හොර වැඩක් කොරලා අහුවුන හොරෙක් වගේ නොවෑ මේ ටිකේම මං උන්නේ.. දැන් දෙතුන් දාසකට උඩදි මං ලිද ලගදි කොරපු වැඩේ එක්ක ඒකාත් මාව මගෑරියා නොවෑ.. අපෙ අප්පේ එහෙමත් ලැජ්ජාවක්.. මටවත් නැතුවා ඒ තරමට...
කාව්‍ය එදා මගෙන් ඒකාගෙ හඩු ගැහුන තෙත සරම උදුරගෙන කෝමාරිකා පිත්තත් මගෙ ඇගේ ගහලා ඉස්සර වෙලා ගියා නොවැ මුකුත් නොකියම.. මං හිතුවා බනීවි කියලා එහෙම නැත්තං ඒකා වෙන විදිහට හරි මං කරපු දේට උත්තරයක් දේවි කියලා.. මොකද මගෙ හිතේ නොකීවට එහෙම බලාපොරොත්තුවක් තිබුනා නොවැ..
ඒත් කතාවක් වත් නැතුව ඉස්සර වෙලා ගියා මේ පුංචි හාමුවත් දාලා.. මං ඉතින් කැලේ කොලේ පනින එකා බව ඇත්ත.. ඒත් එකට ආපු එකාව දාලා යන එක හරිද මං අහන්නේ.. මොනවැයි කියලා කොරන්නද.. මං කොච්චර කතා කොරත් බැලුවෙ නෑ නොවෙ මේ පුක කලුවා...
" ස්...ස්... මොකෑ උබ දැක්කේ නෑ වගේ යන්නේ.. "
පහුවෙනිදාත් මේකා මං මිදුලේ ඉන්නවා දැකලා ආපහු හැරිලා ගියා.. කතා කොරාට බැලුවෙ නෑ.. දවල් කාරිය මූ අප්පච්චි එක්ක කාර් එකේ ගියා නොවැ කොහෙද දීපංකරේක.. ආවෙත් නෑ පහුවෙනිදා වෙනකන්.. මං මග බලාන උන්නේ...
" ඈහ් අම්මා... අප්පච්චිලා කොයි ගියෙ ?"
" නුවර.. අප්පච්චිගෙ වැඩකට.. "
අහ්.. උන් නුවර ගිහින්.. මාවත් දාලා.. කීවා නම් මාත් එනවා නොවැ බෝගම්බර වැවයි මාලිගාවයි බලන්න යන්න.. එහෙ හරී ලස්සනයිලු නොවැ.. රත්නපුරේ මැණිකක් වුන මං කවදාවත් නුවර ගිහින් නෑ නොවැ.. ආසාවෙන් උන්නේ කවදාහරි යන්න.. පුළුවන් වේවි ලොකු වුනාම.. එතකොට කාව්‍ය ත් දිගටම ඉදීද මං එක්ක...හ්ම්ම්...
" අපරාදේ මටත් කීවා නම් මාත් යනවා.. මාත් ආසයි නොවැ.. "
" උබ කොහෙ යන්නයි සිහිලැල්.. ලබන සතියෙ කොළඹ යන්න ලක ලෑස්ති වෙයන්.. "
අපෝ.. ඒක අමතක වෙලා නොවැ තිබ්බේ.. ප්‍රතිඵල හොද නිසා මාව කොළඹ ලොකු ඉස්කෝලෙකට දානවාලු.. යන්න තියෙන්නෙත් අප්පච්චිගෙ යාලුවෙක්ගෙ ගෙදර ඉදන්.. ඔව්වා තමා එපාම වෙන වැඩ.. ඒත් ඉතින් මක්කා කොරන්නද.. මට පුළුවන්යෑ ලොකු මිනිස්සු එක්ක රණ්ඩු අල්ලන්න...