18 කොටහා

1.9K 362 35
                                    


ඉවසන්ටම බැරුව ගියා නොවැ ඒ අජූත කතාව.. දෙවනි වතාවටයි මං අකලංකයාගෙ කන් අඩි රත් කොරේ.. එදා වගේ ඌ ඉවසුවෙ නැතුවා.. මගෙ අම්මා ඉන්නවද කියලා නොබලා ඌ අත දිගෑරලා මට දෙන්න හදද්දි මගෙ ඇස් වැහිලා ගියා..

චටස්...

මාව පැත්තකට තල්ලු වෙද්දි සද්දයක් ආවා විතරයි.. ඇස් ඇරලා බලද්දි මාව වහන් කොරන් පවුරක් වගේ හිටන් උන්නේ මගෙ කාව්‍ය.. ඒකාගෙ කම්මුල අකලංකයාගෙ අල්ලට රත් වෙලා ගොහින් තියනවා දකිද්දි මට ඉවසුම් නැතුව ගියා.. ඒකා මට පාර වදින්න දුන්නෑ තමා ඒ වෙනුවට අර වේස මිනිහාගෙන් ගුටි කෑවා.. මං වෙනුවෙන්.

" උබ කොහොමැයි කාව්‍යට ගැහුවෙ අහ් ? උබ කොහොමැයි අපේ වලව්වේ මිනිස්සුන්ට අත තියන්නේ ?! දැනගනින් අකලංක උබ දගලනවා හොදටෝම වැඩියි !!! "

" තෝ මොකටද බොල මැදට පැන්නේ අහ් !! "

මං අකලංකයාට ඇගිල්ල උරුක් කරලා කෑගහද්දි අකලංක කේන්තියෙන් දත්මිටි කන ගමන් කාව්‍යගෙ කමිස කරෙන් ඇදලා අරන් පැත්තකට තල්ලු කොරලා දැම්මා. අපේ අම්මා සද්ද නැතුවා.. ඇස්ලොකු කොරන් අපි දිහා බයවෙලා වගේ බලාගෙන උන්නා.. වෙන මොනවා කියලා කොරන්ඩද කොහොමත් සේරම ප්‍රශ්න දිග්ගස්සලා තියෙන්නෙ උන්දැ තමා මේ සක්කිලියෙක් ලොකු කරගෙන..

" තාමත් මේ වලව්ව මගෙ ! අම්මා කීවට උබට ලියලා නෑ නොවැ.. උබට ළමයෙක් උන්නා කියලා වලව්ව දෙන්න කියලා නියමයක් නෑ.. මේ වලව්ව බණ්ඩාර වලව්වේ උරුමය මිසක් වෙන උන්ට අයිති නැතුවා !!! "

" සිහිලැල් අහන්ඩ්- "

" නවත්තගන්ඩ අපේ අම්මා.. මේ ගෙදර තව එක පිරිමි පරාණයක් ජීවත් වෙනවා කියලා මතක තියාගත්තොත් හොදා ! සිහිලැල් තාම මැරිලා නෑ මෙව්වා එක එකාට පිනට දෙන්ඩ තනන්නේ "

මගෙන් එච්චර උස් හඩක් එච්චර රළු වචන අම්මා බලාපොරොත්තු නොවුනා වෙන්‍ට ඇති.. ඒකනෙහ් බයවෙලා වගේ මුකුත් නොකියා මගෙ කට දිහාම බලාගෙන උන්නේ.. කොහොමත් අප්පච්චි නැති වුනාට පස්සෙ මගෙ හිතට වගකීමක් දැනුනා මගෙ දේවල් මං රැකගන්ට ඕනා කියලා.

නිස්සාර ✔️Onde histórias criam vida. Descubra agora