා හැමෝගෙන්ම අවසර අරගෙන කතාව පටන් ගත්තා

" හරි අද හැමෝවම මෙතනට ගෙන්නුවේ දෙයක් දැනුම් දෙන්න... මේ පාර අලුත් ශිෂ්‍ය නායකයො තෝරනවා..ඉතින් කැමති අය එහෙම ඉන්නවනම් අද එයාලගෙ විස්තර දෙන්න..හෙට එනකොට එයාලගෙ සහතික පත් ටිකයි ප්‍රගථි වාර්තා පොතයි අරගෙන එන්න.. හෙට තමයි. අවසාන දවස"

කියලා තව ටිකක් කියල හැමෝටම පන්ති වලට යන්න කියල ගියා..

සර් ගියාම හැමෝම පන්ති වලට ගිහින් ඉදගත්තා.

මම හිමින් හිමින් පඩිපෙල නගින කොට පඩිපෙල උඩම හිටගෙන ජන්කුක් හියුන්..එයාගෙ යාලුවො දෙන්නත් එක්ක බිත්තියට හේත්තු වෙලා කයිය ගහනවා..


මමත් බිම බලාගෙන එතනින් යන්න ගිහින් ආයෙ නතර උනේ ජන්කුක් හියුන් කිව්ව කතාවට..


" අද උදේ පොඩි බටුඇටයක් උට වඩා ලොකු බෑග් එකකුත් එල්ලගෙන දුවනවා..ඉස්කොලෙ එන්න පරක්කු වෙලා😅"

ර්ර්ර් මේ ගොනා මම ගැනද කියවන්නේ..

ඒත් එයා කොයිවෙලාවෙද ඉස්කෝලේ ආවේ..

මට මොකද ඉතින්

මම එතන ඉදන් එයා දිහා බලාගෙනම හිටියා..

එයා එකපාර මගෙ දිහා බලලා කටකොනින් අමුතු හිනාවක් දාලා අහක බලාගත්තා..

මමත් ගස්සලා මගෙ පන්තියට ඇවිත් ඉදගත්තා..

මට පේනවා එආලා ඇවිත් අපේ පන්තිය ඉස්සරහා බැම්මට හේතුතු වෙලා මෙහෙ බල බල හෙන කතාවක..

මම දැක්කෙනැ වගෙ පොතක් අරගෙන කියවන්න ගත්තා..

මට වැඩක් නෑ..














කියන්න විශේෂ දෙයක් නෑ ඉතින්
අම් කතාව කොහොමද කියන්නකො..
බායි
ආදරෙයි හැමෝටම

බායිආදරෙයි හැමෝටම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🤍💞𝑺𝒄𝒉𝒐𝒐𝒍 𝑳𝒐𝒗𝒆💞🤍Where stories live. Discover now